පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් පවසන්නේ, "නොම්බර 37, පේද්‍රිස් පෙදෙස, කොල්ලුපිටිය නිවසේ දොරක එල්ලී ඔහු සියදිවි හානිකර ගෙන ඇති බවයි.
කපිල චන්ද්‍රසේන ඊයේ රාත්‍රී නවාතැන්ගෙන ඇත්තේ ඔහුගේ මස්සිනා වන හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද සිල්වාගේ නිවසේ ය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 2 ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වන නඩුවට අදාළව කපිල චන්ද්‍රසේන ඇප ලබා මුදාහැරිය ද ඇපකරුවන්ගේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් අධිකරණයේ විශ්වාසය කැඩූ බවට චෝදනා එල්ල වී ඔහුව යළි අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය ඊයේ (7) නියෝගයක් නිකුත් කළේය.
'අද උසාවියට බාරවෙන්න හිටියේ'
අධිකරණය එසේ ලබාදුන් නියෝගයට අනුව අද (මැයි 08) වැනිදා අධිකරණයට මෝසමක් මාර්ගයෙන් ඔහුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබු බව කපිල චන්ද්‍රසේන වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයෙකු මාධ්‍යවෙත පවසා ඇත.
"අපි අද මෝෂන් එකක් දාන්න හිටියා එයාව සරෙන්ඩර් කරන්න. ඒ මෝෂන් එක දාලා එයා උසාවියට එන්න හිටියේ. ඒ ඉන්න අතරෙයි ඕක දැන ගත්තේ. අපිට ඩොකියුමන්ට්ලි ඔප්පු කරන්න බැහැ මෝෂන් එකක් දානවා කියන එක. මොකද අපි ඒක දාන්නේ උදේ 10.00ට ඉස්සර වෙලානේ. හැබැයි දාන්න හිටියේ කියලා අපි දන්නවා. සිද්ධිය වෙලා තියන තැන අපේ තව ලෝයර් කෙනෙක් ගිහින් ඉන්නවා. සමහර විට එයත් කටඋත්තර දෙයි. එයාව උසාවියට සරෙන්ඩර් කරන්න හිටියේ කියලා." එම නීතිඥවරයා වැඩි දුරටත් කියා සිටියි.
සබැඳි පුවත් :
SriLankan හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සියදිවි නසාගනී !
Sri Lankan හිටපු CEO කපිලට ඇප තියන්න ආ දෙදෙනෙකු අත්අඩංගුවට
බලහත්කාරයෙන් ගත් කටඋත්තරයක්ද? කපිල චන්ද්‍රසේනගේ ආන්දෝලනාත්මක දිවුරුම් ප්‍රකාශය සහ අල්ලස් කොමිසමේ මාධ්‍ය මෙහෙයුම පිටුපස ඇති කතාව




