මාධ්‍යවේදී රේඛා නිලුක්ෂි 2025 නොවැම්බර් 20 යොමු කළ තොරතුරු ඉල්ලුම් පත්‍රයට පිළිතුරු සපයමින් 2026 ජනවාරි 09 රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ තොරතුරු නිලධාරි හිරන්සා කළුතන්ත්‍රි එම නිවාසවල පදිංචි වී සිටින නියෝජ්‍ය ඇමතිවරුන්ගේ තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ. තොරතුරු ප්‍රතික්ෂේප කිරීමට හේතුව ලෙස දක්වා ඇත්තේ 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනතේ 5 (1) (2) උපවගන්තියේ විධවිධානවලට යටත්ව එහි (අ) වගන්තිය යටතට එම ඉල්ලීම අයත් නිසා බවය.
එම තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත 2026 පෙබරවාරි 09 අභියාචනයක්ද යොමු කර ඇති නමුත් මේ දක්වා ප්‍රතිචාරයක් නොමැත.




