The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

කපිල චන්ද්‍රසේනගේ මරණය සිදුව ඇත්තේ අරවින්ද සිල්වාගේ නිවසේ - පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරයි

T

The Leader Desk

May 8, 2026 • 8:50 AM

කපිල චන්ද්‍රසේනගේ මරණය සිදුව ඇත්තේ අරවින්ද සිල්වාගේ නිවසේ  - පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොළඹ 03, කොල්ලුපිටිය, පේද්‍රිස් පාර, අංක 37 ලිපිනයේ පිහිටි නිවසක තිබී අද (08) උදෑසන කපිල චන්ද්‍රසේන මහතාගේ මළ සිරුර පොලීසිය විසින් සොයා ගැණිනි.
  • මෙම මරණය සියදිවි නසා ගැනීමක් ද, නැතහොත් යම් සාහසික ක්‍රියාවකින් සිදු කරන ලද මරණයක්ද යන්නට අනාවරණය කර ගැනීම සදහා විමර්ෂනයක් සිදු කරන අතර එකී විමර්ෂන කටයුතු සදහා මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍ය බව පොලිසිය පවසයි.
  • සබැඳි පුවත් : SriLankan හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සියදිවි නසාගනී !
  • කපිල චන්ද්‍රසේනගේ ආන්දෝලනාත්මක දිවුරුම් ප්‍රකාශය සහ අල්ලස් කොමිසමේ මාධ්‍ය මෙහෙයුම පිටුපස ඇති කතාව.
අකුරු ප්‍රමාණය (Font Size):


කොළඹ 03, කොල්ලුපිටිය, පේද්‍රිස් පාර, අංක 37  ලිපිනයේ පිහිටි නිවසක තිබී අද (08) උදෑසන කපිල චන්ද්‍රසේන මහතාගේ මළ සිරුර පොලීසිය විසින් සොයා ගැණිනි.

මෙම නිවස හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා ගේ නිවස යි

මෙම නිවසේ දෙවැනි මහලේ කාමරයක් තුල මෙම මරණය සිදුව ඇති අතර එම කාමරයේ ඇතුලින් පිහිටා ඇති නාන කාමරයට ඇතුලු වන දොරෙහි පටියක් සිරකර ඇති ආකාරයක් දක්නට ඇති අතර, දොර අසල පුටුවක් ඇති අතර මරණකරු බිම ඉදගෙන පුටුව මත හිස තබාගෙන සිටින ආකාරයෙන් නිරීක්ෂනය වෙන අතර මරණකරුගේ ගෙලෙහි කැඩී වෙන්වී ඇති පටියක් ඇති අතර එය දොරෙහි හිරකර ඇති පටියේ කොටසක් බවට නිරීක්ෂණය වන බව පොලිස් 'බී' වාර්තාවේ සඳහන් වේ.

WhatsApp Image 2026 05 08 at 14.07.06
මරණකරු අංක 196433810075 දරණ ජාතික හැදුනුම්පත හිමි අංක 71/04, ඛාන්ස් පෙදෙස, කොළඹ 07 ලිපිනයේ පදිංචි කපිල චන්ද්‍රෙස්න යන අය බවට හදුනාගනු ලැබූ බවද පොලිස් බී වාර්තාවේ දැක්වේ

අපරාධ ස්ථානය අධිකරණ වෛද්‍ය කාර්යාලයේ නිළධාරීන්, ඇගිලි සටහන් කාර්යාලයේ නිළධාරීන් හා අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ නිළධාරීන් කැදවා පරීක්ෂා කිරීමට කටයුතු කර ඇති අතර පොලිස් නිළ සුනඛ කොට්ඨාශයේ නිල සුනඛයන් ගෙන්වා පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතින අතර මෙම මරණය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන සදහා සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ සටහන් කරමින් පවතින බවද පොලිසිය අධිකරණයට දැනුම් දී තිබේ.

 

මෙම මරණය සියදිවි නසා ගැනීමක් ද, නැතහොත් යම් සාහසික ක්‍රියාවකින් සිදු කරන ලද මරණයක්ද යන්නට අනාවරණය කර ගැනීම සදහා විමර්ෂනයක් සිදු කරන අතර එකී විමර්ෂන කටයුතු සදහා මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍ය බව පොලිසිය පවසයි.

 

මේ වන විට මෘත ශරීරය ඇති අංක 37, පේදිරිස් පාර, කොළඹ 03 ලිපිනයේ ස්ථාන පරීක්ෂාවක් සිදු කර මෘත ශරීරය සම්බන්ධයෙන් වෛද්‍ය මණ්ඩලයක් ඉදිරියේදී පශ්චාත් මරණ පරීක්ෂනයක් සිදු කර මරණයට හේතුව ගරු අධිකරණයට වාර්ථා කිරීමටත්, පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය සම්බන්ධයෙන් අවසන් කටයුතු සිදු කිරීමට මරණකරුගේ බිරිඳ වන අංක අංක 71/04, ඛාන්ස් පෙදෙස, කොළඹ 07 ලිපිනයේ පදිංචි ප්‍රියංගි අනුෂ්කා විජේනායක යන අයට මුදවා හැරීමට නියෝගයක් නිකුත් කරන මෙන් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.


සබැඳි පුවත් :

SriLankan හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සියදිවි නසාගනී !

Sri Lankan හිටපු CEO කපිලට ඇප තියන්න ආ දෙදෙනෙකු අත්අඩංගුවට

බලහත්කාරයෙන් ගත් කටඋත්තරයක්ද? කපිල චන්ද්‍රසේනගේ ආන්දෝලනාත්මක දිවුරුම් ප්‍රකාශය සහ අල්ලස් කොමිසමේ මාධ්‍ය මෙහෙයුම පිටුපස ඇති කතාව

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කපිල චන්ද්‍රසේනගේ මරණය සිදුව ඇත්තේ අරවින්ද සිල්වාගේ නිවසේ - පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරයි | The Leader