පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
එමෙන්ම කපිල චන්ද්‍රසේන ට ඇප ලබාදීමට පැමිණි පුද්ගලයින් සම්බන්ධයෙන් ද සැකයක් පවතින බව සාගර කාරියවසම් කීය.
ඇපකරුවන්ව ශ්‍රීලන්කන් හිටපු ප්‍රධාන විධායක නිලධාරියට හඳුන්වා දෙනු ලැබුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් විසින් ද යන්න අධිකරණය විමර්ශනයක් කළ යුතු බවට මහලේකම්වරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
"කපිල චන්ද්‍රසේන කියන පුද්ගලයාව ඇප මත මුදාහැර තිබෙනවා. නමුත් ඇප මත මුදාහැරියාට පස්සේ, ඊයේ (07) දිනයේ අධිකරණයෙන් නියෝගයක් නිකුත් කරලා තියෙනවා, ඔහුව අත්අඩංගුවට ගන්න. නඩුව අවසන්වන තෙක් ඔහුව රිමාන්ඩ් භාරයේ තබාගන්න ඉල්ලීමක් කරලා තියෙනවා කියලා ආරංචියක් තියෙනවා. ඒ කියන්නේ අවුරුදු පහක් හයක් රිමාන්ඩ් බන්ධනාගාරයේ තැබීමක් වෙන්න පුළුවන්. මොකද මේ නඩු කවදා ඉවර වෙනවාද කියලා අපි දෙන්නේ නැහැ.
මේක ඇපකරුවන් සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා කියනවා. අපි හොයලා බැලුවා, කපිල චන්ද්‍රසේන කියන පුද්ගලයාට ඇප ලැබෙන්නේ රිමාන්ඩ් භාරයේ ඉද්දී. මේ ඇපකරුවන් දෙදෙනා කවුද හොයා දුන්නේ කවුද කියන කාරණය. මොවුන් බොරු ඇපකරුවන් කියලා කියනවා. රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉද්දී ඇපකරුවන් හොයන්න බැහැ. එතකොට රිමාන්ඩ් බන්ධනාගාරයේ හිටිය පුද්ගලයාට මේ ඇපකරුවන් දෙදෙනා සොයා දුන්නේ, කවුද කියන කාරණය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන්න.
අපිට තියෙන ආරංචිය අනුව නම් ඇපකරුවන් දෙදෙනාවත් ලබාදීමත් මේ කාරණාවේම යම් කිසි කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්. ඒක නිසා මේ ඇපකරුවන් දෙදෙනා කපිල චන්ද්‍රසේනට ලබාදීම සම්බන්ධයෙන් අධිකරණයේ සී.සී.ටී.වී කැමරා තියෙනවා. ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන්න පුළුවන්. අධිකරණ පරිශ්‍රයේදී මෙම ඇපකරුවන් ලබා දුන්නේ කවුද? ඒකට මැදිහත් වුණේ බන්ධනාගාර නිලධාරින් ද.? නොඑසේ නම් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් ඒ පිටුපස හිටියා ද.? ඒ දෙන්නා මේ ආකාරයේ දෙන්නෙක් කියලා කොමිසම දැනගත්ත ආකාරය ගැන සමාජයේ ලොකු සැකයක් ඇති වෙලා තියෙනවා. ඒක නිසා අපි ගරු අධිකරණයෙන් ඉල්ලා සිටිනවා වහාම විමර්ශනයක් කරලා මේ ඇපකරුවන් දෙදෙනාව ලබා දුන්න ක්‍රමවේදය මොකක්ද කියලා."
'අද උසාවියට සරෙන්ඩර් කරන්න හිටියේ'
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන, කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසක දී මියගොස් සිටියදී අද (මැයි 08) හමුවිය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 2 ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එහි හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන ඉකුත් මැයි 06 වනදා ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළ අතර පසුව නැවත ඔහුව අත්අඩංගුවට ගන්නැයි ඊයේ (මැයි 07) නියෝග කර තිබිණි. ඒ අල්ලස් කොමිසම විසින් සිදුකළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි.
මේ අතර ශ්‍රී ලංකන් හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයෙකු කියා සිටියේ අධිකරණය ලබාදුන් නියෝගයට අනුව ඔහුව අද (මැයි 08) වැනිදා මෝසමක් මාර්ගයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබු බවය.
"අපි අද මෝෂන් එකක් දාන්න හිටියා එයාව සරෙන්ඩර් කරන්න. ඒ මෝෂන් එක දාලා එයා උසාවියට එන්න හිටියේ. ඒ ඉන්න අතරෙයි ඕක දැන ගත්තේ. අපිට ඩොකියුමන්ට්ලි ඔප්පු කරන්න බැහැ මෝෂන් එකක් දානවා කියන එක. මොකද අපි ඒක දාන්නේ උදේ 10.00ට ඉස්සර වෙලානේ. හැබැයි දාන්න හිටියේ කියලා අපි දන්නවා. සිද්ධිය වෙලා තියන තැන අපේ තව ලෝයර් කෙනෙක් ගිහින් ඉන්නවා. සමහර විට එයත් කටඋත්තර දෙයි. එයාව උසාවියට සරෙන්ඩර් කරන්න හිටියේ කියලා." යයි එම නීතිඥවරයා වැඩි දුරටත් සඳහන් කර ඇත.
සබැඳි පුවත් :
කපිල චන්ද්‍රසේනගේ මරණය සිදුව ඇත්තේ අරවින්ද සිල්වාගේ නිවසේ - පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරයි




