The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

බාලවයස්කාර දැරියක ලිංගික අපයෝජනයට ලක්කිරීමේ සිද්ධිය : අටමස්ථානාධිපති හිමියන් අත්අඩංගුවට ගන්නැයි නියෝගයක්

T

The Leader Desk

May 8, 2026 • 2:57 PM

බාලවයස්කාර දැරියක ලිංගික අපයෝජනයට ලක්කිරීමේ සිද්ධිය : අටමස්ථානාධිපති හිමියන් අත්අඩංගුවට ගන්නැයි නියෝගයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පල්ලේගම හේමරතන හිමියන් සහ දැරියගේ මව වහා ම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න නියෝග කර තිබේ.
  • ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අද (මැයි 8) සිදු කළ කරුණු දැක්වීමකින් පසු මහේස්ත්‍රාත්වරයා නිට්ටඹුව පොලිසියට මෙම නියෝගය නිකුත් කර තිබේ.
  • සැකකාර පල්ලේගම හේමරතන හිමියන් විදෙස්ගතවීම වළක්වාලමින් ආගමන විගමන පාලකවරයාට තහනම් නියෝගයක් ද එහිදී නිකුත් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

පල්ලේගම හේමරතන හිමියන් සහ දැරියගේ මව වහා ම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න නියෝග කර තිබේ.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අද (මැයි 8) සිදු කළ කරුණු දැක්වීමකින් පසු මහේස්ත්‍රාත්වරයා නිට්ටඹුව පොලිසියට මෙම නියෝගය නිකුත් කර තිබේ.

සැකකාර පල්ලේගම හේමරතන හිමියන් විදෙස්ගතවීම වළක්වාලමින් ආගමන විගමන පාලකවරයාට තහනම් නියෝගයක් ද එහිදී නිකුත් කර ඇත.

ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කළේ, හිමිනමක හා තවත් සැකකරුවන් දෙදෙනෙකු 15 හැවිරිදි බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික හිංසනයකට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින 22424/2026 බී දරන නඩුව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඉනෝකා රණසිංහගේ උපදෙස් මත එම අධිකාරියේ නීතිය බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ නීතීඥ සජිවනී අබේරත්න අධිකරණයට කළ කරුණු දැක්වීමක් සලකා බැලීමෙන් පසුව ය.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් ජාතික ළමාරක්ෂණ අධිකාරියේ නීතිය බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ නීතීඥ සජිවනී අබේරත්න පැවසුවේ, මෙම අපරාධයට සම්බන්ධ බවට සැකකෙරෙන පල්ලේගම හේමරතන නමැති හිමිනම මෙතෙක් අත්අඩංගුවට නොගත්තේ මන්දැයි ජාතික ළමාරක්ෂක අධිකාරිය අවස්ථා කිහිපයකදී ලිඛිතව සහ වාචිකව පොලිසියෙන් විමසීම් කළ බව ය.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බාලවයස්කාර දැරියක ලිංගික අපයෝජනයට ලක්කිරීමේ සිද්ධිය : අටමස්ථානාධිපති හිමියන් අත්අඩංගුවට ගන්නැයි නියෝගයක් | The Leader