The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

මුදල් කමිටුවෙන් මහ බැංකුවට දොස්

T

The Leader Desk

May 8, 2026 • 3:03 PM

මුදල් කමිටුවෙන් මහ බැංකුවට දොස්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අධ්‍යක්ෂ මණ්ඩලයේ විගණන කමිටුව හා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව අසමත් වූයේ ඇයි දැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව මහ බැංකු ප්‍රධානින්ගෙන් ප්‍රශ්න කර ඇත.
  • කාරක සභාව මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඉකුත් 05 වැනිදා රැස්විය.
  • වංචාව NDB බැංකුවේ කොටස් මිල පහත වැටීමට සහ ශ්‍රේණිගත කිරීම් අවප්‍රමාණය වීමට සෘජුවම බලපා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දුන්නේය.
  • බැංකුවල අභ්‍යන්තර පාලන පද්ධතිවල දුර්වලතා සහ විගණන කමිටුවල වගකීම පැහැර හැරීම සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.
අකුරු ප්‍රමාණය (Font Size):

අධ්‍යක්ෂ මණ්ඩලයේ විගණන කමිටුව හා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව අසමත් වූයේ ඇයි දැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව මහ බැංකු ප්‍රධානින්ගෙන් ප්‍රශ්න කර ඇත.  

කාරක සභාව මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඉකුත් 05 වැනිදා රැස්විය.

වංචාව NDB බැංකුවේ කොටස් මිල පහත වැටීමට සහ ශ්‍රේණිගත කිරීම් අවප්‍රමාණය වීමට සෘජුවම බලපා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දුන්නේය.

බැංකුවල අභ්‍යන්තර පාලන පද්ධතිවල දුර්වලතා සහ විගණන කමිටුවල වගකීම පැහැර හැරීම සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.

වංචනික ක්‍රියාවලිය සිදුවන කාලසීමාවේදී එවැනි අසාමාන්‍යතා පිළිබඳව කිසිදු කරුණක් මතු කර නොතිබූ බව ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීහු  කාරක සභාවට පැවැසූහ.

වංචාව සිදුවූ කාලසීමාවේ සිටි විගණන කමිටුව තවදුරටත් එම කටයුතුවල නිරත වීම මෙන්ම  ඔවුන්ම තමන් ගැනම  විමර්ශන  කිරීම ගැටලුකාරී තත්වයක් බව කාරක සභාව පෙන්වා දෙන ලදී. එමෙන්ම, බාහිර විගණන කටයුතුවල විනිවිදභාවය ඉහළ නැංවීමේ අවශ්‍යතාවයද කාරක සභාව අවධාරණය  කළේය


බැංකු විසින් අනුගමනය කරනු ලබන යල් පැනගිය ආරක්ෂක ප්‍රමිතීන් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, සියලුම බැංකු සඳහා පොදු වූ අවම තාක්ෂණික මට්ටමක් සහ නියාමන රාමුවක් පවත්වාගෙන යාමේ වැදගත්කමද  කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී.


ඉදිරියේදී මෙවැනි වංචා වැළැක්වීමත්, සමස්ත බැංකු ක්ෂේත්‍රයේම සුරක්ෂිතභාවය තහවුරු කිරීමත් සඳහා කෘතිම බුද්ධිය සහිත නවීන තාක්ෂණික පද්ධති හඳුන්වා දීමේ අවශ්‍යතාවද  සදහන් කෙරිණි.

වංචා කළමනාකරණය සඳහා නව තාක්ෂණික රෙගුලාසි පැනවීම පිළිබඳවද කාරක සභාව මහ බැංකු නිලධාරීන්ගෙන් විමසීය. බැංකුවල වංචා කළමනාකරණ පද්ධති  වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය රෙගුලාසි නිකුත් කිරීමට මහ බැංකුවේ අවධානය යොමු වී ඇති අතර, ඒ පිළිබඳව මේ වන විට සාකච්ඡා වෙමින් පවතින බව  නිලධාරීහු කාරක සභාවට දැන්වූහ.

| lankadeepa

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...