The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

කපිල මියයන්නට පෙරදා රෑ නීතිඥයන් සමග පැය ගාණක් නඩුව ගැන කතා කරලා

T

The Leader Desk

May 9, 2026 • 3:46 PM

කපිල මියයන්නට පෙරදා රෑ නීතිඥයන් සමග පැය ගාණක් නඩුව ගැන කතා කරලා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊයේ (08දා) දින උදෑසන කපිල චන්ද්‍රසේන මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණය වෙත භාරවීමට නියමිතව සිටි බවද අනාවරණය වී තිබේ.
  • ඊයේ උදෑසන කපිල චන්ද්‍රසේන මහතා නිදා සිටි කාමරය වසා දමා තිබූ නිසා නිවැසියන් දොර විවෘත කර බලද්දී එහි උළුවස්සේ ගමන් මල්ලක පටියකින් ගෙල වැලලාගෙන මියගොස් සිට ඇත.
  • ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතා විවාහ වී සිට ඇත්තේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගේ බිරිඳගේ නැගණිය සමගය.
  • ඒ මහතා සියදිවි හානි කරගෙන ඇත්තේද අරවින්ද ද සිල්වා මහතා පදිංචි වී සිටි කොල්ලුපිටියේ පිහිටි නිවසේ කාමරයක බවද පොලිසිය පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):
  • අවසන් වතාවට ඇමතුම් ලැබුණු අංක ගැනත් පරීක්‍ෂණ

  • භාරවෙන්නත් ඉඳලා

  • සැක කටයුතු යමක් ඇත්දැයි සොයන්න පොලිස් නිල සුනඛයන් යොදවයි


ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා මියයෑමට පෙර දින රාත්‍රියේ පැය ගණනක් තිස්සේ නීතිඥවරුන් සමග සිය නඩු කටයුත්ත සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිට ඇති බව පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත.

ඊයේ (08දා) දින උදෑසන කපිල චන්ද්‍රසේන මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණය වෙත භාරවීමට නියමිතව සිටි බවද අනාවරණය වී තිබේ.

ඊයේ උදෑසන කපිල චන්ද්‍රසේන මහතා නිදා සිටි කාමරය වසා දමා තිබූ නිසා නිවැසියන් දොර විවෘත කර බලද්දී එහි උළුවස්සේ ගමන් මල්ලක පටියකින් ගෙල වැලලාගෙන මියගොස් සිට ඇත.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතා විවාහ වී සිට ඇත්තේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගේ බිරිඳගේ නැගණිය සමගය.

ඒ මහතා සියදිවි හානි කරගෙන ඇත්තේද අරවින්ද ද සිල්වා මහතා පදිංචි වී සිටි කොල්ලුපිටියේ පිහිටි නිවසේ කාමරයක බවද පොලිසිය පවසයි.

ඉකුත් 2013 වර්ෂයේ දී ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා 14 ක් මිලදී ගැනීමේදී ඩොලර් මිලියන 2 ක අල්ලස් මුදලක් ලබා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කපිල චන්ද්‍රසේන මහතාට චෝදනා එල්ල වී තිබිණි.

මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කපිල චන්ද්‍රසේන ඉකුත් මාර්තු 12 වැනිදා අත්අඩංගුවට ගත් අතර පසුව ඔහු රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබිණි.

 

අල්ලස් කොමිසම විසින් කපිල චන්ද්‍රසේන මහතාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු කියා තිබුණේ ශ්‍රී ලන්කන් ගුවන් යානා මිලදීගත් දූෂිත ගනුදෙනුව හරහා ලැබුණු අල්ලස් මුදලින් කොටසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සහ හිටපු ඇමැති පියංකර ජයරත්න මහත්වරුන්ට ලබාදුන් බවයි.


එහෙත් පසුව අධිකරණය හමුවේ දිවුරුම් ප්‍රකාශයක් ලබාදෙමින් ඒ මහතා කියා සිටියේ එම ප්‍රකාශය අල්ලස් කොමිසම විසින් තමාට බලපෑම් කර ලබාගත් බවයි.

කෙසේ වෙතත් දින 54 කට ආසන්න කාලයක් තිස්සේ බන්ධනාගාරගතව සිටි කපිල චන්ද්‍රසේන මහතා පසුගිය 05 වැනිදා අධිකරණයෙන් ඇප ලබාගත්තේය.

එහිදී රුපියල් ලක්‍ෂ 5 ක මුදල් ඇප සහ රුපියල් කෝටියක ශරීර ඇප 2 ක් ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය. ඇපකරුවන් ළඟම ඥාතීන් විය යුතු බවට ද නියම කර තිබුණි.

ඒ අනුව කපිල චන්ද්‍රසේන වෙනුවෙන් පුද්ගලයන් දෙදෙනෙක් ඇප ලබාදීමට ඉදිරිපත් වූහ. එහෙත් පසුව හෙලි වූයේ එසේ ඇප ලබා දීමට ඉදිරිපත් වූ පුද්ගලයන් දෙදෙනා කපිල චන්ද්‍රසේනගේ පවුලේ සාමාජිකයන් නොවන බවත් ඔවුන් දෙදෙනා කුලී පදනම මත පැමිණි අලුත්කඩේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත්ය. ඒ අනුව ඇපකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් අතර පසුව ඔවුහු රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබූහ.

අල්ලස් කොමිසම අධිකරණය හමුවේ එහිදී කියා සිටියේ සැකකාර කපිල චන්ද්‍රසේන අධිකරණයේ විශ්වාසය කඩකර ඇති බවයි. රුපියල් ලක්‍ෂ 100 ක ශරීර ඇප දෙකක් සඳහා ඇපකරුවන් ලෙස ඉදිරිපත්ව සිටියේ රුපියල් 15,000 ක මුදලක් දී අළුත්කඩේ ප්‍රදේශයෙන් කුලී පදනම මත ලබාගත් පුද්ගලයන් බවත් කොමිසම කීවේය.

ඒ අනුව ඇප පනත යටතේ දූෂණ විරෝධී පනත උල්ලංඝනය කර ඇති බව අල්ලස් කොමිසම පෙන්වා දුන්නේය.


ඒ අනුව ව්‍යාජ ඇපකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමේ චෝදනාව යටතේ කපිල චන්ද්‍රසේන වහාම අත්අඩංගුවට ගෙන නඩු විභාගය අවසන් වනතුරු රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.


කපිල චන්ද්‍රසේන මහතා මෙසේ සියදිවි හානිකරගෙන තිබුණේ ඒ මහතා අත්අඩංගුවට ගැනීමට නියෝගයක් කර තිබූ පසුබිමකය.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන කපිල චන්ද්‍රසේන ශ්‍රී ලංකා ටෙලිකොම්, මිහින් එයා යන සමාගම්වල ඉහළ නිලතල දැරූ අයෙකි. මියගිය කපිල චන්ද්‍රසේන මහතාගේ මරණ පරීක්‍ෂණය ඊයේ පැවැත්වීමට නියමිතව තිබිණි.

කොල්ලුපිටිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.

මේ අතර කපිල චන්ද්‍රසේනගේ දුරකථන සහ පරිගණක යන්ත්‍ර පොලිස් භාරයට ගෙන ඇති අතර, ඒ මහතාට අවසන් වතාවට ඇමතුම් ලැබුණු අංක පිළිබඳව ද පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

( divaina | හේමන්ත රන්දුණු, නෝමන් පලිහවඩන)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කපිල මියයන්නට පෙරදා රෑ නීතිඥයන් සමග පැය ගාණක් නඩුව ගැන කතා කරලා | The Leader