The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

'මම දැරිය වෙනුවෙන්' - ඇමැතිනි පෝල්රාජ් කියයි

T

The Leader Desk

May 10, 2026 • 3:41 PM

'මම දැරිය වෙනුවෙන්' - ඇමැතිනි පෝල්රාජ් කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පෙනී සිටින්නේ යැයි කාන්තා හා ළමා කටයුතු ඇමැතිනි සරෝජා පෝල්රාජ් පැවසීය.
  • වාර්තා වන සෑම සිදුවීමක් සම්බන්ධයෙන්ම ස්වාධීනව ක්‍රියාත්මක වීමට අදාළ රාජ්‍ය ආයතනවලට ජාතික ජනබලවේග ආණ්ඩුව අවස්ථාව සලසා ඇතැයි ඇමැතිනිය අවධාරණය කළාය.
  • මෙම සිදුවීමේදී පොලිස් අපරාධ විමර්ශකයන් අවශ්‍ය වේගයෙන් ක්‍රියා කළේදැයි කළ විමසීමට පිළිතුරු වශයෙන් ඇය මේ බව පැවසුවාය.
  • මෙම සිදුවීමේදී තමා පෙනීසිටින්නේ පොලිසිය හෝ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් නොවන බව කී ඇය වින්දිත දැරියගේ උපරිම යහපත වෙනුවෙන් කැපවන බව අවධාරණය කළාය.
අකුරු ප්‍රමාණය (Font Size):

පෙනී සිටින්නේ යැයි කාන්තා හා ළමා කටයුතු ඇමැතිනි සරෝජා පෝල්රාජ් පැවසීය.

වාර්තා වන සෑම සිදුවීමක් සම්බන්ධයෙන්ම ස්වාධීනව ක්‍රියාත්මක වීමට අදාළ රාජ්‍ය ආයතනවලට ජාතික ජනබලවේග ආණ්ඩුව අවස්ථාව සලසා ඇතැයි ඇමැතිනිය අවධාරණය කළාය.

මෙම සිදුවීමේදී පොලිස් අපරාධ විමර්ශකයන් අවශ්‍ය වේගයෙන් ක්‍රියා කළේදැයි කළ විමසීමට පිළිතුරු වශයෙන් ඇය මේ බව පැවසුවාය.

මෙම සිදුවීමේදී තමා පෙනීසිටින්නේ පොලිසිය හෝ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් නොවන බව කී ඇය වින්දිත දැරියගේ උපරිම යහපත වෙනුවෙන් කැපවන බව අවධාරණය කළාය.

එහිදී ළමා ආරක්ෂක අධිකාරියට උපරිම මැදිහත්වීම කිරීමට අවශ්‍ය පසුබිම සකසා ඇතැයිද නීතිය ක්‍රියාත්මක කරන එම නිලධාරීන් ආරක්ෂා කිරීමට තමා පෙනී සිටින්නේ යැයි ද පෝල්රාජ් ඇමතිවරිය පැවසුවාය.

නීතිය ක්‍රියාත්මක කිරීමේදී බලපෑමක් කිරීමට කිසිදු පාර්ශ්වයකට ඉඩ නොදෙන බවට තමා සහතික වන්නේ යැයි ද විෂය භාර ඇමතිනිය වැඩිදුරටත් පැවසුවාය.



‘අපයෝජන සිද්ධියේ විමර්ශනයේදී දැරියට වෙනස් කොට සැලකීමක්’- රෝහිණි කවිරත්න
xfyrthgcfg
මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණි කවිරත්න පවසන්නේ, 15 හැවිරිදි බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනය කළ බව කියන සිද්ධියේ විමර්ශනවල පමාව දැරියට වූ වෙනස් කොට සැලකීමක් බවයි.

කිසිදු තැනැත්තකුගේ නිල ඇඳුම හෝ තනතුරක් මත නීතිය ක්‍රියාත්මක වන ආකාරයේ වෙනසක් විය යුතු නැතැයි ද මන්ත්‍රීවරිය කීවාය.

බාලවයස්කාර දැරියගේ සිදුවීමේ විමර්ශන ක්‍රියාවලිය ගැන කළ විමසීමේදී ඇය මේ බව කීවාය.

ළමා ආරක්ෂක අධිකාරිය වැනි ආයතන තවදුරටත් ශක්තිමත් විය යුතු බවට මෙය හොඳ උදාහරණයක් බව ද මන්ත්‍රීවරිය වැඩිදුරටත් පැවසුවාය.

15 හැවිරිදි බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික හිංසනයකට ලක් කළ බවට චෝදනා ලැබ සිටින අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි පසුගිය මැයි 8දා නවලෝක රෝහලේදී අත්අඩංගුවට ගනු ලැබූ අතර 12 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

( mawbima | බිඟුන් මේනක ගමගේ ) 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...