The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

මාධ්‍යවේදිනි සුලෝචනාගේ ඉරාන නාවික ප්‍රශ්නය පොලිස් කොමිසමට

T

The Leader Desk

May 10, 2026 • 3:42 PM

මාධ්‍යවේදිනි සුලෝචනාගේ ඉරාන නාවික ප්‍රශ්නය පොලිස් කොමිසමට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පොලිසියේ බාධා කිරීමට ලක් වී යැයි කියන සිදුවීම සම්බන්ධයෙන් තමා මානව හිමිකම් කොමිසමට කළ පැමිණිල්ල ජාතික පොලිස් කොමිසමට යොමු කර ඇතැයි 'සිලෝන් ටුඩේ' මාධ්‍යවේදිනි සුලෝචනා රාමයියා මොහාන් 'ද ලීඩර්' ට පැවසීය.
  • පොලිසීයේ යැයි කියූ පිරිසක් තම රාජකාරියට බාධා කළ බවට චෝදනා කරමින් ගාල්ල පොලිසියට ද තමා පැමිණිල්ලක් කළ බව මාධ්‍යවේදිනී සුලෝචනා රාමයියා මොහාන් කීය.
  • අදාළ නාවිකයන් මුණගැසී එම ස්ථානයේ සිටි ඉරාන තානාපති කාර්යාල නිලධාරිනියකගේ භාෂා පරිවර්තන සහායෙන් නිසියාකාරව තොරතුරු ලබාගනිමින් සිටි අවස්ථාවේ ඇය මෙම සිදුවීමට මුහුණ පෑ බවත් මෙම සිදුවීම හෙලා දකින බවත් කියමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එම අවස්ථාවේ නිවේදනයක් ද නිකුත් කළේය.
  • එහිදී රාජකාරියට බාධා කළ පොලිසියේ අයෙකු සහ ආරක්ෂක නිලධාරියකු තමාට අසභ්‍ය වචනයෙන් බැණ වැදුණු බව ද මාධ්‍යවේදිනිය පැවසුවාය.
අකුරු ප්‍රමාණය (Font Size):

පොලිසියේ බාධා කිරීමට ලක් වී යැයි කියන සිදුවීම සම්බන්ධයෙන් තමා මානව හිමිකම් කොමිසමට කළ පැමිණිල්ල ජාතික පොලිස් කොමිසමට යොමු කර ඇතැයි 'සිලෝන් ටුඩේ' මාධ්‍යවේදිනි සුලෝචනා රාමයියා මොහාන් 'ද ලීඩර්' ට පැවසීය.

ජාතික පොලිස් කොමිසමට මෙසේ යොමු කර ඇත්තේ ගාල්ල කරාපිටිය රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන ඉරාන ජාතික නැවියන් මුණගැසී තොරතුරු ලබාගනිමින් සිටියදී පොලිස් භාරයට ගැනීමෙන් මෙම තත්ත්වය සිදු වූ බව කියමින් මාධ්‍යවේදිනිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට කළ පැමිණිල්ලයි.

පොලිසීයේ යැයි කියූ පිරිසක් තම රාජකාරියට බාධා කළ බවට චෝදනා කරමින් ගාල්ල පොලිසියට ද තමා පැමිණිල්ලක් කළ බව මාධ්‍යවේදිනී සුලෝචනා රාමයියා මොහාන් කීය.


අදාළ නාවිකයන් මුණගැසී එම ස්ථානයේ සිටි ඉරාන තානාපති කාර්යාල නිලධාරිනියකගේ භාෂා පරිවර්තන සහායෙන් නිසියාකාරව තොරතුරු ලබාගනිමින් සිටි අවස්ථාවේ ඇය මෙම සිදුවීමට මුහුණ පෑ බවත් මෙම සිදුවීම හෙලා දකින බවත් කියමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එම අවස්ථාවේ නිවේදනයක් ද නිකුත් කළේය.


එහිදී රාජකාරියට බාධා කළ පොලිසියේ අයෙකු සහ ආරක්ෂක නිලධාරියකු තමාට අසභ්‍ය වචනයෙන් බැණ වැදුණු බව ද මාධ්‍යවේදිනිය පැවසුවාය.

පසුව මේ සම්බන්ධයෙන් තමා පොලිස්පතිවරයාට දුරකථනයෙන් දැනුම් දුන්නේ යැයි ද ගාල්ල පොලිසියට පැමිණිලි කළේ ඉන් අනතුරුව යැයි ද ඇය සඳහන් කළාය.

මාධ්‍යවේදිනී සුලෝචනා කළ පැමිණිල්ල සම්බන්ධයෙන් ඒ අවස්ථාවේ  ගාල්ල පොලීසියෙන් විමසූ විට සඳහන් කරන ලද්දේ එවැනි පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.

තමන් කළ  පැමිණිල්ලෙහි අංකයද ලබා නොදුන් බව සුලෝචනා පවසයි.

මෙම සිදුවීම නිදහසේ වෘත්තීය කටයුතුවල නියැලීමට මාධ්‍යයට ඇති අයිතියට බාධා කරමින් සිදු කළ අනවශ්‍ය පොලිස් මැදිහත්වීමක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කියයි.

මෙම සිදුවීම දැඩිව හෙළා දකින බවත් මේ ගැන වහාම පියවරක් ගන්නැයි පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.

(සටහන | ගිම්හාන් ද සිල්වා) 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...