The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

අයි.එස් ආධාරකරුවන් සිය ගණනක් : මහාචාර්ය රොහාන් ගුණරත්නගෙන් අනතුරු ඇඟවීමක්

T

The Leader Desk

May 10, 2026 • 3:44 PM

අයි.එස් ආධාරකරුවන් සිය ගණනක් : මහාචාර්ය රොහාන් ගුණරත්නගෙන් අනතුරු ඇඟවීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විශේෂඥයකු වන මහාචාර්ය රොහාන් ගුණරත්න පවසයි.
  • හිටපු අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ 2016 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයන් තිස් දෙදෙනෙකු සිරියාව බලා ගොස් ඇති බව පාර්ලිමේන්තුවේදී පැවසූ විට නොමග ගොස් සිටි මුස්ලිම් මන්ත්‍රීවරු ඔහුට පහර දුන් බවට රොහාන් ගුණරත්න චෝදනා කරයි.
  • එවක පැවති තර්ජනය භූමිය තුළ වර්ධනය වූයේ අන්තවාදීකරණයට විසඳුම් සෙවීමට මුස්ලිම් නායකත්වයක් නොතිබූ නිසා යැයිද මහාචාර්යවරයා අවධාරණය කර ඇත.
  • පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල 'පාස්කු ප්‍රහාරයේ මහ මුලකරු සොයා යාම' යනුවෙන් එළිදැක්වූ කෘතියේ පෙරවදනේ මේ බව ඔහු සඳහන් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

විශේෂඥයකු වන මහාචාර්ය රොහාන් ගුණරත්න පවසයි.

හිටපු අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ  2016 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයන් තිස් දෙදෙනෙකු සිරියාව බලා ගොස් ඇති බව පාර්ලිමේන්තුවේදී පැවසූ විට නොමග ගොස් සිටි මුස්ලිම් මන්ත්‍රීවරු ඔහුට පහර දුන් බවට රොහාන් ගුණරත්න චෝදනා කරයි.

එවක පැවති තර්ජනය භූමිය තුළ වර්ධනය වූයේ අන්තවාදීකරණයට විසඳුම් සෙවීමට මුස්ලිම් නායකත්වයක් නොතිබූ නිසා යැයිද මහාචාර්යවරයා අවධාරණය කර ඇත.

පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල 'පාස්කු ප්‍රහාරයේ මහ මුලකරු සොයා යාම' යනුවෙන් එළිදැක්වූ කෘතියේ පෙරවදනේ මේ බව ඔහු සඳහන් කර ඇත.


සිරියාව බලා ගිය මුස්ලිම්වරුන් තිස් දෙදෙනා ඉහළ අධ්‍යාපනයක් ලැබූ ප්‍රභූ පවුල්වල අය යැයිද එයින් පෙන්නුම් කළේ මුස්ලිම් අන්තවාදය තවදුරටත් සුළු තර්ජනයක් නොවන බව යැයිද ගුණරත්න එහි සඳහන් කර ඇත.


අද වන විට සත්‍යය පිළිගැනීමට සහ අත්අඩංගුවේ පසුවන ත්‍රස්තවාදීන් හා අන්තවාදීන් පුනරුත්ථාපනය කිරීමට මෙන්ම දැනට මුස්ලිම් සමාජයේ සිදුවන අන්තවාදීකරණය වැළැක්වීමට තීරණාත්මක පියවර ගැනීමට ශ්‍රී ලංකා ආණ්ඩුව බරපතළ ලෙස අපොහොසත් වී ඇතැයි ගුණරත්න චෝදනා කරයි.

මුස්ලිම් ප්‍රජා නායකයන් සමඟ එක්ව අන්තවාදීකරණය වැළැක්වීමේ සහ පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන් සකස් කිරීමට ආණ්ඩුව ක්‍රියා කර නැතැයි ද එබැවින් මෙම අන්තවාදී කරන චක්‍රය තවත් ප්‍රචණ්ඩකාරී රැල්ලකට මග පාදනු ඇතැයිද ඔහු පවසයි.

බලය අල්ලා ගැනීමට හා රැඳී සිටීමට කැමති දුෂ්ට දේශපාලකයෝද නිසි පුහුණුවක් නැති දුර්වල නිලධාරීහුද නැරඹුම් වැඩිකර ගැනීමට උත්සාහ කරන සදාචාර විරෝධී යූටියුබ් කරුවෝද අයිඑස් අන්තවාදීන්ට සුදු හුණු ගෑමට උත්සාහ කරන මුස්ලිම් අන්තවාදීහු ද සත්‍ය විකෘති කරමින් සිටිතැයි මහාචාර්ය රොහාන් ගුණරත්න එහි වැඩිදුරටත් අවධාරණය කර ඇත.

(සටහන | ගිම්හාන් ද සිල්වා) 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අයි.එස් ආධාරකරුවන් සිය ගණනක් : මහාචාර්ය රොහාන් ගුණරත්නගෙන් අනතුරු ඇඟවීමක් | The Leader