පවසයි.
ඒ අනුව විදුලි බිල අඩු හෝ වැඩි කියා වෙනසක් නැතැයි ද වැඩිවන පිරිවැය සියලු ජනයා අතරේ බෙදීමට ආණ්ඩුවට සිදුවන්නේ යැයි ද හිටපු මන්ත්‍රීවරයා පැවැසීය.
විදුලි බිල වැඩිවන්නේ තෙල්වලින් විදුලිය නිපදවීම නිසා යැයි ද විදුලි බිල පිළිබඳව ඇත්ත කතාව ආණ්ඩුව ජනයාට කිව යුතු යැයි ද ඔහු අවධාරණය කළේය.
ගල් අඟුරු බාලවීම නිසා එන බර පොදුවේ සියලු ජනතාවට නොදී ඉහළ කොටස්වලට පමණක් දරාගැනීමට සැලැස්වීම හිතලුවක් යැයි ද ඔහු කීය.
රටේ සියලු දෙනාට වැඩිවන පිරිවැයේ බර කර ගැසීමට සිදුවන්නේ යැයි කී හෙතෙම, බලාසිටිය යුත්තේ කතාව දෙස නොව ආණ්ඩුවේ ක්‍රියාව දෙස යැයි ද පැවැසීය.
විදුලි බිල අඩු කරන බව කියා බලයට පැමිණි ආණ්ඩුවට අත්වුණේ පුදුම ඉරණමක් යැයි ද වැඩිකිරීමට අවශ්‍ය පෙරහුරුව මහජන උපයෝගිතා කොමිසම හා ලංවිම උපමණ්ඩල සිදුකරමින් ඇතැයි ද හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරයා විදුලි පාරිභෝගිකයන්ට බිය නොවන්නැයි කීවත් විදුලි බිල වැඩිවීම අනිවාර්යක් බැවින් එය සැඟවිය නොහැකි යැයි ද ඔහු කීය.
කේක් ගෙඩියේ රස බැලීමට නම් කාලා බැලිය යුතු යැයි කියන්නා සේ විදුලි බිලේ සැබෑ රඟ දැනෙන්නේ ඉදිරියේදී යැයි ද නානායක්කාර වැඩිදුරටත් සඳහන් කළේය.
(සටහන | ගිම්හාන් ද සිල්වා)




