The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

බැඳුම්කර වංචාවක් ගැන හෙළිදරව් කළ නිරෝෂන්ට එරෙහිව ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නඩු මගට !

T

The Leader Desk

May 11, 2026 • 5:30 AM

බැඳුම්කර වංචාවක් ගැන හෙළිදරව් කළ නිරෝෂන්ට එරෙහිව ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නඩු මගට !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහුගේ එම ප්‍රකාශයට සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ප්‍රචාරයක් ලැබී තිබිණ.
  • නිරෝෂන් පාදුක්ක එම මාධ්‍ය හමුවකදී පෙන්වා දුන්නේ මෙම ක්‍රියාවලිය සැලසුම් සහගත මූල්‍ය අපරාධයක් බවයි.
  • නිරෝෂන් පාදුක්ක සඳහන් කල පරිදි, වෙළඳපොළේ පොලී අනුපාතය 10.12% සිට 10.15% දක්වා ඉහළ මට්ටමක පවතිද්දී, රක්ෂණ සංස්ථාව මෙම බැඳුම්කර මිලදී ගෙන ඇත්තේ 9.75% ක ඉතා අඩු පොලී අනුපාතයකටය.
  • රක්ෂණ හිමියන්ගේ රුපියල් මිලියන 16,000ක මුදල් යොදවා සිදු කළ මෙම ගනුදෙනුව හේතුවෙන් දැනටමත් සිදු වී ඇති පාඩුව රුපියල් ලක්ෂ 500 ඉක්මවන බව ඔහු සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව කිසිදු නිල අනුමැතියකින් තොරව, වෙළඳපොළ පොලී අනුපාතයට වඩා අඩු අනුපාතයකට භාණ්ඩාගාර බැඳුම්කර මිලියන 10,000ක් (බිලියන 10ක්) මිලදී ගැනීම හරහා රක්ෂණ හිමියන්ගේ මුදල් දැවැන්ත මූල්‍ය අවදානමකට ලක් කර ඇති බවට නිරෝෂන් පාදුක්ක පසුගියදා මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙනි. ඔහුගේ එම ප්‍රකාශයට සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ප්‍රචාරයක් ලැබී තිබිණ.

නිරෝෂන් පාදුක්ක එම මාධ්‍ය හමුවකදී පෙන්වා දුන්නේ මෙම ක්‍රියාවලිය සැලසුම් සහගත මූල්‍ය අපරාධයක් බවයි.

නිරෝෂන් පාදුක්ක සඳහන් කල පරිදි, වෙළඳපොළේ පොලී අනුපාතය 10.12% සිට 10.15% දක්වා ඉහළ මට්ටමක පවතිද්දී, රක්ෂණ සංස්ථාව මෙම බැඳුම්කර මිලදී ගෙන ඇත්තේ 9.75% ක ඉතා අඩු පොලී අනුපාතයකටය.

රක්ෂණ හිමියන්ගේ රුපියල් මිලියන 16,000ක මුදල් යොදවා සිදු කළ මෙම ගනුදෙනුව හේතුවෙන් දැනටමත් සිදු වී ඇති පාඩුව රුපියල් ලක්ෂ 500 ඉක්මවන බව ඔහු සඳහන් කළේය. ඉදිරි කාලය තුළ පොලී අනුපාත 11.5% දක්වා ඉහළ ගියහොත් රක්ෂණ සංස්ථාවට සිදු වන සමස්ත පාඩුව රුපියල් මිලියන 2000 (බිලියන 2) ඉක්මවනු ඇති බවට ඔහු අනතුරු ඇඟවීය.

 

මෙම මූල්‍ය අර්බුදයට ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම සෘජුව වගකිව යුතු බව නිරෝෂන් පාදුක්ක එම මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය.

 

මෙම ගනුදෙනුව පිටුපස සිටින්නේ රක්ෂණ සංස්ථාවේ අධ්‍යක්ෂවරයෙකු වන සෝමදාස පලියවඩන නැමැත්තෙකු බවත්, ඔහු රජයේ බැඳුම්කර ගනුදෙනු කරන පෞද්ගලික සමාගමක (ෂර්වුඩ් කැපිටල්) කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කිරීම බරපතල “ළබැඳියාවන් අතර ගැටුමක් (Conflict of Interest)” බවත් මෙහිදී හෙළි කළේය.

මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම සිය ධුරයට පත්වී දින හතක් ඇතුළත සිය හිතවතෙකු වන සෝමදාස පලියවඩන මෙම තනතුරට පත් කර ඇති බව ද නිරෝෂන් පාදුක්ක පැවසීය.

 

මෙම බැඳුම්කර මිලදී ගැනීම රක්ෂණ සංස්ථාවේ ආයෝජන කමිටුවේ හෝ අදාළ විෂය භාර නිලධාරීන්ගේ කිසිදු අනුමැතියකින් තොරව සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පවසූ නිරෝෂන් පාදුක්ක, නලින් සුබසිංහ සහ සියණි කුලසිංහ යන නිලධාරීන් දෙදෙනාගේ අනුමැතියෙන් පමණක් මෙම මහා පරිමාණ ගනුදෙනුව සිදු කර ඇති බවට චෝදනා කළේය.

 

මෙම අත්තනෝමතික ක්‍රියාවන් හමුවේ රක්ෂණ සංස්ථාවේ අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ඉල්ලා අස්වෙමින් සිටින බවත් පැවසු නිරෝෂන් පාදුක්ක, ඒ අතර ප්‍රධාන විධායක නිලධාරී චන්දන අලුත්ගම, සමාගම් ලේකම් ශිරෝමි කෝදාගොඩ, තොරතුරු නිලධාරී අශෝක ජයවර්ධන, ප්‍රධාන ව්‍යාපාරික නිලධාරී නාමලී සිල්වා ඇතුළු තවත් නිලධාරීන් රැසක් ද වන බව සඳහන් කළේය.

එසේම, වසර 18ක පමණ පළපුරුද්දක් අවශ්‍ය වන සමාගම් ලේකම් වැනි තනතුරු සඳහා මාස කිහිපයක අත්දැකීම් ඇති පුද්ගලයන් පත් කරමින් ආයතනයේ මූල්‍ය විනය පිරිහෙමින් පවතින බව ඔහු වැඩිදුරටත් පැවසීය.

 

රක්ෂණ සංස්ථාවේ වත්මන් සභාපති නුසිත් කුමාරතුංග, 'මාලිමාව' නියෝජනය කරමින් මහරගම නගර සභාවට තරඟ කළ අයෙකු බවත්, මෙවැනි අද්දැකීම් අඩු පිරිස් බිලියන ගණනක ලාභ ලැබූ ආයතනයක් විනාශ කරමින් සිටින බවත් ඔහු චෝදනා කළේය.

 

රක්ෂණ සංස්ථාව බංකොලොත් වීමට පෙර මෙම මූල්‍ය අපරාධය වහාම නතර කරන ලෙසත්, අල්ලස් කොමිසම සහ සී.අයි.ඩී. හරහා මේ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කරන ලෙසත් නිරෝෂන් පාදුක්ක එම මාධ්‍ය හමුවේදී රජයෙන් ඉල්ලා සිටියේය.


ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නිරෝෂාන්ගේ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරයි

2026 අප්‍රේල් 9 දින පැවැත්වූ මහා භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් (SLIC) විසින් කළ ආයෝජනය පිළිබඳව නිරෝෂන් පාදුක්ක මාධ්‍ය සාකච්ඡාවකදී හා සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරනු ලබන ප්‍රකාශ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයේ අවධානය යොමුව ඇත.

ඒ පිළිබඳව  'දිනමිණ' පුවත්පතේ පලවී ඇති වාර්තාවක මෙසේ සඳහන් වේ.

2026 අප්‍රේල් 6 දින, මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට අයත් රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය (Public Debt Management Office – PDMO) විසින් 2026 අප්‍රේල් 9 දින පැවැත්වීමට නියමිත මහා භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය පිළිබඳ මහජන නිවේදනයක් නිකුත් කර තිබුණි.

 

වෙන්දේසිය පැවැත්වීමට පෙර, එම වෙන්දේසියට සහභාගී වීමට අවශ්‍ය නිසි අනුමැතිය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් (SLIC) සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් Life (SLIC Life) ආයෝජන කමිටු වෙතින් ලබාගෙන තිබුණි. එබැවින්, නිල අනුමැතියකින් තොරව මෙම ආයෝජනය සිදු කළ බවට ඉදිරිපත් කරනු ලබන චෝදනා SLIC සහ SLIC Life විසින් දැඩිව ප්‍රතික්ෂේප කරයි.

 

තවද, මාධ්‍ය සාකච්ඡාවේ දී සහ සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කර ඇති පරිදි රුපියල් බිලියන 10ක් නොව, SLIC සහ SLIC Life විසින් ආයෝජනය කර ඇත්තේ සමස්ත වශයෙන් රුපියල් බිලියන 6ක් පමණි.

 
 එහිදී, 2030 ජූලි 1 දින ට කල්පිරීමට නියමිත මහා භාණ්ඩාගාර බැඳුම්කරයෙහි රුපියල් බිලියන 2ක් ආයෝජනය කර ඇති අතර, 2034 ජූනි 15 දින කල්පිරීමට නියමිත මහා භාණ්ඩාගාර බැඳුම්කරයෙහි රුපියල් බිලියන 3ක්ද, 2037 ජූලි 1 දින ට කල්පිරීමට නියමිත මහා භාණ්ඩාගාර බැඳුම්කරයෙහි රුපියල් බිලියන 1ක්ද ආයෝජනය කර ඇත.
 
 
වෙන්දේසිය සඳහා මහා බැඳුම්කර පොලී අනුපාත තීරණය කිරීමේදී, අදාළ කාලසීමාවන් සඳහා වෙන්දේසියට පෙර ද්විතීය වෙළඳපොළේ පවතින වෙළඳ අනුපාත සවිස්තරාත්මක ලෙස විශ්ලේෂණය කර ඇත.  SLIC සහ SLIC Life විසින් එම වෙළඳපොළ අනුපාතවලට වඩා ඉහළ අනුපාතවලින් ලංසු ඉදිරිපත් කරන ලද අතර සම්පූර්ණ දායකත්වය ලබා ගැනීමේ අරමුණින් සිදු කරන ලදී. ඒ අනුව, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් Life සමාගම් විසින් අක්‍රමිකතාවක් හෝ පූර්ව සැලසුම් කළ මූල්‍ය අනීතික ක්‍රියාවක්  සිදුව ඇති බවට කරන සියලු චෝදනා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් විසින් තරයේ  ප්‍රතික්ෂේප කරයි.
 
 
මෙම වෙන්දේසියට සහභාගී වීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පත් කරන ලද ප්‍රාථමික සුරැකුම්පත් ගනුදෙනුකාර ආයතන (Primary Dealer Institutions) පහක් මඟින් සිදු කරනු ලැබීය. එනම්, Commercial Bank of Ceylon PLC, HNB Securities Ltd, First Capital Treasuries PLC, Capital Alliance PLC සහ WealthTrust Securities PLC යන ආයතන වේ. වෙළඳපොළ සම්ප්‍රදාය අනුව කිසිදු ගාස්තුවක් අය නොකෙරිණි.

එබැවින්, මෙය මහා භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය හරහා රජය වෙත සෘජුව සිදු කළ ආයෝජනයකි. විශාල ආයතනික ආයෝජකයින් ලෙස, SLIC සහ SLIC Life සමාගම්, පෙර පරිදිම ප්‍රාථමික සුරැකුම්පත් ගනුදෙනුකාර ආයතන (Primary Dealer Institutions) මාර්ගයෙන් භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි සඳහා නිරන්තරයෙන් සහභාගී වී ඇත.
 
 
මාධ්‍ය සාකච්ඡාවේ දී සහ සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් වන පරිදි, SLIC හෝ SLIC Life විසින් 9.75% දරන අනුපාතයකින් කිසිදු ආයෝජනයක් සිදු කර නොමැත. 9.75% යනු 2030 ජූලි 1 දින ට කල්පිරීමට නියමිත මහා භාණ්ඩාගාර බැඳුම්කරයේ කූපන් පොලී අනුපාතය වන අතර, අප විසින් එම බැඳුම්කරයේ ආයෝජනය කර ඇත්තේ 9.75% ට වඩා ඉහළ ඵලදායීතා අනුපාත යටතේය. අදාළ බැඳුම්කරවල ගිණුම්කරණ මූලධර්ම ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතිය 9 (SLFRS 9) අනුව සිදු කරනු ලබන බැවින්, රුපියල් මිලියන 500 ක අලාභයක් දැනටමත් සිදුව ඇති බවට කරන ලද අසත්‍ය, නොමඟ යවන සහ ද්වේශසහගත චෝදනා SLIC සහ SLIC Life සමාගම් සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරයි.
 
 
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ ශ්‍රී ලංකා ඉන්සුවරන්ස් Life සමාගම් තම කළමනාකරණය යටතේ පවතින අරමුදල් ආරක්ෂා කිරීම සඳහා කැපවී සිටින අතර, අවශ්‍ය නිසි විමර්ශන ක්‍රියාවලීන් සහ අභ්‍යන්තර අනුමැති ක්‍රියාවලීන් අනුගමනය කරනු ලබන බව තහවුරු කරයි. මෙම ආයෝජනය සම්බන්ධයෙන් ප්‍රචාරය වන ප්‍රකාශ සහ චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය, නොමඟ යවන සහ ද්වේශසහගත බව SLIC නැවත අවධාරණය කරන අතරල එවැනි ප්‍රකාශ සහ චෝදනා සම්පූර්ණයෙන්ම දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින්, හෙළා දකියි.

මෙම අසත්‍ය ප්‍රකාශ මූල්‍ය වෙළෙඳපොළ පිළිබඳ මහජන විශ්වාසයට අහිතකර බලපෑමක් ඇති කළ හැකි බැවින්, එවැනි ප්‍රකාශ සහ චෝදනා ප්‍රචාරය කිරීම සඳහා වගකිව යුතු පාර්ශවයන්ට එරෙහිව සුදුසු නීතිමය ක්‍රියාමාර්ග ගනු ලැබේ.''

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...