ඒ අනුව සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු -මැද සහ නැගෙනහිර පළාත්වලත් කුරුණෑගල, මුලතිව්, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අද (11) පස්වරු 1:00න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව එම නිවේදනයේ සඳහන් වේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බව ය.
ගිගුරුම් සහිත වැසි සහ අකුණු ඇතිවන කාලවලදී මහජනතාවට ආරක්ෂිතව කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් නිකුත් කර තිබේ.
එම දෙපාර්තමේන්තුව පවසන්නේ අකුණු ඇතිවන අවස්ථාවලදී විවෘත ස්ථානවල රැඳී සිටීම ඉතා අවදානම් බවය.
විශේෂයෙන් කෙත්වතු, ක්‍රීඩා පිටි සහ උස ගස් අසල සහ විවෘත ප්‍රදේශවල සිටීමෙන් වැළකී සිටිය යුතු බවත්, හැකි සෑම අවස්ථාවකම ආරක්ෂිත ගොඩනැගිලි තුළට පිවිසිය යුතු වේ.
එමෙන්ම ගෘහස්ථව සිටින විට පවා විදුලි උපකරණ භාවිතය සම්බන්ධයෙන්ද අවධානය යොමු කළ යුතු අතර රූපවාහිනී, පරිගණක සහ ශීතකරණ වැනි උපකරණ විදුලි පේනුවෙන් ඉවත් කිරීම මගින් විදුලි තරංග හේතුවෙන් සිදුවිය හැකි හානි අවම කරගත හැකිය.
මහජනතාවට අකුණු සහ කාලගුණික අවදානම් සම්බන්ධ නවතම තොරතුරු ලබාගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 අංකය භාවිතා කළ හැකිය.
(සටහන | ගිම්හාන් ද සිල්වා)




