The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

මුලතිව් : පෙට්‍රල් බවුසරයක් පොලිස් ත්‍රීවීලයක හැපෙයි! - පොලිසිය බලා සිටියදී මැර ප්‍රහාරයක් !

T

The Leader Desk

May 11, 2026 • 12:35 PM

මුලතිව් : පෙට්‍රල් බවුසරයක් පොලිස් ත්‍රීවීලයක හැපෙයි!  - පොලිසිය බලා සිටියදී මැර ප්‍රහාරයක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැත.
  • අප වෙත වාර්තා වන පරිදි, අනතුර සිදුවූ වහාම එම ස්ථානයට කඩා වැදුණු ‘සුලක්ෂන්’ සහ ‘සත්තු අනෝසන්’ යන පුද්ගලයින් ප්‍රමුඛ මැර කල්ලියක්, කිසිවෙකුට තුවාල නොවූ බවුසර් රියදුරාට චණ්ඩිකම් පෙන්වමින් අමානුෂික ලෙස පහර දී ඇත.
  • පොලිසියේ ත්‍රීවීලයට හැප්පෙයි, පොලිසිය බලා සිටියි වඩාත්ම බරපතල හා හාස්‍යජනක කරුණ වන්නේ, බවුසරය ගැටී ඇත්තේ පොලිස් ත්‍රීරෝද රථයක වීමයි.
  • එමෙන්ම පහරදීම සිදුවන මුළු කාලය පුරාම පොලිස් නිලධාරීන් පිරිසක් එම ස්ථානයේ සිට ඇතත්, පොලිසියේ ත්‍රීවීලයට අලාභ හානි කර සහ රියදුරුට පහර දෙනවිට බලා සිටියා මිස, පහරදීම නතර කිරීමට කිසිදු උත්සාහයක් නොගත් බවට දැඩි චෝදනාවක් එල්ල වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැත.


අප වෙත වාර්තා වන පරිදි, අනතුර සිදුවූ වහාම එම ස්ථානයට කඩා වැදුණු ‘සුලක්ෂන්’ සහ ‘සත්තු අනෝසන්’ යන පුද්ගලයින් ප්‍රමුඛ මැර කල්ලියක්, කිසිවෙකුට තුවාල නොවූ බවුසර් රියදුරාට චණ්ඩිකම් පෙන්වමින් අමානුෂික ලෙස පහර දී ඇත.

"අනතුරෙන් පස්සේ මිනිහා බය වෙලා ඉද්දි, සුලක්ෂන්ලගේ සෙට් එක ඇවිත් රියදුරාව අල්ලගෙන ගහන්න ගත්තා. කනට ගැහුවා, පයින් ගැහුවා. මහ අමානුෂික විදියට වධ දුන්නා" යැයි නම හෙළි කිරීමට අකමැති ඇසින් දුටු සාක්ෂිකරුවෙක් අප වෙත පැවසීය.

පොලිසියේ ත්‍රීවීලයට හැප්පෙයි, පොලිසිය බලා සිටියි

වඩාත්ම බරපතල හා හාස්‍යජනක කරුණ වන්නේ, බවුසරය ගැටී ඇත්තේ පොලිස් ත්‍රීරෝද රථයක වීමයි.

එමෙන්ම පහරදීම සිදුවන මුළු කාලය පුරාම පොලිස් නිලධාරීන් පිරිසක් එම ස්ථානයේ සිට ඇතත්, පොලිසියේ ත්‍රීවීලයට අලාභ හානි කර සහ රියදුරුට පහර දෙනවිට බලා සිටියා මිස, පහරදීම නතර කිරීමට කිසිදු උත්සාහයක් නොගත් බවට දැඩි චෝදනාවක් එල්ල වේ.

"පොලිසියේ ත්‍රීවීල් එකටනේ හැප්පුනේ. පොලිසියේ එවුන්ම හිටියා. ඒත් උන් බලාගෙන හිටියා සුලක්ෂන්ලගේ එවුන් වාහනෙයි, රියදුරුවයි කෑලි ගහනකන්. පොලිසියට වඩා මැරයින්ට බලේ තියෙන හැටි" යැයි තවත් ප්‍රදේශවාසියෙක් කෝපයෙන් කියා සිටියේය.

නීතිය කාගේ අතේද?  

තමන්ගේම වාහනයකට අනතුරක් වූ විටත්, තමන් ඉදිරිපිටම පුරවැසියෙකුට අමානුෂික ලෙස පහර දෙන විටත් මැදිහත් නොවන පොලිසියකින්, සාමාන්‍ය ජනතාවට කෙසේ සාධාරණයක් ඉටු වේදැයි සමාජ ක්‍රියාකාරීහු ප්‍රශ්න කරති.

මෙම සිදුවීම සම්බන්ධයෙන් රාජකාරි පැහැර හැරිය පොලිස් නිලධාරීන්ට සහ අමානුෂික පහරදීම සිදුකළ ‘සුලක්ෂන්’ හා ‘සත්තු අනෝසන්’ ඇතුළු කල්ලියට එරෙහිව වහාම විනය හා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා මෙන් පොලිස්පතිවරයාගේ සහ මානව හිමිකම් කොමිසමේ වහාම අවධානය යොමු විය යුතු බව ජනතාව ඉල්ලා සිටිති.

(සටහන | මුලතිව් වාර්තාකරු )

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...