The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

කුසුම්දාස මහානාම ගැන ගන්නා පියවර ගැන කියන්න අල්ලස් කොමිසමට නියෝග

T

The Leader Desk

May 11, 2026 • 3:51 PM

කුසුම්දාස මහානාම ගැන ගන්නා පියවර ගැන කියන්න අල්ලස් කොමිසමට නියෝග

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ සභාපති විරාජ් වීරසූරිය තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ මෙම අල්ලස්න විදියට අදාළ නඩුකරය කැඳවනු ලැබුණි.
  • අල්ලස් දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් සුභාෂිනී සිරිවර්ධන එහිදී සදහන් කළේ අධිකරණය විසින් නිකුත් කළ නොතීසියකට අනුව තමන් අධිකරණය හමුවේ පෙනී සිටින බවය.
  • එහිදී සභාපති විනිසුරුවරයා සදහන් කළේ මෙම විත්තිකරුට දඩුවම් නියම කිරීමේදී රුපියල් මිලියන විස්සක දණ්ඩන මුදලක් ගෙවන ලෙස මහාධිකරණය විසින් නියම කර ඇති නමුත් එය නොගෙවන්නේ නම් පැනවිය යුතු විකල්ප සිර දඬුවමක් පිළිබඳව දක්වා නැති බවය.
  • මෙම මුදල ගෙවීමට හැකියාවක් විත්තිකරුට නොමැති බව ඔහුගේ නීතිඥවරයා විසින් අධිකරණයට දැනුම් දී ඇති අතර එම දණ්ඩන මුදල නොගෙවීම සම්බන්ධයෙන් ගන්නා පියවර පිළිබඳව බන්ධනාගාරය විසින් අධිකරණයෙන් විමසීමක් කර ඇති බව ද සභාපති විනිසුරුවරයා සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

සිර දඬුවම් නියම වී සිටින හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ගේ කාර්ය මණ්ඩල ප්‍රධානී කුසුම්දාස මහානාමට නියම නියම කර ඇති රුපියල් මිලියන 20ක අතිරේක දණ්ඩන මුදල් නොගෙවීම සම්බන්ධයෙන් ගන්නා පියවර පිළිබඳව වන සිය ස්ථාවරය සති දෙකකදී දැනුම් දෙන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියෝග කළේය

ඒ අධිකරණ නියෝගයකට අනුව බන්ධනාගාර නිලධාරීන් විසින් කුසුම්දාස මහානාම අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී යි.

මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ සභාපති විරාජ් වීරසූරිය තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ මෙම අල්ලස්න විදියට අදාළ නඩුකරය කැඳවනු ලැබුණි.

අල්ලස් දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් සුභාෂිනී සිරිවර්ධන එහිදී සදහන් කළේ අධිකරණය විසින් නිකුත් කළ නොතීසියකට අනුව තමන් අධිකරණය හමුවේ පෙනී සිටින බවය.


එහිදී සභාපති විනිසුරුවරයා සදහන් කළේ මෙම විත්තිකරුට දඩුවම් නියම කිරීමේදී රුපියල් මිලියන විස්සක දණ්ඩන මුදලක් ගෙවන ලෙස මහාධිකරණය විසින් නියම කර ඇති නමුත් එය නොගෙවන්නේ නම් පැනවිය යුතු විකල්ප සිර දඬුවමක් පිළිබඳව දක්වා නැති බවය.


මෙම මුදල ගෙවීමට හැකියාවක් විත්තිකරුට නොමැති බව ඔහුගේ නීතිඥවරයා විසින් අධිකරණයට දැනුම් දී ඇති අතර එම දණ්ඩන මුදල නොගෙවීම සම්බන්ධයෙන් ගන්නා පියවර පිළිබඳව බන්ධනාගාරය විසින් අධිකරණයෙන් විමසීමක් කර ඇති බව ද සභාපති විනිසුරුවරයා සඳහන් කළේය.

එහිදී ඔහුගේ නීතිඥ චන්දික පීරිස් සඳහන් කර සිටියේ මෙම විත්තිකරුට නියම කර ඇති සිරදඬුවමින් තව වසර දහයක් ගෙවීමට ඉතිරිව ඇති බවය.

මෙම විත්තිකරුට නියම කර ඇති සිරදඬුවම අවසන් වන්නේ ස්ථිර වශයෙන්ම කවදාදැයි විනිසුරු මඩුල්ල මඩුල්ල බන්ධනාගාර නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටි අතර අධිකරණය හමුවේ පෙනී සිටි බන්ධනාගාර නිලධාරියා ප්‍රකාශ කළේ තවත් වසරකුත් මාස නවයක් සිර දඬුවම් කාලයක් ඉතිරිව ඇති බවය.


එහිදී විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා " මෙම විත්තිකරුට දණ්ඩන මුදල නොගෙව්වොත් පනවන සිර දඬුවමක් ගැන සඳහන් වන්නේ නෑ. ඊට හේතුව කුමක්දැයි නිවැරදිව කියන්න බැහැ. ඒ අනුව මේ අවස්ථාවේ දී ඒ සම්බන්ධයෙන් විත්තිකරුට සිර දඬුවමක් නියම කිරීමට අධිකරණයට බෑ. එවැනි අවස්ථාවක පැමිණිල්ලට පුළුවන්  ඊළඟට ගන්න පියවර  තීරණය කරන්න. එම මුදල් අය කරගැනීම කරනවාද, අල්ලස් පනතේ ප්‍රතිපාදන අනුව පියවර ගන්නවාද යන්න තීරණය කිරීමට. ඒ සදහා ගන්නා ක්‍රියා මාර්ගය මෙම සිර දඬුවම අවසන් වීමෙන් අනතුරුව සිදු කරනවාද යන්න තීරණය කළ හැකි යි." යනුවෙන් ප්‍රකාශ කළේය.


අල්ලස් දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් සුභාෂිනී සිරිවර්ධන එහිදී සඳහන් කළේ ඉදිරියේදී ඒ බව දැනුම් දෙන බවයි. මෙම නොතීසිය හැර වෙනත් කිසිදු සටහනක් තමන් ට නොලැබුණු බව ද ඇය සඳහන් කළේ ය.

එහිදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චන්දික පීරිස්,  ''මෙම දණ්ඩන මුදල නොගෙවීම නිසා විත්තිකරු ගේ ලිපි ගොනුව කිසිදු වෙනසකට ලක් නොවී පවතිනවා. සිර ගත වූ රැදවියකුට ලැබෙන සහන කිසිවක් මොහුට ලැබෙන්නේ නෑ. තම නිවසට ගොස් පැමිණීමට තිබෙන සහනය පවා මොහුට අහිමිව යා හැකියි. තව වසර දහයක් දඩුවමින් ගෙවීමට තිබෙනවා මේ ගැන අවධානය යොමු කරන ලෙස අධිකරණයෙන් ඉල්ලනවා." යනුවෙන් කියා සිටියේය.

ඒ අනුව කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මේ සම්බන්ධයෙන් පැමිණිලි පාර්ශ්වයේ ස්ථාවරය සති දෙකකදී දැනුම් දෙන ලෙස නියම කළේය.


ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් සීනි නිෂ්පාදනය කිරීම සදහා වූ එම්. ජී.ෂුගර් සමාගමට ලබා දීම සඳහා එම සමාගමේ ප්‍රධානියා ගෙන් 2018.02.27 දින රුපියල් කෝටි පහමාරක අල්ලස් ඉල්ලීම සහ ඉන් රුපියල් කෝටි දෙකක් කොළඹ පිහිටි තරුපහේ හෝටලයක රථ ගාලේදී ලබා ගැනීම ඇතුළු අධිචෝදනා 24ක් යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ කාර්යමණ්ඩල ප්‍රධානී ආචාර්ය කුසුම්දාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පියදාස දිසානායක යන විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබුණි.


එම නඩුව විභාග කල ස්ථිර ත්‍රි පුද්ගල මහාධිකරණ යේ සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න, චම්පා ජානකී රාජරත්න, යන විනිසුරු මඩුල්ල විසින් 2019.12.19 මෙම විත්තිකරුවන් අධිචෝදනාවන්ට වැරදිකරුවන් බවට තීරණය කළේය.

ඒ වෙනුවෙන් පලමුවන විත්තිකාර කුසුම්දාස මහානාමට වසර විස්සක බරපතල වැඩ සහිතව සිර දඬුවම් සිර දඬුවම් සහ රුපියල් හැටපන්දහසක වන්දි මුදලක් ගෙවීමට නියම කෙරුණ අතර දෙවන විත්තිකාර පියදාස දිසානායක ට වසර දොලහක බරපතල වැඩ සහිතව සිර දඬුවම් සහ රුපියල් පනස්පන්දහසක දඩ මුදල් ගෙවීමට නියම කෙරිණ.

ඊට අමතරව රුපියල් මිලියන 20 ක අතිරේක දණ්ඩන මුදලක් ද නියම කෙරිණි.

මෙකී මහාධිකරණ තීන්දු වට එරෙහිව විත්තිකාර අභියාචකයන් විසින් වෙන් වෙන්ව මෙම පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර එම පෙත්සම් විභාගය අවසානයේදී ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ ඔවුන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බවයි.

ඉහළම තනතුරු දරමින් මෙවැනි වංචාකාරී ක්‍රියාවන් වල යෙදවීම් ම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරුවන්වත් දැඩි දෝෂ දර්ශනයට ලක් කර තිබුණි

අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම පෙත්සම් නිෂ්ප්‍රභ කරමින් ඔවුන්ගේ සිර දඬුවම් තහවුරු කළේය.

මහාධිකරණය විසින් නියම කරන ලද අතිරේක දඩුවම් මුදල් ගෙවීම විත්තිකරු විසින් සිදු නොකිරීම නිසා ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට ස්ථීර චු පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මීට පෙර නියම කර තිබුණි.

(සටහන | නෙල්කා මැදගෙදර)
Nelka Medagedara
'ද ලීඩර්' අධිකරණ වාර්තාකාරිනී

nelindum41@gmail.com

 
 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...