The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

තමිල්නාඩුවේ අලුත් මහ ඇමැතිට උතුරේ ධීවරයන්ගෙන් පරණ ඉල්ලීමක්

T

The Leader Desk

May 11, 2026 • 3:53 PM

තමිල්නාඩුවේ අලුත් මහ ඇමැතිට උතුරේ ධීවරයන්ගෙන් පරණ ඉල්ලීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෙස උතුරේ ධීවර සංගමයක් තමිල්නාඩු ප්‍රාන්තයේ නව මහ ඇමතිවරයාගෙන් ඉල්ලා තිබේ.
  • උතුරේ එක්සත් ධීවර සංගම් එකතුවේ සාමාජික අන්නලිංගම් අන්නරාසා එම ඉල්ලීම සිදු කර ඇත්තේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ජනප්‍රිය නළු චන්ද්‍රශේකර් ජෝෂප් විජේ නව මහ ඇමතිවරයා ලෙස දිවුරුම් දුන් මැයි 10 වැනිදා යාපනයේදී මාධ්‍ය හමුවක් පවත්වමිනි.
  • හිටපු ධිවර සංගම් නායකයකුද වන අන්නලිංගම් අන්නරාසා එහිදී තව දුරටත් සදහන් කළේ දකුණු ඉන්දිය ධිවරයන්ගේ තාඩන පීඩන හේතුවෙන් මෙරට ධිවරයන්ගේ බඩ වියතට මරු පහරක් එල්ල වී දැඩි අසීරුතාවයකට පත්ව සිටින බවයි.
  • "පසුගිය කාලයේ මහ ඇමැතිවරයා ලෙස කටයුතු කළ එම්.කේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ලෙස උතුරේ ධීවර සංගමයක් තමිල්නාඩු ප්‍රාන්තයේ නව මහ ඇමතිවරයාගෙන් ඉල්ලා තිබේ.

උතුරේ එක්සත් ධීවර සංගම් එකතුවේ සාමාජික අන්නලිංගම් අන්නරාසා එම ඉල්ලීම සිදු කර ඇත්තේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ජනප්‍රිය නළු චන්ද්‍රශේකර් ජෝෂප් විජේ නව මහ ඇමතිවරයා ලෙස දිවුරුම් දුන් මැයි 10 වැනිදා යාපනයේදී මාධ්‍ය හමුවක් පවත්වමිනි.

"උතුරු මුහුදේ ධීවර ප්‍රජාවට සහ ධීවරයන් වන අපිට අපේ මුහුදේ, අපේ ප්‍රදේශයේ නිදහසේ ධීවර කටයුතුවල නිරත වෙමින් අපේ ජීවනෝපාය කරගෙන යාමට හැකි වන පරිදි, තමිල්නාඩු ධීවරයන් දේශසීමා උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණීම වැළැක්වීමට තමිල්නාඩු මහ ඇමතිවරයා පියවර ගත යුතු බවට අපි ඉල්ලා සිටිනවා."


උතුරු පළාත නියෝජනය කරමින් කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ යාපනය යන දිස්ත්‍රික්කවල ධීවර පවුල් 50,000ක් නියෝජනය කරන ලක්ෂ දෙකක ජනතාව වෙනුවෙන්, තමිල්නාඩුවේ අභිනවයෙන් පත් වූ මහ ඇමති ජෝසප් විජේ වෙත එම ඉල්ලීම යොමු කරන බව උතුරේ එක්සත් ධීවර සංගම් එකතුවේ සාමාජික අන්නලිංගම් අන්නරාසා එම මාධ්‍ය හමුවේදී අවධාරණය කර තිබුනි.


හිටපු ධිවර සංගම් නායකයකුද වන අන්නලිංගම් අන්නරාසා එහිදී තව දුරටත් සදහන් කළේ දකුණු ඉන්දිය ධිවරයන්ගේ තාඩන පීඩන හේතුවෙන් මෙරට ධිවරයන්ගේ බඩ වියතට මරු පහරක් එල්ල වී දැඩි අසීරුතාවයකට පත්ව සිටින බවයි.

" විශේෂයෙන්ම උතුරු පළාතේ ධීවරයන් වන අප, තමිල්නාඩුවේ රාමේෂ්වරම්, කරෙයිකාල්, තොන්ඩි සහ නාගපට්ටිනම් වැනි ප්‍රදේශවල සිට පැමිණෙන ධීවරයන් අපේ මුහුදු සීමාවේ දිගින් දිගටම සිදු කරන නීති විරෝධී ට්‍රෝලර් මසුන් ඇල්ලීමේ කර්මාන්තය හේතුවෙන් පීඩාවට පත්වෙලා සිටිනවා. තමිල්නාඩු ධීවරයන්ගේ මේ ක්‍රියාකලාපය නිසා අපේ ජීවනෝපාය විනාශ වෙලා, වෘත්තියට බාධා එල්ල වෙලා, අපේ ධීවර දැල් සහ උපකරණවලට හානි සිදු වීම නිසා අපි ජීවත් විය නොහැකි ඉතා අසීරු තත්ත්වයකට පත්වෙලා සිටිනවා."


හිටපු මහ ඇමැතිවරයා මෙන් ලිපි ලිවීමට පමණක් සීමා නොවී තමිල්නාඩුවේ පරිසරයට හානිකර ට්‍රෝලර් මසුන් ඇල්ලීමේ කර්මාන්තය නතර කරන ලෙසත්, ලංකා මුහුදු සීමාව තුළට අනවසරයෙන් සහ අක්‍රමවත් ලෙස ට්‍රෝලර් යාත්‍රා පැමිණීම වැළැක්වීමට පියවර ගන්නා ලෙසත් අන්නලිංගම් අන්නරාසා තමිල්නාඩු නව මහ ඇමැති ජෝෂප් විජේගෙන් දැඩිව ඉල්ලා තිබේ.  


"පසුගිය කාලයේ මහ ඇමැතිවරයා ලෙස කටයුතු කළ එම්.කේ. ස්ටාලින් මහතා පවා, උතුරු මුහුදේ ධීවර ප්‍රජාව වන අපි දිගින් දිගටම ඉල්ලීම් කළද, අපේ සීමාවට අනවසරයෙන් ඇතුළු වීම සම්බන්ධයෙන් ඉන්දීය අගමැතිවරයාට හුදෙක් ලිපි ලිවීම පමණක් පුරුද්දක් කරගෙන සිටියා. ඒ නිසා, මධ්‍යම රජයට ලිපි ලිවීම නතර කරලා, තමිල්නාඩුවේ පරිසරයට හානිකර මෙම ට්‍රෝලර් මසුන් ඇල්ලීමේ කර්මාන්තය නතර කරන ලෙසත්, අපේ ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළට අනවසරයෙන් සහ අක්‍රමවත් ලෙස ට්‍රෝලර් යාත්‍රා පැමිණීම වැළැක්වීමට පියවර ගන්නා ලෙසත් උතුරු මුහුදේ ධීවර ප්‍රජාව ඔබේ පදවි ප්‍රාප්ති දිනයේදී ඉල්ලා සිටිනවා."

උතුරේ එක්සත් ධීවර සංගම් එකතුවේ සාමාජික අන්නලිංගම් අන්නරාසා තමිල්නාඩු  මහ ඇමැති ජෝෂප් විජේගෙන් යළි යළිත් ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකාවේ ස්වෛරී දේශසීමාව වන මුහුදු සීමාවට තමිල්නාඩු ධිවරයන් ඇතුළු වීම වැළැක්වීමට පියවර ගැනීම පමණක් ප්‍රමාණවත් වන බවයි.


"අපි ඔබෙන් ඉල්ලා සිටින්නේ අපිට උදව් කරන්න එපා, අපිට සහයෝගය දෙන්න එපා. ඔබේ ධීවරයන් අපේ රැකියාවට සහ අපේ සාගර පරිසරයට හානි කරන්නේ නැතුව, ශ්‍රී ලංකාවේ ස්වෛරී දේශසීමාව වන මුහුදු සීමාවට ඇතුළු වීම වැළැක්වීමට පියවර ගන්නා ලෙස පමණයි අපි ඉල්ලා සිටින්නේ."

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...