The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

පේරාදෙණිය සරසවියට අධිකරණ නියෝගයක් - මහාචාර්ය තිලකරත්නට වැඩවරදී !

T

The Leader Desk

May 11, 2026 • 3:55 PM

පේරාදෙණිය සරසවියට අධිකරණ නියෝගයක් - මහාචාර්ය තිලකරත්නට වැඩවරදී !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වැළැක්වීම සඳහා වන සුදුසු පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය එම විශ්ව විද්‍යාලයට සහ එහි පාලක සභාවට උපදෙස් නිකුත් කළේය.
  • පරිවාස කාල සීමාවේදී සහ පශ්චාත් උපාධිය හදාරමින් සිටියදී 2017 වසරේ ජුලි මස 01 වනදා සහ 2018 වසරේ අප්‍රේල් මස 30 වන දා දක්වා කාල සීමාවේදී ලිංගික හිරිහැර සහ මානසික හිරිහැරවලට භාජන වූ බව සඳහන් කරමින්, ආචාර්ය ඩබ්ලිව්.ඒ.එම්.
  • උදාරි එල් අබේසිංහ විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කර එහි තීන්දුව ලබාදෙමින් එම විශ්ව විද්‍යාලයට සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට දෙන ලද උපදෙස් වල මේ බව සඳහන් වේ.
  • තිලකරත්නට ඕනෑම විශ්ව විද්‍යාලයක අධ්‍යාපන ආයතනයක හෝ වෙනත් අධ්‍යාපන ආයතනයක වැටුප් ලබන හෝ වැටුප් රහිත ගෞරවනීය තනතුරක් පිළිගැනීම තහනම් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

වැළැක්වීම සඳහා වන සුදුසු පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය එම විශ්ව විද්‍යාලයට සහ එහි පාලක සභාවට උපදෙස් නිකුත් කළේය.

 පරිවාස කාල සීමාවේදී සහ පශ්චාත් උපාධිය  හදාරමින් සිටියදී 2017 වසරේ ජුලි මස 01 වනදා සහ 2018 වසරේ අප්‍රේල් මස 30 වන දා දක්වා කාල සීමාවේදී ලිංගික හිරිහැර සහ මානසික හිරිහැරවලට භාජන වූ බව සඳහන් කරමින්, ආචාර්ය ඩබ්ලිව්.ඒ.එම්. උදාරි එල් අබේසිංහ විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කර එහි තීන්දුව ලබාදෙමින් එම විශ්ව විද්‍යාලයට සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට දෙන ලද උපදෙස් වල මේ බව සඳහන් වේ.


පළමු වන වගඋත්තරකරු වන මහාචාර්ය ඩබ්ලිව්.එම්. තිලකරත්නට ඕනෑම විශ්ව විද්‍යාලයක අධ්‍යාපන ආයතනයක හෝ වෙනත් අධ්‍යාපන ආයතනයක වැටුප් ලබන හෝ වැටුප් රහිත ගෞරවනීය තනතුරක් පිළිගැනීම තහනම් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර තිබේ. එමෙන්ම වැටුප් සහිත හෝ වැටුප් රහිත හෝ ගෞරවනීය පත්වීමක් වගඋත්තරකාර මහාචාර්යවරයාට ලබාදීමෙන් වැළකී සිටීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, සියලුම විශ්වවිද්‍යාල සහ එම විෂය පථයට අයත් අනෙකුත් ආයතනයන්ට විනිසුරු මඩුල්ල විසින් නඩු තීන්දුව මගින් උපදෙස් ලබා දී ඇත.


ප්‍රියන්ත ප්‍රනාන්දු, අචල වෙංගප්පුලි යන විනිසුරුන්ගේ එකඟත්වය සහිත නඩු තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා විසින් ප්‍රකාශයට පත් කළේය.

මහාචාර්ය ඩබ්ලිව්.එම්. තිලකරත්න, විශ්ව විද්‍යාලයේ පාලක සභාව ඇතුළු පිරිසක් මෙහි වග උත්තරකරුවෝ වෙති.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1) උ ව්‍යවස්ථාව අනුව ඕනෑම පුරවැසියෙකුට ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව තමන් කැමති රැකියාවක නිරත වීමට ඇති මූලික අයිතියක්  තහවුරු කර ඇති අතර ලිංගික හිංසනයන්ට භාජනය නොවී සිටීමට පරිසරයක් තිබිය යුතු බව එම නඩු තීන්දුවෙහි දැක්වේ.

පෙත්රිසම්කාරිය එම විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ ශල්‍ය වෛද්‍යවරියක් සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙස සේවය කරන බව සඳහන් වේ.


වගඋත්තරකාර මහාචාර්ය ඩබ්ලිව්.එම්. තිලකරත්නගේ අධීක්ෂණය යටතේ ඇය එම විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පශ්චාත් උපාධිය හැදෑරූ බව සඳහන් වේ. එම අවස්ථාවේදී වග උත්තරකාර මහාචාර්යවරයා ලිංගික හිරිහැර සහ මානසික හිරිහැරවලට ඇයව භාජනය කළ  බව සඳහන් කරමින් පෙත්මසමකාරියගේ මව   විසින් විශ්වවද්‍යාලයේ උප කුලපති වරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර එය විභාග කිරීමට  2018 වසරේ සැප්තැම්බර් මස 26 වනදා විශ්ව විද්‍යාලයේ උපකුලපති විසින් පරීක්ෂණ කමිටුවක් පත් කර ඇත.


එහිදී වග උත්තරකාර මහාචාර්යවරයාට එල්ල වූ  ඇතැම් චෝදනා වලට ඔහු වරදකරු බවට  තීරණය කර එම කමිටු වාර්තාව විශ්ව විද්‍යාලයේ පාලක කවුන්සිලයට ඉදිරිපත් කර තිබේ.

එහෙත් එම කවුන්සලය විසින් එම වාර්තාව 2020 වසරේ මැයි මස 30 වනදා ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කර ඇති අතර ඊට  එරෙහිව පෙත්සම්කාරිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබේ.

 අනතුරුව මෙම පෙත්සම අධිකරණයට ඉදිරිපත් කර තිබූණි

පෙත්සම්කාරිය මුල් අවස්ථාවේදී නොපැමිණි බැවින් ඇයගේ ඉල්ලීම කාලාවරෝධී බවට පෙත්සම් විභාගයේ දී ඉදිරිපත් වූ මූලික විරෝධතාවය අධිකරණය විසින් පිළිගෙන තිබේ.

එහෙත් සාධාරණත්වය සහ සමානාත්මතාවය යන මූල ධර්මය යටතේ සාධාරණ යැයි හැඟෙන නියෝග නිකුත් කිරීමට අධිකරණයට බලයක් ඇති අතර ඒ අනුව මෙම උපදෙස් නිකුත් කරන බව නඩු තීන්දුවෙහි වැඩි දුරටත් සඳහන් වේ.

(සටහන | නෙල්කා මැදගෙදර)
Nelka Medagedara
'ද ලීඩර්' අධිකරණ වාර්තාකාරිනී

nelindum41@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...