The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

හිටපු ජනපති මහින්ද අල්ලස් කොමිසමට - අත්අඩංගුවට ගැනීමේ සුදානමක් නැහැ !

T

The Leader Desk

May 12, 2026 • 3:00 AM

 හිටපු ජනපති මහින්ද අල්ලස් කොමිසමට - අත්අඩංගුවට ගැනීමේ සුදානමක් නැහැ !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ, ශ්‍රීලන්කන් ගුවන් සමාගමට 2013 වසරේ ගුවන් යානා මිලදී ගැනීමේ දී ලබාදුන්නේ යැයි කියන අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙන ලෙස අල්ලස් කොමිසම කළ දැනුම්දීමක් අනුවය.
  • හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න ට ද අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව වාර්තා වේ.
  • හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ සඳහන් කළේ, අද උදෑසන 9ට අල්ලස් කොමිසම හමුවේ මහින්ද රාජපක්ෂ පෙනී සිටීමට නියමිත බවය.
  • කෙසේ වෙතත් යම් යම් නීතිමය කරුණු සම්බන්ධයෙන් නීතිඥවරු කණ්ඩායමක් හමුවේ සාකච්ජා පැවැත්වීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ, ශ්‍රීලන්කන් ගුවන් සමාගමට 2013 වසරේ ගුවන් යානා මිලදී ගැනීමේ දී ලබාදුන්නේ යැයි කියන අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙන ලෙස අල්ලස් කොමිසම කළ දැනුම්දීමක් අනුවය.

හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න ට ද අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව වාර්තා වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ සඳහන් කළේ, අද උදෑසන 9ට අල්ලස් කොමිසම හමුවේ මහින්ද රාජපක්ෂ පෙනී සිටීමට නියමිත බවය.

කෙසේ වෙතත් යම් යම් නීතිමය කරුණු සම්බන්ධයෙන් නීතිඥවරු කණ්ඩායමක් හමුවේ සාකච්ජා පැවැත්වීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රීලන්කන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී මියගිය කපිල චන්ද්‍රසේන විසින් ලබා දුන් පාපොච්චාරණයක් උපයෝගි කරගනිමින් හිටපු ජනාධිපතිවරයාට කැඳවීමක් කර ඇති නමුත් ඔහු ලබා දුන් පාපොච්චාරණය ඔහුට තර්ජනය කර බලෙන් ලබා ගැනීමක් බවට ඔහු අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් මඟින් ලබා දී ඇති බවත් පැවසූ නීතිඥ මනෝජ් ගමගේ එම කරුණු පදනම් කරගනිමින් මෙම කැඳවීම සිදුකරන්නේ නම් එය නීතිවිරෝධී බවද පැවසීය.

කෙසේවුවද හිටපු ජනාධිපතිවරයා අද දිනයේ දී අත්අඩංගුවට ගැනීමේ අවශ්‍යතාවය මතු නොවනබව අල්ලස් කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.


සබැඳි ලිපි :

බලහත්කාරයෙන් ගත් කටඋත්තරයක්ද? කපිල චන්ද්‍රසේනගේ ආන්දෝලනාත්මක දිවුරුම් ප්‍රකාශය සහ අල්ලස් කොමිසමේ මාධ්‍ය මෙහෙයුම පිටුපස ඇති කතාව

'අල්ලස් වශයෙන් ලැබුන මුදලින් කොටසක් මහින්දට දුන්න කතාවේ ඇත්ත -නැත්ත ? - කපිලගෙන් දිව්රුම් ප්‍රකාශයක් !

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...