The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

දෙමල ජන සංහාර කතාව කතෝලික පල්ලිය ප්‍රතික්ෂේප කරයි

T

The Leader Desk

May 25, 2026 • 5:15 AM

දෙමල ජන සංහාර කතාව කතෝලික පල්ලිය ප්‍රතික්ෂේප කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කතෝලික රදගුරු සමුළුවේ සන්නිවේදන කොමිෂන් සභාවේ සභාපති ජූඩ් නිශාන්ත සිල්වා රදගුරුතුමන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේ පීරිස් පියතුමා පළ කළ අදහස් කතෝලික පල්ලියේ නිල මතය නොවන බවයි.
  • “ඔහු ප්‍රකාශ කළේ ඔහුගේම මතවාදය මිස කතෝලික පල්ලියේ මතවාදය නොවේ,” යැයි රදගුරුතුමෝ සඳහන් කළහ.
  • එමෙන්ම ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලිය සෑම විටම ජාතික සංහිඳියාව, සමාජ සංවාදය සහ සියලු ජන කොට්ඨාශයන්ට ගරු කිරීම වෙනුවෙන් පෙනී සිටින බවද උන්වහන්සේ අවධාරණය කළේය.
  • මේ අතර කොළඹ අගරදගුරු සමාජ සන්නිවේදන අංශයේ ජාතික අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමන් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ පැවති යුද්ධය කිසිදු ජන වර්ගයකට එරෙහිව නොව ත්‍රස්තවාදයට එරෙහිව පැවති යුද්ධයක් බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


කතෝලික රදගුරු සමුළුවේ සන්නිවේදන කොමිෂන් සභාවේ සභාපති ජූඩ් නිශාන්ත සිල්වා රදගුරුතුමන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේ පීරිස් පියතුමා පළ කළ අදහස් කතෝලික පල්ලියේ නිල මතය නොවන බවයි.

“ඔහු ප්‍රකාශ කළේ ඔහුගේම මතවාදය මිස කතෝලික පල්ලියේ මතවාදය නොවේ,” යැයි රදගුරුතුමෝ සඳහන් කළහ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලිය සෑම විටම ජාතික සංහිඳියාව, සමාජ සංවාදය සහ සියලු ජන කොට්ඨාශයන්ට ගරු කිරීම වෙනුවෙන් පෙනී සිටින බවද උන්වහන්සේ අවධාරණය කළේය.

මේ අතර කොළඹ අගරදගුරු සමාජ සන්නිවේදන අංශයේ ජාතික අධ්‍යක්ෂ  ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමන් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ පැවති යුද්ධය කිසිදු ජන වර්ගයකට එරෙහිව නොව ත්‍රස්තවාදයට එරෙහිව පැවති යුද්ධයක් බවයි.

දළදා මාළිගාව, අරන්තලාවේ භික්ෂූන් වහන්සේලා, මහ බැංකුව, කොටුව බස් නැවතුම්පොළ සහ දෙහිවල දුම්රියට එල්ල වූ ප්‍රහාර උදාහරණ ලෙස සඳහන් කළ ඔහු එවැනි ත්‍රස්තවාදයක් මුලිනුපුටා දැමීම අත්‍යවශ්‍ය වූ බවද පැවසීය.

ජීවන්ත පීරිස් පියතුමන් විසින් වසර 30ක යුද්ධය මුළු දෙමළ ජනතාව විනාශ කිරීම අරමුණු කරගත් එකක් බවට කළ ප්‍රකාශයට සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් අවධානයක් ලැබුණු අතර ඒ සම්බන්ධයෙන් මේ වනවිට විශාල සමාජ සාකච්ඡාවක් නිර්මාණය වී තිබේ.

(සටහන | ගිම්හාන් ද සිල්වා)  

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...