The Leader News
BREAKING
Top Ad
පුවත්

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

T

The Leader Desk

June 1, 2026 • 5:38 PM

  බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කිරීමෙන් අනතුරුව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මෙම තීන්දුව ලබාදුන්හ.
  • ඒ අනුව, පොදු දේපල පනත යටතේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව චෝදනා පවත්වාගෙන යාමට නීතිමය බාධාවක් නොමැති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ සඳහන් කළේය.
  • වසරේ මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී මූලික විරෝධතාවක් මතුකළ විත්තියේ නීතිඥවරු මෙම නඩුවේ විත්තිකරුවකු වශයෙන් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම නම් කර ඇති බවත් සමාගමකට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවත් පෙන්වා දී තිබුණි.
  • එහි ප්‍රතිඵලයක් ලෙස සෙසු විත්තිකරුවන්ටද අදළ චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවත් විත්තියේ නීතිඥවරු විසින් ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කරමින් ප්‍රකාශ කර තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):


නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කිරීමෙන් අනතුරුව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මෙම තීන්දුව ලබාදුන්හ.

අදාළ බැඳුම්කර නිකුතුවකදී රජයේ අරමුදල් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, හිටපු මුදල් ඇමති රවී කරුණානායක ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබු නඩුවේ පොදු දේපළ පනත යටතේ ගොනුකර තිබූ චෝදනා එම විත්තිකරුවන්ට එරෙහිව පවත්වාගෙන යාමට නොහැකි බවට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් දී තිබූ නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය එසේ ඉවත දැමීය.

 ඒ අනුව, පොදු දේපල පනත යටතේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව චෝදනා පවත්වාගෙන යාමට නීතිමය බාධාවක් නොමැති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ සඳහන් කළේය.

 
2016 වසරේ මාර්තු මස 31 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර නිකුතුවකදී රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීම සිදුකළ බවට චෝදනා කරමින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම, හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අර්ජුන් ඇලෝසියස්, ජෙෆ්රි ඇලෝසියස් ඇතුළු පිරිසක් විත්තිකරුවන් වශයෙන් නම් කරමින් නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩුවක් ගොනු කළේය.

2021 වසරේ මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී මූලික විරෝධතාවක් මතුකළ විත්තියේ නීතිඥවරු මෙම නඩුවේ විත්තිකරුවකු වශයෙන් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම නම් කර ඇති බවත් සමාගමකට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවත් පෙන්වා දී තිබුණි.

එහි ප්‍රතිඵලයක් ලෙස සෙසු විත්තිකරුවන්ටද අදළ චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවත් විත්තියේ නීතිඥවරු විසින් ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කරමින් ප්‍රකාශ කර තිබුණි.

දෙපාර්ශවයේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල 2021 වසරේ දෙසැම්බර් මස 06 වනදා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාව පිළිගෙන තිබුණි.

පසුව විත්තිකරුවන්ගේ මූලික විරෝධතාව පිළිගැනීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ගත් තීරණය අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළ අතර අභියාචනාධිකරණය විසින් එය ප්‍රතික්ෂේප කර තිබුණි .

ඉන් අනතුරුව එම තීන්දුව අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා යළිත් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළේය.


''සමාගම් කියන්නේ මිනිස්සු නෙවෙයි” කියූ මහාධිකරණ තර්කය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප්‍රතික්ෂේප වෙයි


එම ඇපෑල විභාග කිරීමෙන් අනතුරුව සෙසු විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව තීන්දුව ප්‍රකාශයට පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන දණ්ඩ නීති සංග්‍රහයේ 386 සමග කියවිය යුතු පොදු දේපල පනතේ 5(1) වගන්තිය යටතේ විත්තිකරුවන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා පවත්වාගෙන යාමට නීතිමය බාධාවක් නොමැති බව ප්‍රකාශ කළේය.

අර්ථ නිරූපණ ආඥා පනත යටතේ සමාගමක් පුද්ගලයෙකු වශයෙන් අර්ථ නිරූපණය කළ යුතු බවත් තීන්දුවේ සඳහන් කර තිබේ.

ස්වභාවික පුද්ගලයින්ගෙන් පමණක් නොව ආයතනික ව්‍යුහයන් හරහාද සිදුකරනු ලබන රහසිගත හා සංකීර්ණ මූල්‍ය වංචා හරහා මහජන දේපළවලට සැලකිය යුතු පාඩුවක් සිදුවන බවත් තීන්දුවෙන් පෙන්වා දී තිබේ.

ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 450(5)(අ) වගන්තිය යටතේ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් හැකිතාක් ඉක්මනින් නොපමාව නඩු විභගය පැවැත්විය යුතු බවත් තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.


මහ බැංකුව මගේ යටතේ තිබුණේ නෑ - රවී කියයි

කෙසේවුවද විත්ති පාර්ශවයේ නීතිඥයන් තර්ක කරන්නේ, මෙම සංකීර්ණ නීතිමය කරුණු සම්බන්ධයෙන් ප්‍රමාණවත් කරුණු දැක්වීමකට අවස්ථාව නොදී, අභියාචනයේ මූලික ඉල්ලීම්වලින් ඔබ්බට යමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සෘජුවම පහළ උසාවියට නඩුව විභාග කරන ලෙස නියෝග කිරීම අසාධාරණ බවයි.

මේ අතර, අදාළ බැඳුම්කර වෙන්දේසිය සිදුවන අවස්ථාවේදී තමන් මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළද, ශ්‍රී ලංකා මහ බැංකුව හෝ සෙසු රාජ්‍ය බැංකු කිසිවක් තමන්ගේ අමාත්‍යාංශය යටතේ නීත්‍යානුකූලව නොපැවති බව රවී කරුණානායක වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මීට පෙර අධිකරණය හමුවේ අවධාරණය කර තිබුණි.


සබැඳි ලියකියවිලි:
ශ්‍රේෂ්ඨාධිකරණයේ සම්පූර්ණ නඩු තීන්දුව මෙතැනින් කියවන්න (PDF Link)

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...