The Leader News
BREAKING
Top Ad
පුවත්

'රට නැවතත් බංකොලොත් අගාධයට?' - රාජිතගෙන් සංඛ්‍යාලේඛන සහිතව දැඩි ප්‍රහාරයක්!"

T

The Leader Desk

June 2, 2026 • 3:39 AM

'රට නැවතත් බංකොලොත් අගාධයට?' - රාජිතගෙන් සංඛ්‍යාලේඛන සහිතව දැඩි ප්‍රහාරයක්!"

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වත්මන් ආණ්ඩුව තමන්ගේ ආර්ථික අසමත්කම වසාගැනීමට මැදපෙරදිග අර්බුදය සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ ගැටලු ලේබලයක් කරගෙන ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
  • රනිල් වික්‍රමසිංහ රට භාරගන්නා විට ලංකාව 'විශාලා මහනුවරක්' බඳු සකලවිධ අර්බුදයක තිබූ බවත්, එය මැදපෙරදිග යුද්ධයකට වඩා දරුණු අභ්‍යන්තර යුද්ධයක් වැනි වූ බවත් රාජිත සේනාරත්න සිහිපත් කළේය.
  • % සිට +5.3% දක්වා ගෙනා ආර්ථිකය අද 3% ට බස්සලා!
  • එදා රටේ භාණ්ඩාගාරයේ විදේශ සංචිත ඩොලර් මිලියන 20 දක්වා සිඳී, ආර්ථික වර්ධන වේගය සෘණ 17.2% ක් වැනි අගාධයක තිබියදී රනිල් වික්‍රමසිංහ වසර දෙකක් තුළ එය ධන 5.3% ක වර්ධනයක් දක්වා, එනම් සමස්ත ආර්ථිකය 22.5% කින් ඔසවා තැබූ බව රාජිත සේනාරත්න සංඛ්‍යාලේඛන සහිතව පෙන්වා දුන්නේය.
අකුරු ප්‍රමාණය (Font Size):


වත්මන් ආණ්ඩුව තමන්ගේ ආර්ථික අසමත්කම වසාගැනීමට මැදපෙරදිග අර්බුදය සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ ගැටලු ලේබලයක් කරගෙන ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

රනිල් වික්‍රමසිංහ රට භාරගන්නා විට ලංකාව 'විශාලා මහනුවරක්' බඳු සකලවිධ අර්බුදයක තිබූ බවත්, එය මැදපෙරදිග යුද්ධයකට වඩා දරුණු අභ්‍යන්තර යුද්ධයක් වැනි වූ බවත් රාජිත සේනාරත්න සිහිපත් කළේය.

-17.2% සිට +5.3% දක්වා ගෙනා ආර්ථිකය අද 3% ට බස්සලා!

එදා රටේ භාණ්ඩාගාරයේ විදේශ සංචිත ඩොලර් මිලියන 20 දක්වා සිඳී, ආර්ථික වර්ධන වේගය සෘණ 17.2% ක් වැනි අගාධයක තිබියදී රනිල් වික්‍රමසිංහ වසර දෙකක් තුළ එය ධන 5.3% ක වර්ධනයක් දක්වා, එනම් සමස්ත ආර්ථිකය 22.5% කින් ඔසවා තැබූ බව රාජිත සේනාරත්න සංඛ්‍යාලේඛන සහිතව පෙන්වා දුන්නේය.

ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික ඩොනල්ඩ් ලූ පවා එය 'ආර්ථික ආශ්චර්යයක්' ලෙස හැඳින්වූයේ ඒ නිසාය. එහෙත් වත්මන් පාලනය යටතේ එම වර්ධනය 3% දක්වා කඩා වැටී ඇති අතර, එය රටේ සංවර්ධනය අඩාල වීමේ සැබෑ කැඩපත බව ඔහු අවධාරණය කළේය.

ණය නොගෙවා බංකොලොත් වීමේ අවදානමක්!

රටේ විදේශ සංචිත පිළිබඳවද බරපතළ අනාවරණයක යෙදුණු හිටපු අමාත්‍යවරයා, 2022 දී තිබූ ඩොලර් මිලියන 20 ක සංචිතය 2024 වන විට බිලියන 6.1 ක් දක්වා වර්ධනය කළ ද, අද වන විට ආසන්න ණය වාරික ගෙවීමෙන් පසු ඉතිරි වන්නේ ඩොලර් බිලියන 6.2 ක් වැනි ප්‍රමාණයක් බව පැවසීය.

2028 ණය ප්‍රතිව්‍යුහගතකරණය ජය ගැනීමට නම් 2025 දී බිලියන 8.5 ක් ද, 2026 දී බිලියන 10 ක් ද ලෙස සංචිත තිබිය යුතු වුවත් වත්මන් ගමන් මඟ අනුව රට නැවතත් බංකොලොත් භාවය දෙසට ගමන් කරමින් සිටින බවට ඔහු අනතුරු ඇඟවීය.

වැට් බදු 20% පන්නලා; ජනතාව පීඩාවෙන් පීඩාවට!

වැට් බදු අඩු කරන බව පවසමින් බලයට පැමිණි පිරිස් අද වන විට වැට් බද්ද 20% සීමාව ද ඉක්මවා යවමින් වරාය ඇතුළු සෑම අංශයකටම බදු පටවා ඇති බව රාජිත සේනාරත්න මෙහිදී පැවසීය.

එදා රනිල් වික්‍රමසිංහ අවම බදු පැනවීම් යටතේ රාජ්‍ය ආදායම 16% කින් ඉහළ නංවා, විරැකියාව 7.2% සිට 3.2% දක්වා අඩු කර පෙන්වූ බවත්, වත්මන් පාලකයන් කරන්නේ බදු පිට බදු ගසමින් සිය නොහැකියාව ප්‍රදර්ශනය කිරීම පමණක් බවත් පවසමින් ඔහු මාධ්‍ය හමුව අවසන් කළේය.

 

ekabadda 2

ekabadda

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...