The Leader News
BREAKING
Top Ad
පුවත්

බස්නාහිර ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ සාකච්ඡාවක

T

The Leader Desk

June 2, 2026 • 4:07 AM

බස්නාහිර ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ සාකච්ඡාවක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහි පළමු පියවර ලෙස ඔහු ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී (U.S.
  • Department of State) එරට ආර්ථික වර්ධන, බලශක්ති සහ පරිසර පිළිබඳ පරිපාලන උප ලේකම් (Under Secretary) ජේකබ් හෙල්බර්ග් (Jacob Helberg) හමුවී සාකච්ඡා පවත්වා ඇත.
  • විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මීළඟ ආර්ථික වර්ධන අදියර සඳහා ඇමෙරිකානු ආයෝජන සහ තාක්ෂණික දායකත්වය ලබාගත හැකි වරාය, සැපයුම් දාම (Logistics), බලශක්ති සහ දත්ත මධ්‍යස්ථාන (Data Centres) වැනි ප්‍රධාන ක්ෂේත්‍ර පිළිබඳව දෙපාර්ශවයේ අවධානය යොමුව ඇත.
  • වසරේ ඇතිවූ ආර්ථික අර්බුදයෙන් උගත් පාඩම් පාදක කරගනිමින්, ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන රැඳී පවතින්නේ විවෘතභාවය සහ ලෝකය සමඟ විශ්වාසනීයව කටයුතු කිරීම මත බව ආණ්ඩුකාරවරයා පෙන්වා දෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):


එහි පළමු පියවර ලෙස ඔහු ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී (U.S. Department of State) එරට ආර්ථික වර්ධන, බලශක්ති සහ පරිසර පිළිබඳ පරිපාලන උප ලේකම් (Under Secretary) ජේකබ් හෙල්බර්ග් (Jacob Helberg) හමුවී සාකච්ඡා පවත්වා ඇත.

ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර ආර්ථික හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් අවධානය යොමු වී තිබේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මීළඟ ආර්ථික වර්ධන අදියර සඳහා ඇමෙරිකානු ආයෝජන සහ තාක්ෂණික දායකත්වය ලබාගත හැකි වරාය, සැපයුම් දාම (Logistics), බලශක්ති සහ දත්ත මධ්‍යස්ථාන (Data Centres) වැනි ප්‍රධාන ක්ෂේත්‍ර පිළිබඳව දෙපාර්ශවයේ අවධානය යොමුව ඇත.

2022 වසරේ ඇතිවූ ආර්ථික අර්බුදයෙන් උගත් පාඩම් පාදක කරගනිමින්, ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන රැඳී පවතින්නේ විවෘතභාවය සහ ලෝකය සමඟ විශ්වාසනීයව කටයුතු කිරීම මත බව ආණ්ඩුකාරවරයා පෙන්වා දෙයි. ඒ වෙනුවෙන් වඩාත් විවෘත, තරඟකාරී සහ ආයෝජන සඳහා හිතකර ආර්ථිකයක් ගොඩනැගීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ රජය කැපවී සිටින බවද ඔහු අවධාරණය කර තිබේ.

මෙම සාකච්ඡාවේදී උප ලේකම් හෙල්බර්ග් ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථා පිළිබඳව ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා ඇති අතර, දෙරට අතර වාණිජමය අවශ්‍යතා මෙන්ම පොදු වටිනාකම් මත පදනම් වූ ශක්තිමත් සබැඳියාවක් ගොඩනැගීමට ඇති සූදානම පළ කර ඇත.

මෙම සාකච්ඡා ප්‍රායෝගික සහ ප්‍රතිඵලදායී ලෙස ඉදිරියට ගෙනයාම සඳහා උප ලේකම්වරයාට කොළඹ සංචාරයක නිරත වන ලෙස ද බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ආරාධනා කර තිබේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් ජාත්‍යන්තර සහයෝගීතාවය සහ ඍජු විදේශ ආයෝජන (FDI) ආකර්ෂණය කරගැනීම විදේශ ආයෝජන පිළිබඳ ජනාධිපති විශේෂ දූත හනීෆ් යූසුෆ් ගේ මෙම සංචාරයේ අරමුණ වී ඇත.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...