The Leader News
BREAKING
Top Ad
පුවත්

කැනඩා සිහිනය ඉතියෝපියාවේ වධකාගාරයක කෙළවර වෙයි !

T

The Leader Desk

June 2, 2026 • 6:01 AM

කැනඩා සිහිනය ඉතියෝපියාවේ වධකාගාරයක කෙළවර වෙයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලාංකිකයින් කැනඩාවට යවන බව පවසා රවටා ඉතියෝපියාවට රැගෙන ගොස්, එරට ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි හරහා දැඩි වධහිංසාවලට ලක්කරමින් කප්පම් ලබාගැනීමේ මහා පරිමාණ මිනිස් ජාවාරමක් පිළිබඳව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේදී අනාවරණය වී තිබේ.
  • අධිකරණය හමුවේ කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියා සිටියේ, කැනඩාවේ රැකියා හෝ පදිංචිය ලබාදෙන බව පවසමින් මෙරට තැරැව්කරුවන් විසින් වංචනික ලෙස පුද්ගලයන් ඉතියෝපියාවට යොමුකර ඇති බවයි.
  • එහිදී ඔවුන්ව එරට ක්‍රියාත්මක වන සන්නද්ධ අපරාධ කල්ලි වෙත භාර දී ඇති අතර, එම කල්ලි විසින් වින්දිතයන් රඳවා තබා ගනිමින් විවිධ ශාරීරික හා මානසික හිංසනයන් සිදුකර තිබේ.
  • පසුව ඔවුන් මුදා හැරීම සඳහා එක් අයෙකුගෙන් ඇමරිකානු ඩොලර් 30,000 බැගින් වූ අධික කප්පම් මුදලක් මෙරට සිටින ඥාතීන්ගෙන් ඉල්ලා තර්ජනය කර ඇති බව ද විමර්ශනවලදී හෙළි වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


ශ්‍රී ලාංකිකයින් කැනඩාවට යවන බව පවසා රවටා ඉතියෝපියාවට රැගෙන ගොස්, එරට ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි හරහා දැඩි වධහිංසාවලට ලක්කරමින් කප්පම් ලබාගැනීමේ මහා පරිමාණ මිනිස් ජාවාරමක් පිළිබඳව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේදී අනාවරණය වී තිබේ.

මෙම සිදුවීමට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) තැනැත්තන් වෙළෙඳාම්, ජාවාරම් හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග බෝදරගම, මේ පිළිබඳව වහාම පුළුල් විමර්ශනයක් පවත්වා එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස ඊයේ (01 වැනිදා) නියෝග කළේය.

අධිකරණය හමුවේ කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියා සිටියේ, කැනඩාවේ රැකියා හෝ පදිංචිය ලබාදෙන බව පවසමින් මෙරට තැරැව්කරුවන් විසින් වංචනික ලෙස පුද්ගලයන් ඉතියෝපියාවට යොමුකර ඇති බවයි. එහිදී ඔවුන්ව එරට ක්‍රියාත්මක වන සන්නද්ධ අපරාධ කල්ලි වෙත භාර දී ඇති අතර, එම කල්ලි විසින් වින්දිතයන් රඳවා තබා ගනිමින් විවිධ ශාරීරික හා මානසික හිංසනයන් සිදුකර තිබේ.

පසුව ඔවුන් මුදා හැරීම සඳහා එක් අයෙකුගෙන් ඇමරිකානු ඩොලර් 30,000 බැගින් වූ අධික කප්පම් මුදලක් මෙරට සිටින ඥාතීන්ගෙන් ඉල්ලා තර්ජනය කර ඇති බව ද විමර්ශනවලදී හෙළි වී ඇත.

ජාත්‍යන්තර මිනිස් ජාවාරම් ජාලයක සහාය ඇතිව සිදුවන මෙම සංවිධානාත්මක අපරාධය සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක බව දන්වා සිටි CID නිලධාරීන්, ඊට අදාළ ඉදිරි විමර්ශන සඳහා අවශ්‍ය විශේෂ අධිකරණ නියෝග කිහිපයක් ද ඉල්ලා සිටි අතර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඒ සඳහා අවසර ලබා දුන්නේය.

ආර්ථික අර්බුදය හමුවේ විදේශගත වීමට උත්සාහ කරන ලාංකිකයන් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන මෙවැනි වංචනික ආයතන සහ තැරැව්කරුවන් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, නිල නොවන මාර්ග හරහා විදේශගත වීමෙන් වළකින ලෙසත් ආරක්ෂක අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටී. සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර පොලිසිය (Interpol) හරහා ද තොරතුරු රැස් කිරීමට නියමිතය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...