The Leader News
BREAKING
Top Ad
පුවත්

විනිසුරු විශ්‍රාම වයස ස්ථිරවම දික්කරන බව ජනපති කියයි

T

The Leader Desk

June 2, 2026 • 5:12 AM

විනිසුරු විශ්‍රාම වයස ස්ථිරවම දික්කරන බව ජනපති කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපතිවරයා මේ බව කියා ඇත්තේ අධිකරණ නිලධාරින්ගේ සංගමය හා මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය සමග නිල රැස්වීම ආරම්භ කිරීමට පෙරය.
  • ඒ වන විට, අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර හා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් අයේෂා ජිනසේන රැස්වීම සඳහා පැමිණ නොතිබුණු බවද වැඩිදුරටත් වාර්තා වෙයි.
  • ජනාධිපතිවරයාගේ අදහස සම්බන්ධයෙන් අධිකරණ නිලධාරින්ගේ සංගමයේ හා මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ නිලධාරින් විශේෂ ප්‍රතිචාරයක් දක්වා නැති බවද අපේ ආරංචි මාර්ග කියයි.
  • ජනාධිපතිවරයා සිය අදහස පළකර ඇත්තේ එම රැස්වීමට පෙරය.
අකුරු ප්‍රමාණය (Font Size):


ජනාධිපතිවරයා මේ බව කියා ඇත්තේ අධිකරණ නිලධාරින්ගේ සංගමය හා මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය සමග නිල රැස්වීම ආරම්භ කිරීමට පෙරය. ඒ වන විට, අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර හා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් අයේෂා ජිනසේන රැස්වීම සඳහා පැමිණ නොතිබුණු බවද වැඩිදුරටත් වාර්තා වෙයි.

ජනාධිපතිවරයාගේ අදහස සම්බන්ධයෙන් අධිකරණ නිලධාරින්ගේ සංගමයේ හා මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ නිලධාරින් විශේෂ ප්‍රතිචාරයක් දක්වා නැති බවද අපේ ආරංචි මාර්ග කියයි.

අධිකරණ නිලධාරින්ගේ සංගමය හා මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය ජනාධිපතිවරයා හමවුණේ සිය වැටුප් හා දීමනා ඇතුළු වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය. ජනාධිපතිවරයා සිය අදහස පළකර ඇත්තේ එම රැස්වීමට පෙරය.

 

ජනාධිපතිවරයා එහිදී තවදුරටත් පවසා ඇත්තේ සියලු විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස දිගු කිරීමට බලාපොරොත්තු වන බවයි. එහෙත් එහි මූලික අරමුණ, වත්මන් අගවිනිසුරුවරයා තවත් වසර දෙකක් ධුරයේ තබාගැනීමට ජනාධිපතිවරයා හා ආණ්ඩුවට තිබෙන වුවමනාවයි. මෙවැනි සේවා දීර්ඝයක් නොලැබුණොත්, වර්තමාන අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, එළඹෙන දෙසැම්බරයේදී විශ්‍රාම ගැනීමට නියමිතය.

 

තමන්ට අවශ්‍ය විනිසුරුවරුන් තමන් කැමති කාලයක් ධුරයේ තබාගැනීමට ජනාධිපතිවරයා හා ආණ්ඩුව දරන උත්සාහයට මේ වන විට නීති හා අධිකරණ ක්ෂේත්‍රයේ දැඩි විවේචනයක් හා විරෝධයක් එල්ල වී තිබේ. මෙය අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් නිසැකවම වැරදි පූර්වාදර්ශයක් වන බව නීති ක්ෂේත්‍රයේ මෙන්ම අධිකරණ ක්ෂේත්‍රයේද ප්‍රවීණයන්ගේ මතයයි.

ශ්‍රී ලංකාවේ විනිසුරුවරුන් ඇතුළු නීති වෘත්තිකයන්ගේ වෘත්තීය සංවිධානය වන ශ්‍රී ලංකා නිතිඥ සංගමයද, ජනාධිපතිවරයාගේ මෙම උත්සාහයට සිය විරෝධය පළකර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයකුගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 65ක් වන අතර, අභියාචනාධිකරණ විනිසුරුවරයකුගේ එම වයස අවුරුදු 63කි. මේ සීමාව දිගු කිරීමට නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුතු වෙයි.

janaranjana(සටහන | නීතිඥ කේ. ඩබ්ලිව්. ජනරංජන)
anidda.lk සංස්කාරක

kwjanaranjana@gmail.com

උපුටා ගැනීම - අනිද්දා ෆේස්බුක් පිටුවෙන්..
2026 ජුනි 02

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

විනිසුරු විශ්‍රාම වයස ස්ථිරවම දික්කරන බව ජනපති කියයි | The Leader