වයස අවුරුදු 14ක බාලවයස්කාර දැරියක බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉරක්කාමම් පොලිසිය විසින් මැයි මස 8 වැනිදා අත් අඩංගුවට ගෙන අම්පාර මහේස්ත්‍රාත් අධිකරණය විසින් හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද සැකකරුවකු මවුලවි වරයකු යයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය ඊයේ නිවේදනය කර තිබුණි.
පොලිසියේ නිවේදනයට ප්‍රධාන පෙලේ මාධ්‍ය හා සමාජ මාධ්‍ය පුළුල් ප්‍රචාරයක් දී තිබුණි.
සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව සිය ඉරක්කාමම් ශාඛාව උපුටා දක්වමින් අද දින නිකුත් කරන ලද නිවේදනය මහජනතාවට අවධාරණය කොට ඇත්තේ සැකකාර පුද්ගලයා කිසිදු අරාබි විද්‍යාලයකින් උපාධියක් ලැබූ මවුලවිවරයකු නොවන අතර, ඔහු සමස්ත ලංකා ජමියතුල් උලමා සභාවේ ප්‍රධාන කාර්යාලයේ හෝ ඉරක්කාමම් ශාඛාවේ කිසිදු සාමාජිකත්වයක් දරන්නකු නොවන බවයි.




