The Leader News
BREAKING
Top Ad
පුවත්

විදුලි බිල ඉහළ යාමට සාපේක්ෂව ජල ගාස්තුව ද සුළු ප්‍රමාණයකින් ඉහළට !

T

The Leader Desk

June 3, 2026 • 4:29 AM

විදුලි බිල ඉහළ යාමට සාපේක්ෂව ජල ගාස්තුව ද සුළු ප්‍රමාණයකින් ඉහළට !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (02) කොළඹදී පැවති නිල පත්වීම් ලිපි ප්‍රධානෝත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
  • ජල පිරිපහදුව සහ බෙදාහැරීමේ කටයුතු සඳහා වැයවන සමස්ත පිරිවැය කෙරෙහි විදුලි බිල ඉහළ යාම සෘජුවම බලපාන බැවින් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මෙම පියවර ගන්නා බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.
  • ගාස්තු සංශෝධනය සිදුවන ආකාරය ජල බිල ඉහළ යාම සිදුවන ආකාරය පිළිබඳව ගණිතමය පැහැදිලි කිරීමක් කරමින් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ සමස්ත ජල සැපයුම් පිරිවැය තුළ විදුලිය සඳහා වැයවන්නේ 12% ක ප්‍රතිශතයක් පමණක් බවයි.
  • "සමස්ත විදුලි බිල ගත්තහම, ජල බිලේ පිරිවැයෙන් ආවරණය වෙන්නේ 12%යි.
අකුරු ප්‍රමාණය (Font Size):


අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (02) කොළඹදී පැවති නිල පත්වීම් ලිපි ප්‍රධානෝත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ජල පිරිපහදුව සහ බෙදාහැරීමේ කටයුතු සඳහා වැයවන සමස්ත පිරිවැය කෙරෙහි විදුලි බිල ඉහළ යාම සෘජුවම බලපාන බැවින් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මෙම පියවර ගන්නා බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ගාස්තු සංශෝධනය සිදුවන ආකාරය

ජල බිල ඉහළ යාම සිදුවන ආකාරය පිළිබඳව ගණිතමය පැහැදිලි කිරීමක් කරමින් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ සමස්ත ජල සැපයුම් පිරිවැය තුළ විදුලිය සඳහා වැයවන්නේ 12% ක ප්‍රතිශතයක් පමණක් බවයි.

"සමස්ත විදුලි බිල ගත්තහම, ජල බිලේ පිරිවැයෙන් ආවරණය වෙන්නේ 12%යි. පසුගිය දිනවල එම 12%ක ප්‍රමාණයෙන් 18%ක් තමයි වැඩි වුණේ. අන්න ඒ කොටස විතරක් ජල ඒකකයකට (Unit) එකතු වෙන්න නියමිතයි. ඒ අනුව බලන විට එය ඉතාමත් සුළු මුදලක්. විදුලි බිලේ සිදුවන උච්චාවචනයන් ජල බිලට බලපාන්නේ අන්න ඒ ප්‍රතිශතයට අනුවයි," යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව, විදුලි බිල 18% කින් ඉහළ යාම නිසා ජල සැපයුම සඳහා සිදුවන පිරිවැයමය බලපෑම පමණක් ගණනය කර ජල ඒකකයක මිල ඉදිරියේදී සංශෝධනය වීමට නියමිතය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...