The Leader News
BREAKING
Top Ad
පුවත්

යාපනේ මහ පොත්ගුල ගිනිබත් කර දශක හතරහමාරයි

T

The Leader Desk

June 3, 2026 • 6:11 AM

යාපනේ මහ පොත්ගුල ගිනිබත් කර දශක හතරහමාරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගිනි තැබීමෙන් අවුරුදු 22ක් ගතවූ පසු විවෘත කරන ලද පුස්තකාලය ඇතුලත සඳුදා (1) යාපනය පුස්තකාලාධිපතිනි සිවකරන් අනුෂියාගේ ප්‍රධානත්වයෙන් සහ යාපනය මහනගර සභාවේ කොමසාරිස් ඩී.සී.
  • අරවින්දරාජ්ගේ සහභාගීත්වයෙන් අනුස්මරණය පවත්වා ඇත්තේ මුල් පුස්තකාලයේ නිර්මාතෘ සහ එහි විනාශය නිසාම අවසන් ගමන් ගිය පියනමක් සමරමිනි.
  • පුෂ්පදීපානුස්මරණය සදහා පුස්තකාලයේ කාර්යමණ්ඩලයට අමතරව පාඨකයන් කිහිප දෙනකු ද එක්ව සිටි බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.
  • රනිල්ගේ සමාව මානව වර්ගයාට අහිමිව ගිය මිල කළ නොහැකි සම්පතක් ලෙසින් විද්‍යාර්ථීන් විසින් අගය කරන ලද යාපනය පුස්තකාලය එක්සත් ජාතික පක්ෂ පාලනයක් යටතේ ආරක්ෂක අංශ හවුල්වී ගිනි තැබීම සම්බන්ධයෙන් 2018 වසරේදී එවකට අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රසිද්ධියේ සමාව අයැද තිබුනි.
අකුරු ප්‍රමාණය (Font Size):


ගිනි තැබීමෙන් අවුරුදු 22ක් ගතවූ පසු  විවෘත කරන ලද පුස්තකාලය ඇතුලත  සඳුදා (1)  යාපනය පුස්තකාලාධිපතිනි සිවකරන් අනුෂියාගේ ප්‍රධානත්වයෙන් සහ යාපනය මහනගර සභාවේ කොමසාරිස් ඩී.සී. අරවින්දරාජ්ගේ  සහභාගීත්වයෙන් අනුස්මරණය පවත්වා ඇත්තේ මුල් පුස්තකාලයේ නිර්මාතෘ සහ එහි විනාශය නිසාම අවසන් ගමන් ගිය පියනමක් සමරමිනි.

සිය පතපොත සහ නිවස 1933 දී දන් දෙමින් පුස්තකාලයට මුලපිරූ කනගසබේ මුදලිතම්බි චෙල්ලප්පා සහ දකුණින් ආ මැරයන්ගේ ප්‍රහාරයෙන් පුස්තකාලය ගිනිගනු දැක වැළඳුනු හෘදයාබාධයකින් තම ජීවිතයද නිමවූ  ශාන්ත පැට්‍රික් විද්‍යාලයේ ගුරුවර, වාග් විශේෂඥ හයසින්ත් සින්ගරායර් ඩේවිඩ් පියතුමාගේ ආලේඛ්‍ය ඡායාරූප අබියස කාර්ය මණ්ඩලය විසින් මල් පුදා පහන් දල්වන ලදී.

 

j01

පුෂ්පදීපානුස්මරණය සදහා පුස්තකාලයේ කාර්යමණ්ඩලයට අමතරව පාඨකයන් කිහිප දෙනකු ද  එක්ව සිටි බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.

45
සිරිල් සහ ගාමිණී

දෙමළ, සිංහල සහ ඉංග්‍රීසි පමණක් නොව. සංස්කෘත, ලන්දේසි, ප්‍රංශ හා ලතින් භාෂාවෙන් ලියවුනු පතපොත මෙන්ම ඓතිහාසික ලියවිලි සහ අත් පිටපත් ද ඇතුළු 97,000 කට අධික ග්‍රන්ථ සම්භාරයක නිවහන වූ යාපනය පුස්තකාලය ගිනිබත් කිරීමේ බුද්ධි සංහාරය සිදුකෙරුනේ යාපනය සංවර්ධන සභා මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා ගිය සිරිල් මැතිව් සහ ගාමිණී දිසානායක ඇමැති දෙපල යාපනයේ සිටියදීයි.

ජනාධිපති ජේ ආර් ජයවර්ධනගේ නායකත්වයෙන් එවක පැවති එක්සත් ජාතික පක්ෂ රජයේ තරුණ කටයුතු භාර අමාත්‍යවරයා වුයේ හිටපු  ජනාධිපති රනිල් වික්‍රමසිංහයි. අගමැති වූයේ වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ පියා වන රණසිංහ ප්‍රේමදාසයි.

රනිල්ගේ සමාව

මානව වර්ගයාට අහිමිව ගිය මිල කළ නොහැකි සම්පතක් ලෙසින් විද්‍යාර්ථීන් විසින් අගය කරන ලද  යාපනය පුස්තකාලය  එක්සත් ජාතික පක්ෂ පාලනයක් යටතේ ආරක්ෂක අංශ හවුල්වී ගිනි තැබීම සම්බන්ධයෙන්  2018 වසරේදී එවකට අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රසිද්ධියේ සමාව අයැද තිබුනි.

“අපේ කාලේ පුස්තකාලේ ගිනිතිබ්බා. අපි ඒ ගැන කනගාටු වෙනවා. සමාව ඉල්ලා සිටිනවා,” යි රනිල් වික්‍රමසිංහ අගමැති වරයා 2018  දෙසැම්බර් 6 දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ එම වසරේ  අයවැය විවාදයට සහභාගි වෙමිනි.

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ උතුරේ සිදුකළ අපරාධ සම්බන්ධයෙන්ද සමාව ඉල්ලා සිටින ලෙස රනිල් වික්‍රමසිංහ එදින  අභියෝගයක්ද කළේය.

යුද සමයේ පල්ලි සහ කෝවිල් විනාශ කර දමන ලද බව රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව හමුවේ එදින  වැඩි දුරටත් අවධාරණය කර තිබුනි.

 

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පාර්ලිමේන්තු විපක්ෂය වූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ යාපනය රැස්වීම් භූමියකදී සිදු වූ වෙඩි තැබීමකින් පොලිස් භටයන් තිදෙනකු මරුමුවට පත්වීමෙන් අනතුරුව ආරක්ෂක අංශ හා එක්වූ දකුණෙන් ගිය එක්සත් ජාතික පක්ෂ ආධාර කරුවන් දින තුනක් තිස්සේ යාපනයේ දියත් කළ ප්‍රචණ්ඩතාවට බිලි ගන්නා ලද මහාර්ඝ සංස්කෘතික නිධානය වූයේ යාපනය පුස්තකාලයයි.

 

ඇඳිරි නීතිය පනවා තිබිය දී මෙම ප්‍රහාරය එල්ල කෙරුනු අවස්ථාවේ එජාප මැති ඇමතිවරුන් නවාතැන් ගෙන සිටියේ පුස්තකාලයට නුදුරු යාපනය තානායමේයි.

ඊලනාඩු පුවත්පත් කාර්යාලය, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණු කාර්යාලය, හින්දු කෝවිලක් සහ සිය ගණනක් කඩ සාප්පු හා නිවාසද දකුණින් ගිය මැරයන් සහ ආරක්ෂක අංශ විසින් විනාශ කරන ලදී.

ඒ කිසිදු අපරාධයක් සම්බන්ධයෙන් මේතාක් කිසිවකු නීතිය හමුවට පමුණුවා නැත.

 
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

යාපනේ මහ පොත්ගුල ගිනිබත් කර දශක හතරහමාරයි | The Leader