ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව ය.
මෙම පුද්ගලයන් විදේශගත වුවහොත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන පුළුල් විමර්ශනවලට දැඩි බාධාවක් (ආතතියක්) වන බවත්, මොවුන් රටින් පැන යාමේ පැහැදිලි අවදානමක් ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා මෙම තීන්දුව ලබා දුන්නේය.
මෙම විදෙස් ගමන් තහනම පනවා ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ සැකකරුවෙකු ලෙස නම් කර ඇති නඩුවට අදාළවය. හිටපු ජනාධිපතිවරයාට අමතරව මෙලෙස ගමන් තහනම් පනවා ඇත්තේ කර්නල් මොහොමඩ් අන්සාර් සහ බුද්ධි අංශ නිලධාරී ප්‍රේමානන්ද කුදලාගම (නොහොත් සිල්වා) යන අයටයි.
සුරේෂ් සලේ සම්බන්ධයෙන්ද CID විමර්ශන අඛණ්ඩව සිදුවන බව මෙහිදී අනාවරණය විය.
මෙම අධිකරණ නියෝගය වහාම ක්‍රියාත්මක කිරීම සඳහා ෆැක්ස් පණිවිඩයක් මඟින් ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත දැනුම් දීමටද පියවර ගෙන ඇත.
මේ අතර, සිද්ධියට අදාළව දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් නිලධාරීන් දෙදෙනා ලබන 17 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් කිරීමටද අධිකරණය නියෝග කළේය.




