ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට නේවාසික නියෝජිත Martha Tesfaye Woldemichael සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු අතර හමුව ඊයේ (03) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේ දී හමුවූ අවස්ථාවේදී ඇමැතිවරයා මේ බව කීය.
වාරික දෙකට අදාළව අමෙරිකානු ඩොලර් මිලියන 695ක මුදලක් ශ්‍රී ලංකාවට ලැබී ඇති බවත්, එය මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඉහළ නැංවිමට උපකාරී වෙමින් තාවකාලිකව සිදුවූ රුපියල අවප්‍රමාණය වීම පිළිබඳව විවිධ පාර්ශව එල්ල කළ පදනම් විරහිත චෝදනා වලට පිළිතුරක් වන බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ප්‍රතිපත්තිමය එකඟතා නිසි පරිදි ක්‍රියාත්මක කිරීම මීට හේතුව බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. විශේෂයෙන්ම දිත්වා සහ මැද පෙරදිග යුධ තත්ත්වය වැනි ආර්ථිකමය වශයෙන් ඇති වූ කම්පන තත්ත්වයන්ට ඔරොත්තු දිය හැකි මට්ටමට මෙරට ආර්ථිකය ළගා වූයේ එම නිවැරැදි ආර්ථික ප්‍රතිපත්තිමය තීන්දු තීරණ හේතුවෙන් බව හෙතෙම වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.
කම්පන තත්ත්වයන් යටතේ වඩාත් අවදානමට ලක්විය හැකි පිරිස වෙනුවෙන් රජයක් ලෙස නිසි මැදිහත්වීමක් කළ හැකි වූ බව සඳහන් කළ අමාත්‍යවරයා දිත්වා ව්‍යසනයේ දී රුපියල් බිලියන 500ක මුදලක් ද, මැද පෙරදිග යුධමය තත්ත්වය හේතුවෙන් රුපියල් බිලියන 100ක් ද මීට පෙර වෙන් කිරීමට හැකි වූ බවත්, පසුගියදා රැස් වූ කැබිනට් මණ්ඩලය මගින් ඒ සඳහා තවත් රුපියල් බිලියන 20ක් වෙන් කළ බවත් සඳහන් කළේ ය.
(සටහන | ජේ.මුණසිංහ)





