කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළේ දැනට ඇප මත පසුවන මෙම පිරිසට පනවා තිබූ විදේශ ගමන් තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමටයි.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මනෝජ් නානායක්කාර අධිකරණය හමුවේ කළ කරුණු දැක්වීම් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
උසාවි නොපැමිණි තිදෙනාට වැඩ වරදී!
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණය මඟහරිමින් පෙනී නොසිටි අනෙක් සැකකරුවන් තිදෙනා සම්බන්ධයෙන් අධිකරණය දැඩි ස්ථාවරයකට පැමිණියේය.
ඒ අනුව, අධිකරණයට අපහාස කරමින් නොපැමිණි එම සැකකරුවන් තිදෙනා වහාම අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් විවෘත වරෙන්තු නිකුත් කරනු ලැබීය.




