The Leader News
BREAKING
නිදහස් කිරීමට ආණ්ඩුව පොරොන්දු වූ උතුරේ විහාර භූමියක ‘අනවසර ඉදිකිරීම්’●අපේක්ෂිත ඇප ඉල්ලූ ශිරන්ති රාජපක්ෂ යළි දිවයිනට●නාමල්ගේ සිරගතවීම ගැන සාගරගෙන් ප්‍රබල හෙළිදරව්වක්●ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රජයට දැඩි අවධාරණයක්●ඉන්ධන මිල සහ IMF කොන්දේසි: විපක්ෂ නායකගෙන් යෝජනාවක්●අනවසර තැන්පතුවලට හසුවූවන්ට මහ බැංකුවෙන් උපරිම සාධාරණයක්●'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●
Top Ad
පුවත්

සලේගේ සියදිවි නසාගැනීමේ අවදානම සහ නීතිපතිගේ ‘ප්‍රතිපත්තිය’ උරගා බලන දිනය අදයි !

T

The Leader Desk

June 4, 2026 • 3:41 AM

සලේගේ සියදිවි නසාගැනීමේ අවදානම සහ නීතිපතිගේ ‘ප්‍රතිපත්තිය’ උරගා බලන දිනය අදයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාස්කු ප්‍රහාරයේ 3 වන සැකකරු ලෙස CID භාරයේ පසුවන, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධයෙන් ඉදිරිපත් වූ JMO වාර්තාවත් සමඟ නීති ක්ෂේත්‍රය උඩුයටිකුරු කරවන අලුත්ම නීතිමය ගැටලුවක් කරළියට පැමිණ තිබේ.
  • CID පරිශ්‍රයේ වැසිකිළියක් අසල ‘දඬුවම් කූඩුවක’ රඳවා තබමින් සලේට එල්ල කළ අමානුෂික සැලකීම් හේතුවෙන් ඔහු දැඩි මානසික බිඳවැටීමකට ලක්ව ඇති බවත්, ඔහු තුළ ‘සියදිවි නසාගැනීමේ අධි අවදානමක්’ (High Risk of Suicide) පවතින බවත් රහසිගත JMO වාර්තාව මඟින් නිල වශයෙන් තහවුරු කර ඇතැයි වාර්තාවේ.
  • මේ හේතුවෙන් ඔහුව වහාම වෙනත් ආරක්ෂිත ස්ථානයකට මාරු කරන ලෙස ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු ඊයේ (03) කළ ඉල්ලීමට අනුව කොටුව මහේස්ත්‍රාත්වරයා අද (04) දින කරුණු දක්වන ලෙස CIDයට හදිසි නොතීසි නිකුත් කළේය.
  • කෙසේවෙතත්, අද දිනයේ නීති ක්ෂේත්‍රයේ දැඩි අවධානය යොමුව ඇත්තේ වෙනත් බරපතළ කාරණාවක් වෙතය.
අකුරු ප්‍රමාණය (Font Size):


පාස්කු ප්‍රහාරයේ 3 වන සැකකරු ලෙස CID භාරයේ පසුවන, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධයෙන් ඉදිරිපත් වූ JMO වාර්තාවත් සමඟ නීති ක්ෂේත්‍රය උඩුයටිකුරු කරවන අලුත්ම නීතිමය ගැටලුවක් කරළියට පැමිණ තිබේ.

CID පරිශ්‍රයේ වැසිකිළියක් අසල ‘දඬුවම් කූඩුවක’ රඳවා තබමින් සලේට එල්ල කළ අමානුෂික සැලකීම් හේතුවෙන් ඔහු දැඩි මානසික බිඳවැටීමකට ලක්ව ඇති බවත්, ඔහු තුළ ‘සියදිවි නසාගැනීමේ අධි අවදානමක්’ (High Risk of Suicide) පවතින බවත් රහසිගත JMO වාර්තාව මඟින් නිල වශයෙන් තහවුරු කර ඇතැයි වාර්තාවේ.

මේ හේතුවෙන් ඔහුව වහාම වෙනත් ආරක්ෂිත ස්ථානයකට මාරු කරන ලෙස ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු ඊයේ (03) කළ ඉල්ලීමට අනුව කොටුව මහේස්ත්‍රාත්වරයා අද (04) දින කරුණු දක්වන ලෙස CIDයට හදිසි නොතීසි නිකුත් කළේය.

කෙසේවෙතත්, අද දිනයේ නීති ක්ෂේත්‍රයේ දැඩි අවධානය යොමුව ඇත්තේ වෙනත් බරපතළ කාරණාවක් වෙතය. ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් පෙන්වා දෙන පරිදි, අත්අඩංගුවේ සිටින සැකකරුවන්ට කෘර වදහිංසා පමුණුවා ඇති බවට JMO වාර්තාවකින් පැහැදිලිවම තහවුරු වන අවස්ථාවලදී, ඊට වගකිවයුතු පොලිස් නිලධාරීන් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම නීතිපති දෙපාර්තමේන්තුව සාමාන්‍යයෙන් අනුගමනය කරන සාම්ප්‍රදායික ප්‍රතිපත්තියයි. වදහිංසා පැමිණවීම රාජකාරි සීමාවට අනුකූල නොවන බැවින්, එවැනි නිලධාරීන්ට පුද්ගලික නීතිඥයන් මඟින් පෙනී සිටීමට සිදු වේ.


ජාත්‍යන්තර අවධානයට ලක්වූ හිටපු බුද්ධි ප්‍රධානියාගේ මෙම සිදුවීමේදී, නීතිපතිවරයා එම සාමාන්‍ය නීතිමය ප්‍රතිපත්තියෙන් බැහැරව වධහිංසා චෝදනා ලැබූ නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටීමට කටයුතු කරනු ඇත්ද? නැතහොත් මානව හිමිකම් සුරැකීමේ සම්ප්‍රදාය තවදුරටත් රක්ෂා කරනු ඇත්ද? යන්න අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී තීරණය වීමට නියමිතය.

(සටහන | හර්ෂ ගුරුගේ)


සබැඳි පුවතක් :

සලේ සියදිවි නසා ගැනීමේ අවදානමක? JMO වාර්තාවෙන් කරුණු තහවුරුවන බව ජනාධිපති නීතිඥයා කියයි


 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සලේගේ සියදිවි නසාගැනීමේ අවදානම සහ නීතිපතිගේ ‘ප්‍රතිපත්තිය’ උරගා බලන දිනය අදයි ! | The Leader