The Leader News
BREAKING
නිදහස් කිරීමට ආණ්ඩුව පොරොන්දු වූ උතුරේ විහාර භූමියක ‘අනවසර ඉදිකිරීම්’●අපේක්ෂිත ඇප ඉල්ලූ ශිරන්ති රාජපක්ෂ යළි දිවයිනට●නාමල්ගේ සිරගතවීම ගැන සාගරගෙන් ප්‍රබල හෙළිදරව්වක්●ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රජයට දැඩි අවධාරණයක්●ඉන්ධන මිල සහ IMF කොන්දේසි: විපක්ෂ නායකගෙන් යෝජනාවක්●අනවසර තැන්පතුවලට හසුවූවන්ට මහ බැංකුවෙන් උපරිම සාධාරණයක්●'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●
Top Ad
පුවත්

ගාල්ලේ තිරිසන් වැඩක්: වැටුප් ඉල්ලූ බාලවයස්කාර දරුවකු නිරුවත් කර වධහිංසා පමුණුවලා ! - පොලිසිය බුදි !!

T

The Leader Desk

June 4, 2026 • 4:41 AM

ගාල්ලේ තිරිසන් වැඩක්: වැටුප් ඉල්ලූ බාලවයස්කාර දරුවකු නිරුවත් කර වධහිංසා පමුණුවලා ! - පොලිසිය බුදි !!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රකට දේශපාලන ක්‍රියාකාරී වසන්ත මුදලිගේ විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහළ සාක්ෂි සහිත වීඩියෝවකින් හෙළිවන්නේ, මාසයක සේවා වැටුප් ඉල්ලා සිටි අවුරුදු 16ක බාලවයස්කාර දරුවෙකුට එල්ල වූ අමානුෂික ප්‍රහාරයකි.
  • වැරදි පටවා ඇඳුම් ගලවා පහරදීමේ තිරිසන් ක්‍රියාව වැටුප් ඉල්ලූ සැනින්, තම නිවසේ රත්තරන් බඩු සොරාගත් බවට අසත්‍ය චෝදනා නඟමින්, එම වරද පිළිගන්නා ලෙස බලකරමින් මෙම දරුවාගේ ඇඳුම් ගලවා, නිරුවත් කර බරපතල වධහිංසනයට ලක්කර ඇත.
  • ගැටලුවකට නීත්‍යානුකූල පියවරක් වෙනුවට, නීතිය අතට ගෙන බාලවයස්කාර දරුවෙකු මෙලෙස දඩයම් කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැක්කකි.
  • ළමා රක්ෂණ අධිකාරිය සහ පොලීසිය තවමත් මුණිවත රකින්නේ ඇයි?
අකුරු ප්‍රමාණය (Font Size):


ප්‍රකට දේශපාලන ක්‍රියාකාරී වසන්ත මුදලිගේ විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහළ සාක්ෂි සහිත වීඩියෝවකින් හෙළිවන්නේ, මාසයක සේවා වැටුප් ඉල්ලා සිටි අවුරුදු 16ක බාලවයස්කාර දරුවෙකුට එල්ල වූ අමානුෂික ප්‍රහාරයකි.

දංගෙදර සහ සරෙන්තුකඩේ හන්දිය අතර ඉන්ධන පිරවුම්හල අසල, සියඹලාගහවත්ත ප්‍රදේශයේ බිත්තර ව්‍යාපාරයක නිරත "සුරේෂ්" නැමැති පුද්ගලයා විසින් මෙම සාහසික අපරාධය මෙහෙයවා තිබේ.

වැරදි පටවා ඇඳුම් ගලවා පහරදීමේ තිරිසන් ක්‍රියාව

වැටුප් ඉල්ලූ සැනින්, තම නිවසේ රත්තරන් බඩු සොරාගත් බවට අසත්‍ය චෝදනා නඟමින්, එම වරද පිළිගන්නා ලෙස බලකරමින් මෙම දරුවාගේ ඇඳුම් ගලවා, නිරුවත් කර බරපතල වධහිංසනයට ලක්කර ඇත. ගැටලුවකට නීත්‍යානුකූල පියවරක් වෙනුවට, නීතිය අතට ගෙන බාලවයස්කාර දරුවෙකු මෙලෙස දඩයම් කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැක්කකි.

ළමා රක්ෂණ අධිකාරිය සහ පොලීසිය තවමත් මුණිවත රකින්නේ ඇයි?

වීඩියෝ සාක්ෂි ප්‍රසිද්ධව තිබියදීත්, බාලවයස්කාර දරුවෙකු මෙලෙස ශ්‍රම සූරාකෑමට ලක්කිරීම, වධහිංසනය සහ ළමා අපයෝජනය සම්බන්ධයෙන් අදාළ බලධාරීන් වහාම ක්‍රියාත්මක විය යුතුය. ජාතික ළමා රක්ෂණ අධිකාරිය (NCPA) සහ ශ්‍රී ලංකා පොලීසිය වහාම මැදිහත් වී මෙම "බිත්තර සුරේෂ්" නැමැති සාහසිකයා වහාම අත්අඩංගුවට ගෙන දරුවාට යුක්තිය ඉටුකිරීමට බලකර සිටිමු. නීතිය සැමට සමාන විය යුතුය!

(සටහන | හර්ෂ ගුරුගේ )



දරුවකු වැඩට ගෙන මාසයක වැටුප් ඉල්ලපු අවස්ථාවේ ඔවුන්ගේ රත්තරන් භාණ්ඩ සොරා ගත් යැයි පවසා වරද පිළිගන්නා ලෙස ඇඳුම් ගලවා නිරුවත්කර  සාහසික ලෙස  පහරදෙන අවස්ථාව දැක්වෙන වීඩියෝව මතු පළවේ.

 


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ගාල්ලේ තිරිසන් වැඩක්: වැටුප් ඉල්ලූ බාලවයස්කාර දරුවකු නිරුවත් කර වධහිංසා පමුණුවලා ! - පොලිසිය බුදි !! | The Leader