The Leader News
BREAKING
නිදහස් කිරීමට ආණ්ඩුව පොරොන්දු වූ උතුරේ විහාර භූමියක ‘අනවසර ඉදිකිරීම්’●අපේක්ෂිත ඇප ඉල්ලූ ශිරන්ති රාජපක්ෂ යළි දිවයිනට●නාමල්ගේ සිරගතවීම ගැන සාගරගෙන් ප්‍රබල හෙළිදරව්වක්●ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රජයට දැඩි අවධාරණයක්●ඉන්ධන මිල සහ IMF කොන්දේසි: විපක්ෂ නායකගෙන් යෝජනාවක්●අනවසර තැන්පතුවලට හසුවූවන්ට මහ බැංකුවෙන් උපරිම සාධාරණයක්●'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●
Top Ad
පුවත්

'හිරගෙවල් වහලා, ඒවා පාසල් කරපු දාටයි අපි දිනන්නේ' - අධිකරණ ඇමතිගෙන් වැලිකඩට අලුත් බලාපොරොත්තුවක්!

T

The Leader Desk

June 4, 2026 • 4:05 PM

'හිරගෙවල් වහලා, ඒවා පාසල් කරපු දාටයි අපි දිනන්නේ' - අධිකරණ ඇමතිගෙන් වැලිකඩට අලුත් බලාපොරොත්තුවක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නීතියේ රැහැනට හසුවී බන්ධනාගාරගත වන මව්වරුන් සමඟ සිරකුටිවල ලැගුම් ගැනීමට සිදුවන වයස අවුරුදු 5ට අඩු අහිංසක දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනය වෙනුවෙන් සුවිශේෂී ජාතික වැඩසටහනක් (SCILL) වැලිකඩ බන්ධනාගාරයෙන් ආරම්භ කර තිබේ.
  • කුඩු ජාවාරමට වැට බඳින්න සමාජයත් පෙරමුණට ආ යුතුයි මෙහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න හමුවේ අමාත්‍යවරයා පද්ධතියේ ඇති බිහිසුණු යථාර්ථය ද හෙළි කළේය.
  • අද වන විට මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පමණක් 24,000ක් සිරගතව සිටින බවත්, ජාවාරම්කරුවන්ට දැන් රාජ්‍ය අනුග්‍රහය නොමැති බවත් ඔහු පැවසීය.
  • "නීතියෙන් සැපයුම් ජාලය කැපුවත්, මත්ද්‍රව්‍ය ඉල්ලුම නැවැත්වීම සමාජයේ වගකීමක්" යැයි පැවසූ ඇමතිවරයා, රස පරීක්ෂක වාර්තා ප්‍රමාදය නිසා සිරගෙවල් තදබද වන ගැටලුවට විසඳුම් ලෙස වසරක ප්‍රමාදය මාස 3 දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව ද සනාථ කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):
නීතියේ රැහැනට හසුවී බන්ධනාගාරගත වන මව්වරුන් සමඟ සිරකුටිවල ලැගුම් ගැනීමට සිදුවන වයස අවුරුදු 5ට අඩු අහිංසක දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනය වෙනුවෙන් සුවිශේෂී ජාතික වැඩසටහනක් (SCILL) වැලිකඩ බන්ධනාගාරයෙන් ආරම්භ කර තිබේ.

"මුල් ළමා විය අසාර්ථක වූවන්ගෙන් බහුතරයක් අද බන්ධනාගාරගතව සිටිනවා. වැරදිකරුවන් පුනරුත්ථාපනය කරන අතරේ, කිසිදු වරදක් නොකළ මේ දරුවන්ගේ අයිතිවාසිකම් රැකීම මානුෂීය වගකීමක්" යැයි තිඹිරිගස්යායේදී පැවැති මෙම සමාරම්භක උළෙල අමතමින් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර අවධාරණය කළේය.
 
කුඩු ජාවාරමට වැට බඳින්න සමාජයත් පෙරමුණට ආ යුතුයි

මෙහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න හමුවේ අමාත්‍යවරයා පද්ධතියේ ඇති බිහිසුණු යථාර්ථය ද හෙළි කළේය. අද වන විට මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පමණක් 24,000ක් සිරගතව සිටින බවත්, ජාවාරම්කරුවන්ට දැන් රාජ්‍ය අනුග්‍රහය නොමැති බවත් ඔහු පැවසීය.

"නීතියෙන් සැපයුම් ජාලය කැපුවත්, මත්ද්‍රව්‍ය ඉල්ලුම නැවැත්වීම සමාජයේ වගකීමක්" යැයි පැවසූ ඇමතිවරයා, රස පරීක්ෂක වාර්තා ප්‍රමාදය නිසා සිරගෙවල් තදබද වන ගැටලුවට විසඳුම් ලෙස වසරක ප්‍රමාදය මාස 3 දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව ද සනාථ කළේය.


"හැංගිලා ඉන්න දේශපාලකයින්ට හැමදාම හැංගිලා ඉන්න වෙන්නේ"

විදේශගතව සැඟව සිටින දූෂිත දේශපාලනඥයින් සහ අපරාධකරුවන් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා, නීතිමය ප්‍රතිපාදන හරහා නඩු ඇසීම කඩිනම් කර ඇති බවත්, වැරදිකරුවන්ට නිසි දඬුවම් දෙන තෙක් ඔවුන්ට සදාකාලිකවම හැංගී සිටීමට සිදුවන බවත්  ප්‍රකාශ කළේය.

තවද, වැලිකඩ බන්ධනාගාරය හොරණ මිල්ලෑව ප්‍රදේශයට ගෙනයාමට සහ සිරකරුවන් නිවාස අඩස්සියේ තබා අධීක්ෂණය කිරීමේ නව ක්‍රමවේදයක් ගැන ද අවධානය යොමු කර ඇත. "අපි සාර්ථක වෙන්නේ ලොකු හිරගෙවල් හැදුව දාට නෙවෙයි, හිරගෙවල් වහලා ඒවා පාසල් කරපු දාටයි," යනුවෙන් ඇමතිවරයා සිය කතාව අවසන් කළේය.

714949244 1436012558561508 4478095416554151905 n709368144 1435921275237303 1082536835746119725 n

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'හිරගෙවල් වහලා, ඒවා පාසල් කරපු දාටයි අපි දිනන්නේ' - අධිකරණ ඇමතිගෙන් වැලිකඩට අලුත් බලාපොරොත්තුවක්! | The Leader