දෙමළ ජාතිකවාදී පක්ෂ සහ දෙස්, විදෙස් ආධාරකරුවන් සතියක් තුලදී ලක්ෂ 70කට අධික මුදලක් තමන් වෙත දන් දීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වමින් ස්තුතිය පුද කරන වැල්වැටිතුරේ නගර සභාවේ පුරපති එම් කේ සිවාජිලිංගම් පවසන්නේ ආරම්භක ප්‍රතිකාර සදහා පමණක් අවශ්‍ය මුදල් ඉල්ලා සිටියද ඉදිරි ප්‍රතිකාර සඳහා අවශ්‍ය මුදල්ද ඔවුන් විසින් ලබා දී තිබෙන බවයි.
“සතියක් ඇතුළත මම ඉල්ලපු මුදල ලබාදී තිබෙනවා. ආරම්භක ප්‍රතිකාර සඳහා අවශ්‍ය මුදල් තමයි ඉල්ලා සිටියේ. ඉදිරි ප්‍රතිකාර සඳහා මුදල් ඉල්ලුවේ නැහැ. ඒ මුදලත් එවා තිබෙනවා. මේ හදවත්වලට මගේ ස්තූතිය පළ කරනවා.”
මේ වන විට දෙමළ ජාතික පක්ෂයේ (TNP) ලේකම් ලෙසද කටයුතු කරන එම්. කේ. සිවාජිලිංගම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ද වේ.




