The Leader News
BREAKING
Top Ad
පුවත්

උසස් පෙළ කල්දමන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක්: ආණ්ඩුවට දැඩි විවේචන!

T

The Leader Desk

June 26, 2026 • 3:17 PM

උසස් පෙළ කල්දමන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක්: ආණ්ඩුවට දැඩි විවේචන!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උසස් පෙළ විභාගය යනු හුදෙක් විශ්වවිද්‍යාල ප්‍රවේශය පමණක් නොව, නීති විද්‍යාල ප්‍රවේශය, ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සමස්ත රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ රැකියා සුදුසුකම් තීරණය කරන ප්‍රධානතම කඩඉමකි.
  • පිවිතුරු හෙළ උරුමය මතු කරන ප්‍රධාන තාක්ෂණික ගැටලු මෙන්න පළමු වර පෙනී සිටින සිසුන්ගේ කාලය කප්පාදු කිරීම: උසස් පෙළ විෂය නිර්දේශය ආවරණය කිරීම සඳහා ඉතිහාසය පුරාම සිසුන්ට මාස 24ක (වසර දෙකක) අවම කාලයක් හිමිවන අතර සමහර වසරවල එය මාස 28 සිට 32 දක්වා දීර්ඝ වී ඇත.
  • එහෙත් මෙවර පළමු වරට විභාගයට මුහුණ දෙන සිසුන්ට මෙම දැවැන්ත විෂය නිර්දේශය ආවරණය කිරීමට ලැබී ඇත්තේ මාස 21ක පමණ සීමිත කාලයක් බව පක්ෂය පෙන්වා දෙයි.
  • දෙවන සහ තෙවන වර සිසුන්ට ඇති ප්‍රායෝගික බාධා: සාමාන්‍යයෙන් සිසුන් නැවත විභාගයට ලියනවාද නැද්ද යන්න තීරණය කරන්නේ පෙර විභාගයේ ප්‍රතිඵල ආ පසුය.
අකුරු ප්‍රමාණය (Font Size):

විෂය නිර්දේශ ආවරණයට සාමාන්‍යයෙන් ලැබෙන මාස 24ක කාලය මෙවර මාස 21 දක්වා කප්පාදු කරලා

ප්‍රතිඵල නිකුත් වීම සහ විභාගය අතර දින ගණන 133 දක්වා අඩුවීම ගැන පිවිතුරු හෙළ උරුමය උසාවි යයි

මෙවර අගෝස්තු මස පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගය කල්දමන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ගොනු කිරීමට පිවිතුරු හෙළ උරුමය පක්ෂය අද (26) පියවර ගෙන තිබේ.

පෙත්සම ගොනු කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ ප්‍රචාරක ලේකම් අංජන උදාර ප්‍රකාශ කළේ, විභාගය සඳහා සූදානම් වීමට සිසුන්ට ප්‍රමාණවත් කාලයක් ලබා නොදීම හේතුවෙන් මෙවර විභාගයට පෙනී සිටින දරුවන්ට සිදුවන අසාධාරණය වෙනුවෙන් පක්ෂයක් ලෙස තමන් අධිකරණමය ක්‍රියාමාර්ග වෙත යොමු වූ බවයි.

උසස් පෙළ විභාගය යනු හුදෙක් විශ්වවිද්‍යාල ප්‍රවේශය පමණක් නොව, නීති විද්‍යාල ප්‍රවේශය, ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සමස්ත රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ රැකියා සුදුසුකම් තීරණය කරන ප්‍රධානතම කඩඉමකි. විභාග කාලසටහන් හේතුවෙන් සිසුන්ට අවාසිදායක තත්ත්වයක් නිර්මාණය වීම ඔවුන්ගේ සමස්ත අනාගත වෘත්තීය ජීවිතයට සෘජුවම බලපානු ලබයි.

පිවිතුරු හෙළ උරුමය මතු කරන ප්‍රධාන තාක්ෂණික ගැටලු මෙන්න

පළමු වර පෙනී සිටින සිසුන්ගේ කාලය කප්පාදු කිරීම:
උසස් පෙළ විෂය නිර්දේශය ආවරණය කිරීම සඳහා ඉතිහාසය පුරාම සිසුන්ට මාස 24ක (වසර දෙකක) අවම කාලයක් හිමිවන අතර සමහර වසරවල එය මාස 28 සිට 32 දක්වා දීර්ඝ වී ඇත. එහෙත් මෙවර පළමු වරට විභාගයට මුහුණ දෙන සිසුන්ට මෙම දැවැන්ත විෂය නිර්දේශය ආවරණය කිරීමට ලැබී ඇත්තේ මාස 21ක පමණ සීමිත කාලයක් බව පක්ෂය පෙන්වා දෙයි.

දෙවන සහ තෙවන වර සිසුන්ට ඇති ප්‍රායෝගික බාධා:
සාමාන්‍යයෙන් සිසුන් නැවත විභාගයට ලියනවාද නැද්ද යන්න තීරණය කරන්නේ පෙර විභාගයේ ප්‍රතිඵල ආ පසුය. 2024 සහ 2025 වසරවල ප්‍රතිඵල නිකුත් වීම සහ විභාගය පැවැත්වීම අතර සිසුන්ට පිළිවෙළින් දින 178ක් සහ දින 198ක් ලැබී තිබුණි. එහෙත් මෙවර මාර්තු අවසානයේ ප්‍රතිඵල ලැබී අගෝස්තු 10 විභාගය පැවැත්වෙන බැවින් පුනරීක්ෂණ කටයුතු සඳහා සිසුන්ට ලැබෙන්නේ දින 133ක් වැනි කෙටි කාලයක් පමණි.

පෙර වසරවල සිසුන් සමඟ තරඟ කිරීමට සිදුවීම:
මෙවර අඩු කාලයකින් විභාගයට මුහුණ දෙන සිසුන්ට තරඟ කිරීමට සිදුවන්නේ, පෙර වසරවල වැඩි කාලයක් ලබාගෙන විභාගය ඉහළින්ම සමත්ව සිටින සිසුන් සමඟ බැවින් Z-score අගයන් පදනම් කරගන්නා ව්‍යුහය තුළ මෙවර සිසුන් දැඩි අසාධාරණයකට ලක්වන බව අංජන උදාර සඳහන් කළේය.

 

රජයේ ප්‍රතිචාරය පිළිබඳ විවේචන

උසස් පෙළ සිසුන් මුහුණ දී සිටින මෙම සංවේදී ගැටලුව සම්බන්ධයෙන් වත්මන් අධ්‍යාපන අමාත්‍යවරිය, අග්‍රාමාත්‍යවරිය හෝ සමස්ත රජය කිසිදු සංවේදීතාවක් හෝ ප්‍රතිචාරයක් දක්වා නොමැති බව පිවිතුරු හෙළ උරුමය චෝදනා කරයි. මීට පෙර 2012 ශිෂ්‍යත්ව විභාගයේදී සහ 2022 උසස් පෙළ විභාගයේදී පක්ෂය මැදිහත් වූ අවස්ථාවල එවකට පැවති රජයන් සිසුන්ට සාධාරණ කාලයක් ලබාදීමට කටයුතු කළ ද, වත්මන් පාලනය සිසුන්ගේ ඉල්ලීම් නොසලකා හැර ඇති බැවින් අධිකරණය හරහා සිසුන්ට සාධාරණයක් ඉටුවනු ඇතැයි අපේක්ෂා කරන බව එම පක්ෂය වැඩිදුරටත් කියා සිටියේය.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...