The Leader News
BREAKING
Top Ad
පුවත්

වරලත් මාධ්‍ය ආයතන පනතෙන් මාධ්‍ය නිදහස අවදානමක: ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය වහාම තහවුරු කරන්න!

T

The Leader Desk

June 26, 2026 • 3:24 PM

 වරලත් මාධ්‍ය ආයතන පනතෙන් මාධ්‍ය නිදහස අවදානමක: ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය වහාම තහවුරු කරන්න!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම සංවිධානයේ මහලේකම් සුනිල් ජයසේකර ගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, මෙම යෝජිත පනත ශ්‍රී ලංකා මාධ්‍ය ක්ෂේත්‍රයේ අනාගතයට තීරණාත්මක බලපෑමක් කළ හැකි ලේඛනයක් වුව ද, එහි අන්තර්ගත ඇතැම් වගන්ති මඟින් නිදහස් මාධ්‍ය සංස්කෘතියට බරපතළ හානියක් සිදුවීමේ අවදානමක් පවතින බවයි.
  • එසේ නොමැතිව විධායකයේ හෝ අමාත්‍යවරයාගේ සෘජු පාලනයට යටත් වන පරිදි නව ආයතනික ව්‍යුහයන් පැනවීම, ශ්‍රී ලංකාව දශක ගණනාවක් තිස්සේ අත්පත් කරගෙන ඇති නිදහස් මාධ්‍ය සංස්කෘතිය ආපසු හැරවීමකට ලක් කරන්නකි.
  • එය එසේ වුවහොත්, මාධ්‍ය සමාජය අපේක්ෂා කරන ස්වාධීනත්වය අහිමි වී නිදහස් මාධ්‍ය සංස්කෘතියට අහිතකර බලපෑම් එල්ල වන බව සංවිධානය පිළිගනියි.
  • දේශපාලන සහ පරිපාලනමය ඇඟිලි ගැසීම්: මෙම ආයතනයේ කටයුතු කළමනාකරණය සඳහා මුලින් පත්කරනු ලබන 'අතුරු සභාව' විෂය භාර අමාත්‍යවරයාගේ සහ අමාත්‍යාංශ ලේකම්වරයාගේ නිර්දේශ අනුව පත්කිරීමට කෙටුම්පත මඟින් අවසර දී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

අතුරු සභාව පත්කිරීම අමාත්‍යවරයාගේ සහ ලේකම්වරයාගේ නිර්දේශ මත සිදුකිරීමට දැඩි විරෝධයක්

තීන්දු ගැනීමේ ගණපූර්ණය 5ක් වීම නිසා තිදෙනෙකුට සමස්ත මාධ්‍ය ක්ෂේත්‍රයේ තීන්දු ගැනීමේ බලය ලැබීමේ අවදානමක්

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ නියමය පරිදි 2026 ජූනි 05 වන දින ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කර ඇති 'ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිළිබඳ පනත් කෙටුම්පත' පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර, රටේ ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය ස්ථාවර කරගත යුතු බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය රජයෙන් ඉල්ලා සිටියි.

එම සංවිධානයේ මහලේකම් සුනිල් ජයසේකර ගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, මෙම යෝජිත පනත ශ්‍රී ලංකා මාධ්‍ය ක්ෂේත්‍රයේ අනාගතයට තීරණාත්මක බලපෑමක් කළ හැකි ලේඛනයක් වුව ද, එහි අන්තර්ගත ඇතැම් වගන්ති මඟින් නිදහස් මාධ්‍ය සංස්කෘතියට බරපතළ හානියක් සිදුවීමේ අවදානමක් පවතින බවයි.

රටක මාධ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකිරීමට ප්‍රථම සියලුම වෘත්තීය සහ සිවිල් සංවිධානවල එකඟතාවයෙන් යුත් ජාතික ප්‍රතිපත්තියක් සැකසීම අත්‍යවශ්‍ය වේ. එසේ නොමැතිව විධායකයේ හෝ අමාත්‍යවරයාගේ සෘජු පාලනයට යටත් වන පරිදි නව ආයතනික ව්‍යුහයන් පැනවීම, ශ්‍රී ලංකාව දශක ගණනාවක් තිස්සේ අත්පත් කරගෙන ඇති නිදහස් මාධ්‍ය සංස්කෘතිය ආපසු හැරවීමකට ලක් කරන්නකි.


පනත් කෙටුම්පතේ පවතින ප්‍රධාන ව්‍යුහාත්මක ගැටලු කිහිපයක්

ස්වාධීනත්වය පිළිබඳ ගැටලුව:
යෝජිත 'ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය' ස්වාධීන ආයතනයක් වෙනුවට රජයේ සෘජු පාලනයට යටත් වන සංස්ථාපිත රාජ්‍ය ආයතනයක් (මණ්ඩලයක්) වීමේ ලකුණු පෙනෙන්නට තිබේ. එය එසේ වුවහොත්, මාධ්‍ය සමාජය අපේක්ෂා කරන ස්වාධීනත්වය අහිමි වී නිදහස් මාධ්‍ය සංස්කෘතියට අහිතකර බලපෑම් එල්ල වන බව සංවිධානය පිළිගනියි.

දේශපාලන සහ පරිපාලනමය ඇඟිලි ගැසීම්:
මෙම ආයතනයේ කටයුතු කළමනාකරණය සඳහා මුලින් පත්කරනු ලබන 'අතුරු සභාව' විෂය භාර අමාත්‍යවරයාගේ සහ අමාත්‍යාංශ ලේකම්වරයාගේ නිර්දේශ අනුව පත්කිරීමට කෙටුම්පත මඟින් අවසර දී ඇත. මේ නිසා කර්තෘ සංසදය, විද්‍යුත් මාධ්‍ය විකාශකයන්ගේ සංගමය, පුවත්පත් ප්‍රකාශකයන්ගේ හා හිමිකරුවන්ගේ සංගමය ඇතුළු ක්ෂේත්‍රයේ සැබෑ කොටස්කරුවන්ගේ එකඟතාවයකින් තොරව පාලනය හැසිරවීමේ ඉඩකඩක් නිර්මාණය වේ.

තීන්දු ගැනීමේ ගණපූර්ණ අර්බුදය:
අතුරු සභාවෙන් වසරකට පසු පිහිටුවන ස්ථිර 'පරිපාලන කමිටුව' සඳහා සාමාජිකයන් තෝරාගැනීමේ ව්‍යුහය අසමබරය. විශේෂයෙන්ම එහි තීන්දු ගැනීමේ ගණපූර්ණය (Quorum) සාමාජිකයන් පස්දෙනෙකුට සීමා කර තිබීම නිසා, ඇතැම් අවස්ථාවලදී ඉන් තිදෙනෙකු වැනි සුළු පිරිසකට සමස්ත ලාංකීය මාධ්‍ය ක්ෂේත්‍රයටම බලපාන තීරණාත්මක තීන්දු ගැනීමේ නෛතික හැකියාව ලැබීම අතිශය අවදානම් සහගතය.

 

රටේ පොදු යහපත උදෙසා මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර, මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම වෘත්තීය සංවිධාන කැඳවා ඔවුන්ගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් සංශෝධන සිදුකළ යුතු බවත්, දැනටමත් රජය සූදානම් කර ඇති ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත්කර ස්ථාවර කිරීමෙන් අනතුරුව පමණක් මාධ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට අවතීර්ණ වන ලෙසත් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය රජයෙන් ඉල්ලා සිටියි.


bcv cxgd

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...