මේ දෙමටගොඩ පාලම යට. එතන ජීවත්වෙන මිනිස්සු ගොඩක් ඉන්නවා. වැඩට යන එන අය එනවා යනවා. ටිකක් එහා පැත්තෙන් ඉස්ටේසම. බොහෝ පිරිස් නිවෙස් බලා එන අතරදි රැකියාව පිණිස හවස් යාමෙ එලියට එන අභිසාරිකාවොත් ඉන්නවා. දෙමටගොඩ පාලම යට තියෙනවා පාලම උඩින් යන ජනතාව නොදකින අමුතු ජීවිතයක්.
මේ වයසක අම්මාගෙ නවාතැන එතන. එයා දවසෙම බුදුන් වඳිනවා. මරණය එනතෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඊට එහායින් තරුණ ආශාව සතපන අභිසාරිකාවක්. සමහර විට එයා කරන රස්සාවට අමතරව කීයක් හරි උපයන්න සැනසීමක් හොයන පිරිමියෙක් බලාපොරොත්තු වෙනවා ඇති. ඒ අපි විසින් එතන පැලකළ නිර්මාණය.
ඊට එහායින් ඉන්නෙ පවුලක්. පිංතූරයට නොපනුනාට ඒ පවුලෙ හිටියා කිරිකැටි දරුවෙක්. ඒ දරුවා ලොකුමහත් වෙන්නෙ පාලම යට. තාත්තා යම් මත්ද්‍රව්‍යයකට ඇබ්බැහියි කියලා සරලවම හිතන්න පුළුවන්. ඒත් ඒ පාලම යටත් පොඩි එකා හයියෙන් හිනාවෙනවා. ඌට ලෝකෙ කියන්නෙ අලුත උපන් බලාපොරොත්තුවක්.
මට මේ පිංතූරෙ හරියට බණ කතාවක් වගේ. ඒක සසරක කතාවක්. දෙපැත්තෙ උපත සහ මරණය අතර මැද සැරිසරන අභිසාරිකාවක්.
අභිසාරි චිත්‍රපටිය ජූලි 24 පටන් සිනමාශාලාවල දැකගන්න පුළුවන්

(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)
2026 ජුලි 20




