The Leader News
BREAKING
Top Ad
පුවත්

අගමැතිනිය දුරදක්නයකින් නිරීක්ෂණය කළ තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග!

T

The Leader Desk

July 21, 2026 • 3:50 PM

 අගමැතිනිය දුරදක්නයකින් නිරීක්ෂණය කළ තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක උත්සවයකට අග්‍රාමාත්‍යවරිය පැමිණි අවස්ථාවේ සිදුවූ ආරක්ෂක සිදුවීමක්
  • සැකකරුවන් සහ පොලිස් විමර්ශන අත්අඩංගුවට පත් සැකකරුවන් තිදෙනා අතුරින් දෙදෙනෙකු එකම පවුලේ සහෝදරයන් වන අතර, ඔවුන් කින්නියා සහ මොල්ලිපතාන යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
  • ඔවුන් කොළඹ ප්‍රදේශයේ රැකියාවල නිරත වන බවට ප්‍රකාශ කර ඇති බව ද විමර්ශන නිලධාරීහු සඳහන් කළහ.
අකුරු ප්‍රමාණය (Font Size):

සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ විමර්ශන වාර්තාවක් හෙට දින අධිකරණයට ඉදිරිපත් කිරීමට කොම්පඤ්ඤවීදිය පොලිසියට නියෝග

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ හෝටලයක පැවැති උත්සවයක් සඳහා පැමිණි අවස්ථාවේදී, ඇයව දුරදක්නයක් (Binoculars) භාවිත කරමින් නිරීක්ෂණය කළ බව කියන පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන හෙට (22) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (21) නියෝග කළේය.

කොම්පඤ්ඤවීදිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් අදාළ සැකකරුවන් තිදෙනා අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය ලබා දුන්නේය.


සැකකරුවන් සහ පොලිස් විමර්ශන

අත්අඩංගුවට පත් සැකකරුවන් තිදෙනා අතුරින් දෙදෙනෙකු එකම පවුලේ සහෝදරයන් වන අතර, ඔවුන් කින්නියා සහ මොල්ලිපතාන යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. ඔවුන් කොළඹ ප්‍රදේශයේ රැකියාවල නිරත වන බවට ප්‍රකාශ කර ඇති බව ද විමර්ශන නිලධාරීහු සඳහන් කළහ.

අග්‍රාමාත්‍යවරියගේ ආරක්ෂාවට අදාළව සිදුවූ මෙම සිදුවීමේ බරපතලකම සැලකිල්ලට ගනිමින්, සිද්ධියට අදාළව පුළුල් විමර්ශනයක් පවත්වා ඊට අදාළ සම්පූර්ණ වාර්තාවක් හෙට (22) අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා කොම්පඤ්ඤවීදිය පොලිසියට වැඩිදුරටත් නියෝග කළේය.

ඒ අනුව සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීම හෙට දින අධිකරණයට ඉදිරිපත් කෙරෙන පොලිස් වාර්තාවෙන් අනතුරුව සිදුකිරීමට නියමිතය.

 
 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...