The Leader News
BREAKING
Top Ad
පුවත්

කටුවාන කර්මාන්තපුරයේ ගින්නෙන් පස්දෙනෙකු ජීවිතක්ෂයට ; පූර්ණ විමර්ශනයකට නියෝග!

T

The Leader Desk

July 21, 2026 • 4:31 PM

කටුවාන කර්මාන්තපුරයේ ගින්නෙන් පස්දෙනෙකු ජීවිතක්ෂයට ; පූර්ණ විමර්ශනයකට නියෝග!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හෙල්මට් නිෂ්පාදනාගාරයේ තට්ටු තුනක ගොඩනැඟිල්ල පුරා ගින්න වේගයෙන් පැතිර යාම නිසා සේවකයන් පිරිසක් සිරවෙති
  • මෙහෙයුම් සහ විමර්ශන පසුබිම ගින්න ව්‍යාප්ත වන අවස්ථාවේදී සේවකයන් කිහිපදෙනෙකු ගොඩනැගිල්ල තුළ සිරවී සිට ඇති අතර, ගින්නේ පැවැති අධික තීව්‍රතාව සහ දුමාරය හේතුවෙන් ගිනි නිවන භටයන්ට ඔවුන් සිටි ස්ථාන වෙත ළඟාවීම දැඩි අභියෝගයක් විය.
  • කෝට්ටේ සහ දෙහිවල-ගල්කිස්ස මහ නගර සභාවල ගිනි නිවන රථ ඇතුළු ගිනි නිවන ඒකක 6ක් යොදවා පැය කිහිපයක මෙහෙයුමකින් පසුව ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට සමත් විය.
  • සෝදිසි මෙහෙයුම්වලදී ගින්නට හසුවී මියගිය පස්දෙනාගේ සිරුරු සොයාගත් අතර, ඉන් තිදෙනෙකුගේ සිරුරු හඳුනාගත නොහැකි මට්ටමට පිළිස්සී තිබිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

කර්මාන්තශාලා ආඥා පනත සහ වෘත්තීය සුරක්ෂිතතා නීති උල්ලංඝනය වී ඇත්දැයි සොයා බැලීමට කම්කරු දෙපාර්තමේන්තුවෙන් විශේෂ පරීක්ෂණයක්

හෝමාගම, කටුවාන කර්මාන්තපුරයේ පිහිටි හෙල්මට් (Helmet) නිෂ්පාදන කර්මාන්තශාලාවක අද (21) උදෑසන හටගත් හදිසි ගින්නකින් එහි සේවය කළ පුද්ගලයන් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද උදෑසන 9.45ට පමණ ආරම්භ වූ මෙම ගින්න කර්මාන්තශාලාවේ තෙමහල් ගොඩනැගිල්ල පුරාම ඉතා වේගයෙන් පැතිර ගොස් ඇති අතර, මියගිය පුද්ගලයන්ගේ සිරුරු දැඩි ලෙස පිළිස්සී තිබූ බව පොලිසිය සහ ගිනි නිවන නිලධාරීහු තහවුරු කළහ.


මෙහෙයුම් සහ විමර්ශන පසුබිම

ගින්න ව්‍යාප්ත වන අවස්ථාවේදී සේවකයන් කිහිපදෙනෙකු ගොඩනැගිල්ල තුළ සිරවී සිට ඇති අතර, ගින්නේ පැවැති අධික තීව්‍රතාව සහ දුමාරය හේතුවෙන් ගිනි නිවන භටයන්ට ඔවුන් සිටි ස්ථාන වෙත ළඟාවීම දැඩි අභියෝගයක් විය. කෝට්ටේ සහ දෙහිවල-ගල්කිස්ස මහ නගර සභාවල ගිනි නිවන රථ ඇතුළු ගිනි නිවන ඒකක 6ක් යොදවා පැය කිහිපයක මෙහෙයුමකින් පසුව ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට සමත් විය.

සෝදිසි මෙහෙයුම්වලදී ගින්නට හසුවී මියගිය පස්දෙනාගේ සිරුරු සොයාගත් අතර, ඉන් තිදෙනෙකුගේ සිරුරු හඳුනාගත නොහැකි මට්ටමට පිළිස්සී තිබිණි. ගින්නෙන් තුවාල ලැබූ කාන්තාවක් ද ඇතුළු පිරිසක් රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත.

කම්කරු දෙපාර්තමේන්තුවෙන් පූර්ණ පරීක්ෂණයක්

මෙම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, සිද්ධිය පිළිබඳ පූර්ණ විමර්ශනයක් පවත්වා කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද ට උපදෙස් ලබා දී තිබේ.

මියගිය සේවකයන්ගේ පවුල් වෙත සංවේගය පළ කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, අදාළ කර්මාන්තශාලාව තුළ ගිනි ආරක්ෂණ සහ වෘත්තීය සුරක්ෂිතතා ප්‍රමිතීන් පවත්වාගෙන ගොස් තිබේද, හදිසි අවස්ථාවකදී ගැලවීමේ ක්‍රමවේද (Emergency Exits) පැවැතුණේද, සහ කර්මාන්තශාලා ආඥා පනතට අනුකූලව කටයුතු කර තිබේද යන්න පිළිබඳව විශේෂ අවධානය යොමුකරන ලෙස නිලධාරීන්ට දැනුම් දුන්නේය.

මීට අමතරව, දිවයින පුරා පිහිටි අවදානම් සහිත සේවා ස්ථානයන්හි ශ්‍රමිකයන්ගේ වෘත්තීය සුරක්ෂිතතාව සහ සෞඛ්‍යාරක්ෂිතභාවය පිළිබඳව ද සොයා බැලීමේ පරීක්ෂණ ඉදිරියේදී විධිමත් කිරීමට උපදෙස් දී ඇත. ගින්න හටගැනීමට බලපෑ ආසන්නතම හේතුව සෙවීම සඳහා හෝමාගම පොලිසිය සහ රස පරීක්ෂකවරයා වැඩිදුර විමර්ශන පවත්වයි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...