The Leader News
BREAKING
Top Ad
පුවත්

හිටපු පොලිස්පතිගේ මරණය ගැන මෙතෙක් හෙළි නොකළ විද්‍යාත්මක සාක්ෂිය රැසක් 'කනින් කොනින්' හරහා එළියට!

T

The Leader Desk

July 22, 2026 • 3:56 AM

හිටපු පොලිස්පතිගේ මරණය ගැන මෙතෙක් හෙළි නොකළ විද්‍යාත්මක සාක්ෂිය රැසක් 'කනින් කොනින්' හරහා එළියට!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • * දිවි හානිකරගැනීමක්ද නැතහොත් අවිය පරීක්ෂා කිරීමේදී සිදුවූ අත්වැරැද්දක්ද යන්න පිළිබඳ විමර්ශන
  • මේ අතර සිද්ධිය සිදුවූ ස්ථානයේ වෙඩි බෙහෙත් තැවරී ඇත්දැයි සෙවීම සඳහා සිදුකෙරෙන පැරෆින් පරීක්ෂණය (Paraffin Test) හිටපු පොලිස්පතිවරයාට මෙන්ම අදාළ ආරක්ෂක නිලධාරියාට ද සිදුකර ඇති අතර, ආරක්ෂක නිලධාරියාගේ ඇඳුම් ද රස පරීක්ෂක වෙත යොමුකර තිබේ.
  • එමෙන්ම වෙනත් පාර්ශ්වයකගේ අතපසුවීමක් හෝ මැදිහත්වීමක් ඇත්දැයි තහවුරු කරගැනීම සඳහා ලේසර් කිරණ තාක්ෂණය භාවිත කරමින් ද පරීක්ෂණ සිදුකර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


* පැරෆින් සහ ලේසර් පරීක්ෂණ ක්‍රියාත්මකයි: පූර්ණ පොලිස් ගෞරව සහිතව අවසන් කටයුතු සිදුකරයි

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ හදිසි අභාවය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලදී, එය ස්වයංක්‍රීයව සිදුකරගත් දිවි හානිකරගැනීමකට වඩා අවිය පරීක්ෂා කිරීමට යාමේදී සිදුවූ අත්වැරැද්දකින් සිදුවූ අනතුරක් විය හැකි බවට අපරාධ විමර්ශන ප්‍රවීණයන්ගේ සහ පරීක්ෂකයන්ගේ අවධානය යොමු වී තිබේ.

සිද්ධිය වූ මොහොතේ හිටපු පොලිස්පතිවරයා ජොගින් යාම සඳහා නිවසේ රැඳී සිටිමින්, වසර 15ක් පුරා තමන් සමඟ සේවය කළ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාගෙන් ගිනි අවිය ඉල්ලාගෙන ඇති බවත්, පසුව මැගසිනය ද ඉල්ලාගෙන ලබාගැනීමෙන් අනතුරුව මෙම වෙඩි තැබීම සිදුව ඇති බවත් අනාවරණය වී ඇත.

විද්‍යාත්මක විමර්ශන සහ වෛද්‍ය වාර්තා

මරණය සම්බන්ධයෙන් සිදුකළ අධිකරණ වෛද්‍ය පරීක්ෂණවලට අනුව හදවතට සහ මොළයට යන ප්‍රධාන ලේ නහරවලට සිදුවූ දැඩි හානි මරණයට හේතුව ලෙස දක්වා ඇති අතර, එය ඝාතනයක්ද නැතහොත් සියදිවි හානිකරගැනීමක්ද යන්න පිළිබඳව එහි නිශ්චිතව දක්වා නොමැත.

මේ අතර සිද්ධිය සිදුවූ ස්ථානයේ වෙඩි බෙහෙත් තැවරී ඇත්දැයි සෙවීම සඳහා සිදුකෙරෙන පැරෆින් පරීක්ෂණය (Paraffin Test) හිටපු පොලිස්පතිවරයාට මෙන්ම අදාළ ආරක්ෂක නිලධාරියාට ද සිදුකර ඇති අතර, ආරක්ෂක නිලධාරියාගේ ඇඳුම් ද රස පරීක්ෂක වෙත යොමුකර තිබේ. එමෙන්ම වෙනත් පාර්ශ්වයකගේ අතපසුවීමක් හෝ මැදිහත්වීමක් ඇත්දැයි තහවුරු කරගැනීම සඳහා ලේසර් කිරණ තාක්ෂණය භාවිත කරමින් ද පරීක්ෂණ සිදුකර ඇත.

අවමංගල්‍ය කටයුතු සහ නිල ගෞරව

මරණයට අදාළ විමර්ශන ක්‍රියාත්මක වන අතරතුරදීම, හිටපු පොලිස්පතිවරයා අභියෝගාත්මක කාලසීමාවකදී පොලිස් දෙපාර්තමේන්තුවට ලබාදුන් නායකත්වය සහ ඉටුකළ සේවය ඇගයීම උදෙසා පූර්ණ පොලිස් ගෞරව සහිතව අවසන් කටයුතු සිදුකිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ගේ එකඟතාව මත ජනාධිපතිවරයාගේ දැනුවත්වීම ඇතිව තීරණය කර තිබිණ.

අධිකරණ වෛද්‍ය වාර්තා සහ රස පරීක්ෂක වාර්තා සම්පූර්ණයෙන්ම ලැබීමෙන් අනතුරුව මරණයට හේතුව පිළිබඳ අවසන් විද්‍යාත්මක නිගමනයට එළඹීමට නියමිතයි.

හිටපු පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණ කෙරෙන නෙත් නිව්ස් ''කනින් කොනින් ඇසුණු කතා'' විශේෂාංගය මතු පළවේ.


 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...