The Leader News
BREAKING
Top Ad
පුවත්

ලෝක බළල් දිනය වෙනුවෙන් අඳුන් දිවි පැටවුන් තිදෙනාට නම් තැබීමට මහජනතාවට අවස්ථාව!

T

The Leader Desk

July 22, 2026 • 11:58 AM

  ලෝක බළල් දිනය වෙනුවෙන් අඳුන් දිවි පැටවුන් තිදෙනාට නම් තැබීමට මහජනතාවට අවස්ථාව!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • * වඳවී යාමේ තර්ජනයට ලක්වූ බළල් කුලයේ දුර්ලභ ජීවී විශේෂයක් සුරැකීමට වනජීවී ලෝලීන්ට විවෘත ආරාධනාවක්* ජයග්‍රාහකයන්ට අගෝස්තු 08 වනදා පැවැත්වෙන සැමරුම් උත්සවයේදී විශේෂ ත්‍යාග: අයදුම්පත් භාරගැනීම අගෝස්තු 07 දක්වා
  • මෙවැනි පසුබිමක පින්නවලදී සිදුවූ මෙම අඳුන් දිවි උපත පරිසර හා වනජීවී සංරක්ෂණ ක්‍රියාවලියේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සත්වෝද්‍යාන බලධාරීහු පෙන්වා දෙති.
  • මේ සඳහා සත්වෝද්‍යානය විසින් නිකුත් කර ඇති නිල Google Form පෝරමය ඔස්සේ මහජනතාවට සිය යෝජනා ඉදිරිපත් කළ හැකි අතර, අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය 2026 අගෝස්තු 07 වනදා ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

අගෝස්තු 08 වන දිනට යෙදෙන 'ලෝක බළල් දිනය' (World Cat Day) නිමිති කරගනිමින්, පින්නවල සත්වෝද්‍යානයේ උපත ලැබූ දුර්ලභ ගණයේ අඳුන් දිවි (Fishing Cat - Prionailurus viverrinus) පැටවුන් තිදෙනා සඳහා නම් තැබීමේ විශේෂ තරගයක් මහජනතාව වෙනුවෙන් විවෘත කිරීමට පින්නවල සත්වෝද්‍යාන පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.

බළල් කුලයට අයත්, ශ්‍රී ලංකාවේ තෙත්බිම් පරිසර පද්ධතීන් ආශ්‍රිතව බහුලව ව්‍යාප්තව සිටින අඳුන් දිවියා ජාත්‍යන්තර ස්වභාව සංරක්ෂණ සංගමය (IUCN) මඟින් ප්‍රකාශිත රතු දත්ත ලැයිස්තුවට අනුව වඳවී යාමේ තර්ජනයට ලක්වූ (Vulnerable) වනජීවී විශේෂයක් ලෙස හඳුනාගෙන ඇත. මෙවැනි පසුබිමක පින්නවලදී සිදුවූ මෙම අඳුන් දිවි උපත පරිසර හා වනජීවී සංරක්ෂණ ක්‍රියාවලියේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සත්වෝද්‍යාන බලධාරීහු පෙන්වා දෙති.


සංරක්ෂණය සහ මහජන සහභාගීත්වය

දැනට සත්වෝද්‍යාන පාලනාධිකාරියේ විශේෂ නිරීක්ෂණය සහ නිරෝගී වර්ධනය යටතේ පසුවන මෙම පැටවුන් තිදෙනා වෙනුවෙන් නිර්මාණශීලී, අර්ථවත් මෙන්ම උන්ගේ පෞරුෂයන්ට ගැලපෙන නම් යෝජනා කිරීමට පවුල්වල සාමාජිකයන්ට, පාසල් දරුවන්ට සහ වනජීවී ලෝලීන්ට අවස්ථාව සලසා දී තිබේ.

මේ සඳහා සත්වෝද්‍යානය විසින් නිකුත් කර ඇති නිල Google Form පෝරමය ඔස්සේ මහජනතාවට සිය යෝජනා ඉදිරිපත් කළ හැකි අතර, අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය 2026 අගෝස්තු 07 වනදා ලෙස ප්‍රකාශයට පත් කර ඇත.


තේරීම් ක්‍රියාවලිය සහ ත්‍යාග පිරිනැමීම

ඉදිරිපත් වන යෝජනා අතරින් හොඳම නම් තේරීම සඳහා පළපුරුදු විනිශ්චය මණ්ඩලයක් පත්කර ඇති අතර, තේරී පත්වන ජයග්‍රාහකයන් වෙත අගෝස්තු 08 වන දින පින්නවල සත්වෝද්‍යාන පරිශ්‍රයේදී පැවැත්වෙන ‘ලෝක බළල් දින’ නිල සැමරුම් උත්සවයේදී විශේෂ ත්‍යාග සහ සහතිකපත්‍ර පිරිනැමීමට කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකාවේ නගරබද තෙත්බිම් විනාශ වීම සහ පරිසර පද්ධති අහිමි වීම හමුවේ අඳුන් දිවියන්ගේ පැවැත්මට දැඩි තර්ජන එල්ල වී ඇති වටපිටාවක, මෙවැනි වැඩසටහන් හරහා සත්ව සංරක්ෂණය පිළිබඳව මහජනතාව සහ පාසල් දරුවන් අතර අවධානය හා සංවේදීතාව ඉහළ නැංවීම සත්වෝද්‍යාන පාලනාධිකාරියේ ප්‍රධාන අරමුණ වී ඇත.


| vinivida.lk



 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...