The Leader News
BREAKING
Top Ad
පුවත්

තානාපති කාර්යාල ගොඩනැඟිලි වංචාව: ඇමෙරිකාවේ හිටපු තානාපති ජාලිය වික්‍රමසූරියට යළිත් වරෙන්තු!

T

The Leader Desk

July 22, 2026 • 4:46 PM

 තානාපති කාර්යාල ගොඩනැඟිලි වංචාව: ඇමෙරිකාවේ හිටපු තානාපති ජාලිය වික්‍රමසූරියට යළිත් වරෙන්තු!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇමෙරිකානු ඩොලර් 3,32,000ක මුදලක් සාපරාධී ලෙස අවභාවිත කිරීම ඇතුළු චෝදනා රැසක්
  • අධිකරණය මඟහැරීම සහ ඇපකරුවන්ට අවවාද සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් පෙන්වා දුන්නේ, මීට පෙර ඇප මත මුදාහැර සිටි සැකකාර ජාලිය වික්‍රමසූරිය දැනට ඇමෙරිකාවේ පසුවෙමින් අධිකරණය මඟහැර සිටින බවයි.
  • පෙර නඩු දිනයේදී අධිකරණය නිකුත් කළ ඇප නොතීසී ප්‍රකාරව අද දින අධිකරණයේ පෙනී සිටි සැකකරුගේ ඇපකරුවන්ට මහේස්ත්‍රාත්වරයා විසින් දැඩි ලෙස අවවාද කරනු ලැබීය.
  • නීතිපති උපදෙස් සඳහා නඩුව කල් තැබෙයි මෙම සිද්ධියට අදාළ විමර්ශන ගොනුව මේ වන විට නීතිපති උපදෙස් ලබාගැනීම සඳහා යොමුකර ඇති බව විමර්ශන නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්හ.
අකුරු ප්‍රමාණය (Font Size):

අධිකරණය මඟහැර සිටින සැකකරු අත්අඩංගුවට ගැනීමට නියෝග: ඇපකරුවන්ට දැඩි ලෙස අවවාද කෙරෙයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහා ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී ඇමෙරිකානු ඩොලර් 3,32,000ක (තුන් ලක්ෂ තිස් දෙදහසක) පමණ රජයේ මුදල් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කිරීම, විශ්වාසය කඩකිරීම, ඊට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබල දීම සම්බන්ධ විමර්ශනයට අදාළව අධිකරණයේ පෙනී නොසිටි හිටපු තානාපති ජාලිය චිත්‍රාන් වික්‍රමසූරිය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (22) වරෙන්තු නිකුත් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන මෙම විමර්ශනයට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී, සැකකරු විවෘත අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම නියෝගය සිදු කෙරිණි.

අධිකරණය මඟහැරීම සහ ඇපකරුවන්ට අවවාද

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් පෙන්වා දුන්නේ, මීට පෙර ඇප මත මුදාහැර සිටි සැකකාර ජාලිය වික්‍රමසූරිය දැනට ඇමෙරිකාවේ පසුවෙමින් අධිකරණය මඟහැර සිටින බවයි.

පෙර නඩු දිනයේදී අධිකරණය නිකුත් කළ ඇප නොතීසී ප්‍රකාරව අද දින අධිකරණයේ පෙනී සිටි සැකකරුගේ ඇපකරුවන්ට මහේස්ත්‍රාත්වරයා විසින් දැඩි ලෙස අවවාද කරනු ලැබීය.

නීතිපති උපදෙස් සඳහා නඩුව කල් තැබෙයි

මෙම සිද්ධියට අදාළ විමර්ශන ගොනුව මේ වන විට නීතිපති උපදෙස් ලබාගැනීම සඳහා යොමුකර ඇති බව විමර්ශන නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්හ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත්වරයා, අදාළ නඩුකරයට සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාගෙන 2026 දෙසැම්බර් මස 09 වනදා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරමින් නඩුව එදින තෙක් කල් තැබීය.

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...