The Leader News
BREAKING
Top Ad
පුවත්

අධිකරණ ස්වාධීනත්වයට එල්ලවන තර්ජනවලට එරෙහිව එක්සත් විපක්ෂය කොළඹදී රැස්වෙයි!

T

The Leader Desk

July 23, 2026 • 3:42 AM

අධිකරණ ස්වාධීනත්වයට එල්ලවන තර්ජනවලට එරෙහිව එක්සත් විපක්ෂය කොළඹදී රැස්වෙයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • * ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව සියලු විපක්ෂ නායකයන්ගේ එකඟතාවයක්
  • විපක්ෂ නායක කාර්යාලයට අනුව, අධිකරණ පද්ධතිය හමුවේ මතුව ඇති තත්ත්වය පිළිබඳව පක්ෂ විපක්ෂ නායකයන්ගේ එකඟතාවයෙන් යුතු පොදු ජාතික ප්‍රතිචාරයක් සකස් කිරීම මෙම හමුවේ මූලික අරමුණ වී තිබේ.
  • පීරිස් ඇතුළු විපක්ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල නායකයන් සහ නියෝජිතයන් සහභාගී වීමට නියමිතය.
  • ආණ්ඩුව, ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන බලතල බෙදීමේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සහ අනුපූරක පාලන ක්‍රමවේදයන් සුරැකීම උදෙසා අදාළ විවාදය ඉල්ලා සිටිය ද ආණ්ඩුව ඊට කාලය වෙන්කිරීම ප්‍රතික්ෂේප කළ බව විපක්ෂ ආරංචි මාර්ග පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):


* රනිල්, මෛත්‍රී, දිනේෂ්, නාමල් සහ ජී. එල්. පීරිස් ඇතුළු ප්‍රධානීන් රැසක් විපක්ෂ නායක කාර්යාලයේ සාකච්ඡාවට



ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ යෝජනාව ඇතුළු අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට එල්ල වී ඇති බව කියන අභියෝගවලට එරෙහිව ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක් ගැනීමට විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ නායකයෝ අද (23) පස්වරු 4.00 ට කොළඹදී රැස්වෙති.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් කොළඹ සර් මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වෙයි.

විපක්ෂ නායක කාර්යාලයට අනුව, අධිකරණ පද්ධතිය හමුවේ මතුව ඇති තත්ත්වය පිළිබඳව පක්ෂ විපක්ෂ නායකයන්ගේ එකඟතාවයෙන් යුතු පොදු ජාතික ප්‍රතිචාරයක් සකස් කිරීම මෙම හමුවේ මූලික අරමුණ වී තිබේ.

මෙම සාකච්ඡාව සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් ඇතුළු විපක්ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල නායකයන් සහ නියෝජිතයන් සහභාගී වීමට නියමිතය.

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ධුරයට පත්වීමෙන් අනතුරුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක කාර්යාලයට පැමිණෙන පළමු අවස්ථාව ද මෙය වේ.

පාර්ලිමේන්තු විවාදය අහිමිවීම සහ විපක්ෂයේ තීරණය

අධිකරණ පද්ධතියට සහ එහි ස්වාධීනත්වයට අදාළව මතුව ඇති තත්ත්වයන් පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් ලබාදීමට ආණ්ඩුව පියවර නොගැනීමට එරෙහිව ඊයේ (22) පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී ද විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ හදිසි රැස්වීමක් පැවැත්විණි.

ආණ්ඩුව, ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන බලතල බෙදීමේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සහ අනුපූරක පාලන ක්‍රමවේදයන් සුරැකීම උදෙසා අදාළ විවාදය ඉල්ලා සිටිය ද ආණ්ඩුව ඊට කාලය වෙන්කිරීම ප්‍රතික්ෂේප කළ බව විපක්ෂ ආරංචි මාර්ග පවසයි.

එහිදී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කළේ, අධිකරණ ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු පිළිබඳව විවාද කිරීමට අවස්ථාව නොදීම ප්‍රජාතන්ත්‍රවාදී සිරිත් විරිත් බිඳවැටීමක් බවත්, ඊට එරෙහිව පාර්ලිමේන්තුව තුළ මෙන්ම පිටතදී ද දේශපාලන හා නෛතික පියවර ගන්නා බවත්ය.

අද පැවැත්වෙන පක්ෂ නායක හමුවේදී විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව ඉදිරියේදී ගන්නා ඒකාබද්ධ වැඩපිළිවෙළ මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීම උදෙසා වන ඉදිරි උපායමාර්ගික ක්‍රියාමාර්ග තීරණය කිරීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවසා සිටියේ, රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව රජය කටයුතු කිරීම නිසාවෙන් අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය හා නීතියේ ආධිපත්‍ය සුරැකීමට මෙම සාකච්ඡාව පැවැත්වීමට තීරණය කළ බවය.  

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අධිකරණ ස්වාධීනත්වයට එල්ලවන තර්ජනවලට එරෙහිව එක්සත් විපක්ෂය කොළඹදී රැස්වෙයි! | The Leader