BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

‘පුරවැසි බලය’ ගාමිණී වියන්ගොඩ ජනමත විචාරණයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට

T

The Leader Desk

August 30, 2026 • 1:54 PM

‘පුරවැසි බලය’ ගාමිණී වියන්ගොඩ ජනමත විචාරණයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 22 වන සංශෝධන පෙත්සම් සටන උණුසුම් වෙයි
  • ප්‍රවීණ සාහිත්‍යවේදී ගාමිණී වියන්ගොඩ සිය මුහුණු පොතේ සටහනක් පළකරමින්, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිය විරුද්ධත්වය ඇති නමුත් 18 සහ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සදහා සහාය දැක්වූවන් සමග එකට සිට ගැනීමට නොහැකි බව දක්වා තිබුණේ මෙසේය...
  • මේ අතර, පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කර ඇති සියලු පාර්ශ්වයන් එක්ව ඒකාබද්ධව විශේෂ මෝසමක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.
  • සංශෝධනයට පක්ෂව ද පෙත්සම් කෙසේ වෙතත්, මෙම පනත් කෙටුම්පත සම්මත කිරීම අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව සහ පළපුරුදු විනිසුරුවරුන්ගේ සේවය අඛණ්ඩව ලබාගැනීම සඳහා අත්‍යවශ්‍ය කාලීන පියවරක් බව ආණ්ඩු පක්ෂය අවධාරණය කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයසට එරෙහිව සහ පක්ෂව පෙත්සම් රැල්ලක් - අවසන් දිනය හෙටයි

විනිශ්චයකාරවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම ගැනීමේ වයස් සීමාව ඉහළ දැමීම අරමුණු කරගනිමින් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව සහ පක්ෂව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු වන පෙත්සම් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර, ඊට අදාළ කාලසීමාව හෙටින් (31) අවසන් වීමට නියමිතය.

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් පසුගිය අගෝස්තු 18 වන දින මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඊට එරෙහිව මෙන්ම පක්ෂව ද මේ වන විට පෙත්සම් 30 කට ආසන්න සංඛ්‍යාවක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබේ.

‘පුරවැසි බලය’ කැඳවුම්කරුගෙන් විශේෂ පෙත්සමක්

මෙම නීතිමය ක්‍රියාදාමයේ නවතම පියවරක් ලෙස, ප්‍රවීණ සාහිත්‍යවේදී මෙන්ම ‘පුරවැසි බලය’ සංවිධානයේ කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ විසින් 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් SC/SD/70/2026 දරන විශේෂ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇත.

අදාළ පනත් කෙටුම්පතෙහි අන්තර්ගත ඇතැම් විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන වගන්තිය ප්‍රකාරව මෙම සංශෝධනය සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයට අමතරව ජනමත විචාරණයකින් ජනතාවගේ අනුමැතිය ලබාගත යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් එම පෙත්සම මගින් ඉල්ලා තිබේ. මෙම පෙත්සම වෙනුවෙන් නීතිඥ සුරේන් ඥානරාජ්  කරුණු දැක්වීමට නියමිතය.

ප්‍රවීණ සාහිත්‍යවේදී ගාමිණී වියන්ගොඩ සිය මුහුණු පොතේ සටහනක් පළකරමින්, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිය විරුද්ධත්වය ඇති නමුත් 18 සහ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සදහා සහාය දැක්වූවන් සමග එකට සිට ගැනීමට නොහැකි බව දක්වා තිබුණේ මෙසේය...

 xfgrtwedd



විපක්ෂය සහ නීතිඥ ප්‍රජාව අධිකරණය හමුවට

මෙම පනත් කෙටුම්පත අධිකරණයේ ස්වාධීනත්වයට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය තුලනයට බලපෑම් එල්ල කළ හැකි බවට තර්ක කරමින් විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ, ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ඇතුළු නීති වෘත්තිකයින්ගේ සංවිධාන කිහිපයක් මෙන්ම සිවිල් ක්‍රියාකාරීන් ද අධිකරණය හමුවට ගොස් ඇත.

මේ අතර, පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කර ඇති සියලු පාර්ශ්වයන් එක්ව ඒකාබද්ධව විශේෂ මෝසමක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් ගාල්ලේ අද පැවති සම්මන්ත්‍රණයකදී අනාවරණය කළේය.

සංශෝධනයට පක්ෂව ද පෙත්සම්

කෙසේ වෙතත්, මෙම පනත් කෙටුම්පත සම්මත කිරීම අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව සහ පළපුරුදු විනිසුරුවරුන්ගේ සේවය අඛණ්ඩව ලබාගැනීම සඳහා අත්‍යවශ්‍ය කාලීන පියවරක් බව ආණ්ඩු පක්ෂය අවධාරණය කරයි.

ඒ අනුව, ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි ඇතුළු පාර්ශ්ව කිහිපයක් පනත් කෙටුම්පතෙහි ව්‍යවස්ථානුකූලභාවය තහවුරු කරන ලෙස ඉල්ලා ඊට පක්ෂව පෙත්සම් ගොනු කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පතක් අභියෝගයට ලක් කරමින් පෙත්සම් ගොනු කිරීමේ අවසන් දිනයෙන් පසු, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාළ පෙත්සම් සලකා බලා සිය රහසිගත තීරණය කථානායකවරයා වෙත සහ ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට නියමිතය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...