The Leader News
BREAKING
සාගර ආර්ථිකය සහ ස්වාධීනත්වය රැකගැනීමට ශ්‍රී ලංකා - නවසීලන්ත එකමුතුවක්●2027 අයවැයෙන් මෙරට කෘෂිකර්මාන්තයට මඟහැරුණු සැබෑ අවස්ථා මොනවාද?●ඕස්ට්‍රේලියාවට ගිය ශ්‍රී ලාංකිකයන් 12ක් වහාම හරවා එවයි●ඕස්ට්‍රේලියාවේ සිට වීසා අයදුම් කරන විදේශිකයන්ට හදිසි මූල්‍ය බරක්●ජාතක කතාවලින් හෙළිවන ස්ත්‍රී චරිතය●කුණු කූඩය හිමි යැයි සිතූ ගීත මුළු රටක් ම වැලඳ ගත් අයුරු●අව්‍යාජ ආදරය ලැබීම සඳහා ගැහැනියක ගේ අරගලය: 'ලේඩි චැටර්ලිස් ලවර්'●ආසියාවේ ආර්ථික පිම්ම මැද ශ්‍රී ලංකාවට මඟහැරෙන තරගය●ණය ශ්‍රේණිය ඉහළ යාම සැබෑ ආර්ථික දියුණුවක්ද? දිලිත් පහදයි●Diginote | ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම 'B-' දක්වා ඉහළට●
Top Ad
පුවත්

ලොතරැයි මණ්ඩල විමර්ශනය: රවී කරුණානායක අල්ලස් කොමිසම හමුවට එයි

T

The Leader Desk

August 31, 2026 • 4:09 AM

ලොතරැයි මණ්ඩල විමර්ශනය: රවී කරුණානායක අල්ලස් කොමිසම හමුවට එයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "සිදුවූයේ සමාජ සත්කාරක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමක්": මන්ත්‍රී පාර්ශ්වයෙන් කරුණු දැක්වීමක් හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද වන රවී කරුණානායක අද (31) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියේය.
  • ඒ, ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා බඳවාගත් සේවකයන් තිදෙනෙකු බාහිර රාජකාරි සඳහා යොදවා රජයට මූල්‍යමය පාඩුවක් සිදුකළ බව කියන සිදුවීමකට අදාළව සිදුකෙරෙන විමර්ශනයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ය.
  • විමර්ශනයේ පසුබිම සහ පෙනී සිටීම මෙම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා මීට පෙර අවස්ථාවක අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස මන්ත්‍රීවරයා වෙත දැනුම් දී තිබුණි.
  • එහෙත් එම අවස්ථාවේදී ඔහු පෙනී නොසිටි පසුබිමක, පසුගියදා කොමිසමේ නිලධාරීන් පිරිසක් මන්ත්‍රීවරයාගේ කොළඹ පිහිටි නිවස වෙතද ගොස් තිබූ බව වාර්තා විය.
අකුරු ප්‍රමාණය (Font Size):


*"සිදුවූයේ සමාජ සත්කාරක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමක්": මන්ත්‍රී පාර්ශ්වයෙන් කරුණු දැක්වීමක්

හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද වන රවී කරුණානායක අද (31) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියේය. ඒ, ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා බඳවාගත් සේවකයන් තිදෙනෙකු බාහිර රාජකාරි සඳහා යොදවා රජයට මූල්‍යමය පාඩුවක් සිදුකළ බව කියන සිදුවීමකට අදාළව සිදුකෙරෙන විමර්ශනයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ය.

විමර්ශනයේ පසුබිම සහ පෙනී සිටීම

මෙම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා මීට පෙර අවස්ථාවක අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස මන්ත්‍රීවරයා වෙත දැනුම් දී තිබුණි. එහෙත් එම අවස්ථාවේදී ඔහු පෙනී නොසිටි පසුබිමක, පසුගියදා කොමිසමේ නිලධාරීන් පිරිසක් මන්ත්‍රීවරයාගේ කොළඹ පිහිටි නිවස වෙතද ගොස් තිබූ බව වාර්තා විය.
කෙසේවෙතත්, එම අවස්ථාවේදී ඔහු නිවසේ රැඳී නොසිටි අතර, සිය දියණියගේ විවාහ මංගල්‍ය කටයුතු හේතුවෙන් ප්‍රකාශය ලබාදීම සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඔහුගේ නීතිඥවරුන් මාර්ගයෙන් කොමිසමෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකර තිබිණි. ඒ අනුව ලබාදුන් පෙර දැනුම්දීමට එකඟව මන්ත්‍රීවරයා අද දින පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටිමින් අදාළ ප්‍රකාශය ලබාදී ඇත.

සේවක අනියුක්තිය සහ මන්ත්‍රී පාර්ශ්වයේ ස්ථාවරය

අදාළ චෝදනාව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන මන්ත්‍රීවරයාගේ පාර්ශ්වය පෙන්වා දෙන්නේ, ජාතික ලොතරැයි මණ්ඩලය හරහා බඳවාගෙන තිබූ අදාළ නිලධාරීන් තිදෙනා විශේෂ ව්‍යාපෘති සම්බන්ධීකාරකවරුන් ලෙස අමාත්‍යාංශය වෙත මුදාහැර තිබුණේ ආයතනික සමාජ වගකීම් (CSR) ව්‍යාපෘති රැසක් කළමනාකරණය කිරීම සඳහා බවයි.

විශේෂයෙන්ම, ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක වූ නිදන්ගත වකුගඩු රෝග (CKD) අරමුදල ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් ජාතික ලොතරැයි මණ්ඩලය විසින් හඳුන්වා දුන් 'නීරෝගා' ලොතරැයි වැඩසටහනේ සම්බන්ධීකරණ කටයුතු මෙම නිලධාරීන් වෙත පැවරී තිබූ බව සඳහන් වේ.

'ගම්මැද්ද' ප්‍රජා සත්කාරක ව්‍යාපෘති සහ පරිපාලන ක්‍රියාවලිය

ඊට අමතරව, 'සිරස ' මාධ්‍ය ජාලයේ 'ගම්මැද්ද' වැඩසටහන මඟින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව ජනාධිපති කාර්යාලය සහ මුදල් අමාත්‍යාංශය ඒකාබද්ධව උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීමේ සමාජ සත්කාරක ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතු ද ජාතික ලොතරැයි මණ්ඩලය වෙත පවරා තිබූ බවත්, අදාළ නිලධාරීන් එම ප්‍රජා සත්කාරක වැඩසටහන්වල ක්ෂේත්‍ර කටයුතු සඳහා සක්‍රීයව දායක වූ බවත් එම පාර්ශ්වය අවධාරණය කරයි.

එමෙන්ම, අදාළ නිලධාරීන්ගේ සේවා පැමිණීමේ වාර්තා නිසි පරිදි සම්පූර්ණ කර ජාතික ලොතරැයි මණ්ඩලය වෙත නිරන්තරයෙන් යොමුකර තිබූ බව පෙන්වා දෙන මන්ත්‍රීවරයාගේ පාර්ශ්වය, නිසි පරිපාලන ක්‍රමවේදයකට යටත්ව ජනතා සුබසාධනය වෙනුවෙන් සිදුකළ මෙවැනි ප්‍රජා සත්කාරක ව්‍යාපෘති සම්බන්ධීකරණය දේශපාලන අරමුණු මුල්කරගනිමින් විකෘති සහගත ලෙස අර්ථකථනය කිරීම අසාධාරණ බව වැඩිදුරටත් සඳහන් කරයි.

  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...