BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

රවී කරුණානායකට ඇප

T

The Leader Desk

August 31, 2026 • 12:05 PM

රවී කරුණානායකට ඇප

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලොතරැයි මණ්ඩල සේවකයින් දේශපාලන කටයුතුවලට යොදවා රජයට පාඩු කළ බවට චෝදනා
  • ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට රවී කරුණානායක අද අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබුණේ විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහාය.
  • විමර්ශනයට අදාළව කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අවස්ථා හතරකදී දැනුම් දී තිබුණ ද ඔහු එහි පෙනී නොසිටි බව අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේය.
  • එම පුද්ගලයන් දෙදෙනෙකු සම්බන්ධීකරණ නිලධාරීන් ලෙසත්, අනෙක් පුද්ගලයා කළමනාකරණ සහකාරවරයෙකු ලෙසත් බඳවාගෙන තිබූ බව සඳහන් විය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා බඳවා ගත් සේවකයන් තිදෙනෙකු දේශපාලන කටයුතු සඳහා යොදවා රජයට පාඩුවක් සිදු කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂ විතාන  අද (31) නියෝග කළේය.


ලක්ෂ 10 බැගින් ශරීර ඇප දෙකක් විදෙස් ගමන් තහනමක්

සැකකරුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා, ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද නියෝග කළේය. අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබේ.

ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට

රවී කරුණානායක අද අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබුණේ විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහාය. එහිදී ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි. විමර්ශනයට අදාළව කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අවස්ථා හතරකදී දැනුම් දී තිබුණ ද ඔහු එහි පෙනී නොසිටි බව අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේය.

රවී කරුණානායක කොමිසම හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් අල්ලස් කොමිසමේ නිලධාරීන් පිරිසක් පසුගිය 29 වැනිදා ඔහුගේ නිවසට ගොස් ඇති බව අධිකරණයට දැනුම් දී තිබේ.එහිදී ඔහු නුවරඑළිය ප්‍රදේශයට ගොස් ඇති බව දැනුම් දී තිබුණ ද, සිදුකළ විමර්ශනවලදී ඔහු හම්බන්තොට ප්‍රදේශයේ සිටින බවට තොරතුරු ලැබුණු බව අල්ලස් කොමිසම සඳහන් කළේය.

ලොතරැයි මණ්ඩලයේ අරමුදලින් සේවකයින් තිදෙනෙකුට වැටුප්

2015 ජනවාරි 12 වැනිදා සිට 2017 මැයි 22 වැනිදා දක්වා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලය තුළ, මුදල් අමාත්‍යාංශයේ විශේෂ ව්‍යාපෘතියක් බව සඳහන් කරමින් පුද්ගලයින් තිදෙනෙකු ජාතික ලොතරැයි මණ්ඩලයේ අරමුදල්වලින් වැටුප් ගෙවීමේ පදනම මත කොන්ත්‍රාත් පදනමින් බඳවා ගෙන ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියහ.

එම පුද්ගලයන් දෙදෙනෙකු සම්බන්ධීකරණ නිලධාරීන් ලෙසත්, අනෙක් පුද්ගලයා කළමනාකරණ සහකාරවරයෙකු ලෙසත් බඳවාගෙන තිබූ බව සඳහන් විය. ඔවුන් ජාතික ලොතරැයි මණ්ඩලයට කිසිදු සේවයක් ලබා නොදී එම මණ්ඩලයෙන් වැටුප් හා දීමනා ලබාගෙන ඇති බවට අල්ලස් කොමිසම චෝදනා කරයි.

රවී කරුණානායක පළමු සැකකාරිය සමඟ එක්ව සාක්ෂිවලට බලපෑම් කිරීමට කටයුතු කරන බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් 1994 අංක 20 දරන පනතින් සංශෝධිත අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ දූෂණය නමැති වරද සම්බන්ධයෙන් චෝදනා ගොනු කර තිබේ.

ඇප ඉල්ලා නීතිඥවරයා කරුණු දක්වයි

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අශෝක වීරසූරිය අධිකරණයට කරුණු දක්වමින් තම සේවාදායකයා අධිකරණය මඟහැරීමට හේතුවක් නොමැති බව සඳහන් කළේය.


පළමු සැකකාරියට ඇප ලබාදී ඇති බැවින් රවී කරුණානායකට ද ඇප ලබාදෙන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය. දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා රවී කරුණානායක ඇප මත මුදා හැරීමට නියෝග කළේය.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...