BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

වරායේ බහාලුමෙන් හසුවූ රුපියල් බිලියන ගණනක අයිස් තොගය පිටුපස ජාත්‍යන්තර ජාලයක්?

T

The Leader Desk

September 1, 2026 • 3:52 PM

වරායේ බහාලුමෙන් හසුවූ රුපියල් බිලියන ගණනක අයිස් තොගය පිටුපස ජාත්‍යන්තර ජාලයක්?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විදෙස් ඔත්තුකරුවෙකුගේ රහසිගත තොරතුරකින් මෙහෙයුම ක්‍රියාත්මක වෙයි;
  • මොරොක්කෝවට ප්‍රතිඅපනයනය කිරීමේ මුවාවෙන් මෙරටට මුදාහැරීමට සැලසුම් කළ බවට ආරක්ෂක අංශ සැක පහළ කරයි.
  • මීට අමතරව සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බවට හඳුනාගෙන ඇති 'අංගොඩ ප්‍රියන්ත' සහ 'රූබන්' නමැති පුද්ගලයන්ගේ සබඳතා ද මේ ඔස්සේ විමර්ශනයට ලක්වෙමින් පවතී.
  • ඒ අනුව, අදාළ සැකසහිත බහාලුම පරීක්ෂා කිරීම සඳහා පොලීසිය විසින් පසුගිය 28 වැනිදා අධිකරණ නියෝගයක් ලබාගෙන ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

දෙමටගොඩ ව්‍යාපාරිකයෙක් සහ පාකිස්තානුවන් දෙදෙනෙක් අත්අඩංගුවට.

මොරොක්කෝවට ප්‍රතිඅපනයනය කිරීමේ මුවාවෙන් මෙරටට මුදාහැරීමට සැලසුම් කළ බවට ආරක්ෂක අංශ සැක පහළ කරයි.

කොළඹ වරායේදී හෙළිවූ දැවැන්ත ජාවාරම

කොළඹ වරායේ බහාලුම් අංගනයක තිබී සොයාගත් කිලෝග්‍රෑම් 472කට අධික 'අයිස්' (Crystal Methamphetamine) මත්ද්‍රව්‍ය තොගය, ඩුබායි සිට පාකිස්තානයට පලාගොස් සිටින බව කියන 'පරෙවි සුදා' නමැති මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් එවන ලද්දක් ද යන්න පිළිබඳව ආරක්ෂක අංශවල දැඩි අවධානය යොමුව තිබේ.

මීට අමතරව සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බවට හඳුනාගෙන ඇති 'අංගොඩ ප්‍රියන්ත' සහ 'රූබන්' නමැති පුද්ගලයන්ගේ සබඳතා ද මේ ඔස්සේ විමර්ශනයට ලක්වෙමින් පවතී.

රහසිගත ඔත්තු තොරතුර සහ වැටලීම

විදෙස්ගතව සිටින පෞද්ගලික ඔත්තුකරුවෙකුගෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු වෙත ලැබුණු තොරතුරකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබිණි. ඒ අනුව, අදාළ සැකසහිත බහාලුම පරීක්ෂා කිරීම සඳහා පොලීසිය විසින් පසුගිය 28 වැනිදා අධිකරණ නියෝගයක් ලබාගෙන ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB), මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව එක්ව පසුගිය 31 වැනිදා සිදුකළ ඒකාබද්ධ සෝදිසි කිරීමේදී, තුවා තොගයක් තුළ සූක්ෂ්ම ලෙස අසුරා තිබූ මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමට හැකිවී තිබේ.

ප්‍රතිඅපනයන මුවාව සහ මෙරට බෙදාහැරීමේ සැකය

ලියකියවිලිවලට අනුව අදාළ බහාලුම මොරොක්කෝව වෙත ප්‍රතිඅපනයනය (Transshipment) කිරීමට නියමිතව තිබූ බව සඳහන් වුවද, විමර්ශන නිලධාරීන් සැකකරන්නේ සංක්‍රාන්ති බහාලුමක් ලෙස පෙන්වමින් මෙම මත්ද්‍රව්‍ය තොගය කොළඹ වරාය හරහා මෙරට වෙළෙඳපොළට මුදාහැරීමට හෝ වෙනත් රටකට ප්‍රවාහනය කිරීමට සැලසුම් කර තිබූ බවයි.

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දකුණු ආසියාතික මුහුදු සහ වරාය මාර්ග සංක්‍රාන්ති කේන්ද්‍රස්ථාන ලෙස භාවිත කරමින් මෙවැනි උපක්‍රම ක්‍රියාවට නංවන බව කලාපීය මත්ද්‍රව්‍ය නිවාරණ ආයතන ද මීට පෙර පෙන්වා දී ඇත.

අත්අඩංගුවට ගැනීම් සහ පාකිස්තාන සබඳතාව

සිදුකරන ලද ක්ෂණික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම බහාලුම මෙරට ව්‍යාපාරිකයෙකුගේ නමින් ගෙන්වා ඇති බවයි. ඒ අනුව දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි ආරුමුගන් ශෂිදරන් නමැති ව්‍යාපාරිකයා පොලිස් භාරයට ගෙන ඇත.

ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ තොරතුරු මත, ජම්පටාවීදිය ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක රැඳී සිටි පාකිස්තාන ජාතිකයන් දෙදෙනෙකු ද මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. දෙමටගොඩ ව්‍යාපාරිකයාගේ ආයතනික නාමය භාවිත කරමින් මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට ගෙන්වීමට කටයුතු කළ බව අදාළ විදේශිකයන් දෙදෙනා මූලික ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇති බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ රේගු අංශ එක්ව ජාත්‍යන්තර පොලීසියේ ද සහාය ඇතිව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරමින් සිටියි.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වරායේ බහාලුමෙන් හසුවූ රුපියල් බිලියන ගණනක අයිස් තොගය පිටුපස ජාත්‍යන්තර ජාලයක්? | The Leader