BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා සමුගනී

T

The Leader Desk

September 2, 2026 • 3:33 AM

ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා සමුගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *කලක් රෝගාතුරව සිටි ප්‍රියංකර පෙරේරා ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වෙයි
  • කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (01) රාත්‍රියේ ඒ මහතා මෙලොවින් සමුගන්නා විට 64 වන වියේ පසුවිය.
  • දේහය අද (02) කොළඹ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කෙරෙන අතර, අවසන් කටයුතු පිළිබඳ විස්තර ඉදිරියේදී දැනුම් දෙන බව ඔහුගේ බිරිඳ වන ප්‍රවීණ රංගන ශිල්පිනී දිල්හානි ඒකනායක මහත්මිය සඳහන් කළාය.
  • තරුණ ගායකයෙකු වන්න දිල්මින් පෙරේරා.
අකුරු ප්‍රමාණය (Font Size):


*මිල්ටන් පිය උරුමයෙන් ගී ලොව ජයගත් ප්‍රියංකර පෙරේරා 64 වියේදී දිවි සැරිය නිම කරයි

ශ්‍රී ලාංකේය සංගීත සහ සිනමා ක්ෂේත්‍රයේ දශක හතරකට අධික කාලයක් සක්‍රියව රැඳී සිටි ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (01) රාත්‍රියේ ඒ මහතා මෙලොවින් සමුගන්නා විට 64 වන වියේ පසුවිය.

කලක් රෝගාතුරව පසුවූ ඒ මහතාගේ අභාවය පවුලේ ඥාතීන් විසින් තහවුරු කර තිබේ. දේහය අද (02) කොළඹ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කෙරෙන අතර, අවසන් කටයුතු පිළිබඳ විස්තර ඉදිරියේදී දැනුම් දෙන බව ඔහුගේ බිරිඳ වන ප්‍රවීණ රංගන ශිල්පිනී දිල්හානි ඒකනායක මහත්මිය සඳහන් කළාය.

පිය උරුමයෙන් ආ ගීතවත් ගමන

ප්‍රවීණ ගායක මිල්ටන් පෙරේරා මහතාගේ වැඩිමහල් පුත්‍රයා වන ප්‍රියංකර පෙරේරා, සිය පියාගේ අනන්‍ය ගායන විලාසය හා සුමධුර ස්වරය උරුම කරගනිමින් මෙරට සංගීත ක්ෂේත්‍රයට පිවිසියේය. ඔහු ගායන ශිල්පී චලක චමුපතිගේ වැඩිමහල් සහෝදරයාද වෙයි. තරුණ ගායකයෙකු වන්න දිල්මින් පෙරේරා. ප්‍රියංකරගේ පුත්‍රයා ය.

විශේෂයෙන් 80 සහ 90 දශකවල කැසට් සංස්කෘතිය තුළ අතිශය ජනප්‍රියත්වයට පත් ඒ මහතා, පිය උරුමයෙන් ලද ගීත මෙන්ම තමන්ටම අනන්‍ය වූ ගීත රැසක්ද ශ්‍රාවක හදවත් තුළ තැන්පත් කළේය. “රන් පොකුණෙන්”, “සුපුන් සඳක්”, “සඳුන් ගසේ සමන් වැලක්”, “සිකුරුලියා”, “අගාධ සාගරයේ”, “සිහින දෙව්දුවේ”, “පිස්සු විකාරේ” සහ “පෙර ආත්මයක එක රාත්‍රියක” වැනි ගීත ඒ අතරින් කැපී පෙනෙයි.

රිදී තිරය සහ පුංචි තිරය හැඩකළ රංගනය

ගායන වෘත්තියට පමණක් සීමා නොවූ ප්‍රියංකර පෙරේරා මහතා, චිත්‍රපට හා ටෙලිනාට්‍ය නළුවෙකු ලෙසද ප්‍රේක්ෂක ආදරය නොමඳව දිනාගත්තේය. ‘සුරඟන’, ‘සීතල ගිනි කඳු’, ‘මධුරි’ සහ ‘නින්ජා ශ්‍රී ලංකා’ ඇතුළු සිනමාපට කිහිපයකට ඔහු සිය රංගන දායකත්වය එක් කළේය.

ඊට අමතරව ‘ගමන’, ‘අරවින්ද හා ඉන්දු’ වැනි සම්භාව්‍ය ගණයේ ටෙලිනාට්‍යවල ඔහු නිරූපණය කළ චරිත පුංචි තිරයේ ප්‍රේක්ෂකයින් අතර දැඩි කතාබහට ලක්විය. ගායනය සහ රංගනය යන ද්විත්ව ක්ෂේත්‍රයන්හිම ස්වකීය ප්‍රතිභාව සටහන් කළ ප්‍රියංකර පෙරේරාගේ සමුගැනීම, මෙරට ප්‍රාසාංගික කලා ක්ෂේත්‍රයට සිදුවූ බලවත් පාඩුවකි.

  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...