BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

සුරේෂ් සලේ රෝහලේ රඳවා ගැනීම විමර්ශනවලට බාධාවක් ද? අධිකරණය වාර්තාවක් කැඳවයි

T

The Leader Desk

September 2, 2026 • 3:51 PM

සුරේෂ් සලේ රෝහලේ රඳවා ගැනීම විමර්ශනවලට බාධාවක් ද? අධිකරණය වාර්තාවක් කැඳවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිටපු බුද්ධි ප්‍රධානියා තවදුරටත් රෝහලේ තැබිය යුතු ද යන්න ගැන ජාතික රෝහල් අධ්‍යක්ෂගෙන් වාර්තාවක්
  • එහෙත් ප්‍රධාන සැකකරුවකු වන සුරේෂ් සලේ මාස තුනකට අධික කාලයක් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටීම හේතුවෙන් විමර්ශන කටයුතු අපේක්ෂිත පරිදි ඉදිරියට ගෙන යාමට නොහැකි වී ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.
  • සැකකරුට තවදුරටත් නේවාසික ප්‍රතිකාර අවශ්‍ය නොවේ නම් ඔහු රෝහලෙන් මුදා හැරීම විමර්ශනවල සාර්ථකත්වයට අත්‍යවශ්‍ය කරුණක් බව පෙන්වා දුන් පැමිණිල්ල, ඒ පිළිබඳ වෛද්‍ය අධ්‍යක්ෂවරයාගෙන් පැහැදිලි වාර්තාවක් කැඳවන ලෙස ඉල්ලා සිටියේය.
  • ප්‍රකාශ ලබා ගැනීමට අවස්ථාව තිබූ බවට විත්තියේ තර්කය තුන්වන සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු කරුණු දක්වමින් සඳහන් කළේ, රෝහල් අධ්‍යක්ෂවරයාගෙන් වාර්තාවක් කැඳවීම සම්බන්ධයෙන් විත්තියේ කිසිදු විරෝධයක් නොමැති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රකාශ සටහන් කරගැනීමට අවස්ථාව තිබුණත් CIDය ප්‍රයෝජනයට ගෙන නැතැයි විත්තියෙන් චෝදනා

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව රැඳවුම් නියෝග මත පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය සහ ඔහු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලැබිය යුතු ද යන්න පිළිබඳ පූර්ණ වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන  අද (02) කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට නියෝග කළේය.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී එහි පළමු සහ දෙවන සැකකරුවන් සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු අතර, ඔවුන් ලබන සැප්තැම්බර් 15 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.


විමර්ශන ප්‍රමාදය ගැන පැමිණිල්ලෙන් කරුණු දැක්වීමක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ඔස්වල්ඩ් පෙරේරා අධිකරණය හමුවේ වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් පෙන්වා දුන්නේ, තුන්වන සැකකරු වන සුරේෂ් සලේ ඇසුරු කළ නිලධාරීන් ඇතුළු පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන්ම මේ වන විටත් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි. එහෙත් ප්‍රධාන සැකකරුවකු වන සුරේෂ් සලේ මාස තුනකට අධික කාලයක් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටීම හේතුවෙන් විමර්ශන කටයුතු අපේක්ෂිත පරිදි ඉදිරියට ගෙන යාමට නොහැකි වී ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය. සැකකරුට තවදුරටත් නේවාසික ප්‍රතිකාර අවශ්‍ය නොවේ නම් ඔහු රෝහලෙන් මුදා හැරීම විමර්ශනවල සාර්ථකත්වයට අත්‍යවශ්‍ය කරුණක් බව පෙන්වා දුන් පැමිණිල්ල, ඒ පිළිබඳ වෛද්‍ය අධ්‍යක්ෂවරයාගෙන් පැහැදිලි වාර්තාවක් කැඳවන ලෙස ඉල්ලා සිටියේය.

ප්‍රකාශ ලබා ගැනීමට අවස්ථාව තිබූ බවට විත්තියේ තර්කය

තුන්වන සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු කරුණු දක්වමින් සඳහන් කළේ, රෝහල් අධ්‍යක්ෂවරයාගෙන් වාර්තාවක් කැඳවීම සම්බන්ධයෙන් විත්තියේ කිසිදු විරෝධයක් නොමැති බවයි. කෙසේ වෙතත්, තම සේවාදායකයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට තරම් සෞඛ්‍ය තත්ත්වයක් පවතින බවට වෛද්‍යවරුන් දැනුම් දී තිබියදීත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සඳහා රෝහලට නොපැමිණි බව හෙතෙම අවධාරණය කළේය.

මීට පෙර අධිකරණය ලබාදුන් නියෝගයකට අනුව පත්කෙරුණු විශේෂ වෛද්‍ය මඩුල්ලක් මගින් සැකකරු පරීක්ෂා කර ඇති බවද ජනාධිපති නීතිඥවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ඊට ප්‍රතිචාර දැක්වූ මහේස්ත්‍රාත්වරයා, අදාළ වෛද්‍ය පරීක්ෂණ සම්බන්ධ ඇතැම් වාර්තා ලැබී ඇතත් ඒ පිළිබඳ අවසන් නිශ්චිත වාර්තාව තවමත් අධිකරණයට ලැබී නොමැති බව සඳහන් කළේය.

අගතියට පත් පාර්ශ්වයේ ඉල්ලීමක් නිෂ්ප්‍රභ වීම

මේ අතර, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 264 වන වගන්තිය යටතේ මෙම නඩුවේ අගතියට පත් පාර්ශ්වයක් වශයෙන් පෙනී සිටීමට අවසර ඉල්ලමින් ඩයස් බණ්ඩාර අජිත් ශාන්ත ජයතිස්ස නමැත්තා ඉදිරිපත් කළ ඉල්ලීම සම්බන්ධ නියෝගය ද මහේස්ත්‍රාත්වරයා අද ප්‍රකාශයට පත් කළේය.

අදාළ ඉල්ලීම තුළින් කිසිදු අපරාධමය කරුණක් අනාවරණය නොවන බවත්, මීට පෙරද අවස්ථා කිහිපයකදී මොහු විසින් කරන ලද මෙවැනිම ඉල්ලීම් අධිකරණය ප්‍රතික්ෂේප කර ඇති බවත් පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා, එම ඉල්ලීම සම්පූර්ණයෙන්ම නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළේය.

දෙපාර්ශ්වයේම කරුණු දැක්වීම් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සුරේෂ් සලේ ගේ සෞඛ්‍ය තත්ත්වය සහ ඔහු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලැබිය යුතු ද යන්න දැක්වෙන සම්පූර්ණ වාර්තාවක් වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට නියෝග කළ අතර, නඩුව නැවත කැඳවීම සැප්තැම්බර් මස 15 වනදාට නියම විය.

  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...