BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

පලෙයි එල්ටීටීඊ කඳවුරු කතාව බොරුවක්: සැකකරු යළි රිමාන්ඩ්

T

The Leader Desk

September 2, 2026 • 4:00 PM

පලෙයි එල්ටීටීඊ කඳවුරු කතාව බොරුවක්: සැකකරු යළි රිමාන්ඩ්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ව්‍යාජ හැඳුනුම්පත් 3ක් සහ බැංකු ගිණුම් ගැන සීඅයිඩී පරීක්ෂණ
  • මාධ්‍ය හමුව සහ ආන්දෝලනාත්මක ප්‍රකාශය සැකකරු තමන් 'අන්තර් මහාද්වීපික මානව හිමිකම් සංවිධානයේ' විධායක අධ්‍යක්ෂවරයා ලෙස හඳුන්වා දෙමින් කොළඹ ප්‍රදේශයේ හෝටලයකදී මාධ්‍ය හමුවක් පවත්වා මෙම ප්‍රකාශය සිදු කර තිබූ බව විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ පැවසීය.
  • පලෙයි රක්ෂිතය තුළ එල්.ටී.ටී.ඊ සංවිධානයේ සක්‍රීය පුහුණු කඳවුරක් සහ පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් පවතින බවටත්, ඒ හරහා ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයක් එල්ල වී ඇති බවටත් ඔහු ප්‍රකාශ කර තිබිණි.
  • මෙම ප්‍රකාශය ප්‍රධාන විද්‍යුත් මාධ්‍ය නාලිකා මෙන්ම සමාජ මාධ්‍ය සහ යූටියුබ් නාලිකා රැසක් ඔස්සේ ද ප්‍රචාරය වී තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):


මාධ්‍ය නාලිකා 8ක සංස්කරණය නොකළ දර්ශන කැඳවයි; අයිසීසීපීආර් යටතේ නඩු පැවරීමට සූදානම්

කිලිනොච්චිය, පලෙයි රක්ෂිත ප්‍රදේශය තුළ එල්.ටී.ටී.ඊ සංවිධානයට අයත් රහසිගත පුහුණු කඳවුරක් සහ බෝම්බ නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන යන බවට අසත්‍ය ප්‍රකාශයක් සිදුකර මහජන කැලඹීමක් ඇති කිරීමට උත්සාහ කළ බව කියන සැකකරු ලබන සැප්තැම්බර් 16 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ රඹුකේවෙල අධිකාරිගේ සංගීත් ජයසේකර නමැති අයෙකි. ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය (TID) සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් විය.


මාධ්‍ය හමුව සහ ආන්දෝලනාත්මක ප්‍රකාශය


සැකකරු තමන් 'අන්තර් මහාද්වීපික මානව හිමිකම් සංවිධානයේ' විධායක අධ්‍යක්ෂවරයා ලෙස හඳුන්වා දෙමින් කොළඹ ප්‍රදේශයේ හෝටලයකදී මාධ්‍ය හමුවක් පවත්වා මෙම ප්‍රකාශය සිදු කර තිබූ බව විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ පැවසීය. පලෙයි රක්ෂිතය තුළ එල්.ටී.ටී.ඊ සංවිධානයේ සක්‍රීය පුහුණු කඳවුරක් සහ පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් පවතින බවටත්, ඒ හරහා ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයක් එල්ල වී ඇති බවටත් ඔහු ප්‍රකාශ කර තිබිණි. මෙම ප්‍රකාශය ප්‍රධාන විද්‍යුත් මාධ්‍ය නාලිකා මෙන්ම සමාජ මාධ්‍ය සහ යූටියුබ් නාලිකා රැසක් ඔස්සේ ද ප්‍රචාරය වී තිබුණි.

කෙසේ වෙතත්, සැකකරුගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විශේෂ විමර්ශන කණ්ඩායමක් සහ පොලිස් නිල සුනඛයන් යොදවා කිලිනොච්චිය පලෙයි රක්ෂිතයේ ක්ෂේත්‍ර පරීක්ෂාවක් සිදු කළ බව පොලිසිය අධිකරණයට දැන්වීය. එහිදී කිසිදු ත්‍රස්ත කඳවුරක්, බෝම්බ නිෂ්පාදනාගාරයක් හෝ එවැනි සැකකටයුතු ක්‍රියාකාරකමක් පිළිබඳ හෝඩුවාවක් හමු නොවූ බවත්, අදාළ ප්‍රකාශය මුළුමනින්ම පදනම් විරහිත ගොතන ලද කතාවක් බවත් නිලධාරීහු තහවුරු කළහ.


අඩවි වන නිලධාරියාගේ සාක්ෂිය සහ බිම් මට්ටමේ තත්ත්වය


කිලිනොච්චිය ප්‍රදේශයේ අඩවි වන නිලධාරියෙකු තමන්ට මෙම තොරතුරු ලබා දුන් බවට සැකකරු ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර ඇතත්, එම අඩවි වන නිලධාරියාගෙන් සහ ඔහුගේ බිරිඳගෙන් ලබාගත් ප්‍රකාශවලදී එවැනි කිසිදු තොරතුරක් සැකකරුට ලබා නොදුන් බව තහවුරු වූ බව විමර්ශන නිලධාරීහු අධිකරණයට පෙන්වා දුන්හ.

පලෙයි රක්ෂිතය තුළ සිදු වන සැබෑ තත්ත්වය පැහැදිලි කළ විමර්ශන නිලධාරීන් සඳහන් කළේ, ප්‍රදේශයේ පුද්ගලයින් කිහිපදෙනෙකු එම රක්ෂිත ඉඩම්වල අනවසරයෙන් වගා කටයුතු සහ ව්‍යාපාරික කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් පලෙයි පොලිසිය මඟින් අධිකරණයට කරුණු වාර්තා කර දැනටමත් නීතිමය පියවර ගෙන ඇති බවයි. ව්‍යාපාරිකයෙකු විසින් අනවසරයෙන් ගොවිපළක් සහ ඇඟලුම් කර්මාන්තශාලාවක් ඉදිකිරීමට එරෙහිව පවරා ඇති නඩුවක් මෙලෙස විකෘති කරමින් ත්‍රස්ත කඳවුරක් ලෙස හුවා දැක්වීමට සැකකරු උත්සාහ කර ඇති බවට හෙළි වී තිබේ.


ව්‍යාජ හැඳුනුම්පත් 3ක් සහ අපරාධ වාර්තා


සැකකාර සංගීත් ජයසේකර සන්තකයේ තිබී ජාතික හැඳුනුම්පත් තුනක් සොයාගෙන ඇති බවත්, ඔහු ව්‍යාජ අනන්‍යතා භාවිත කරමින් කටයුතු කර ඇති බවට තොරතුරු අනාවරණය වන බවත් පොලිසිය අධිකරණයට දැන්වීය. ඔහු ලියාපදිංචි අපරාධකරුවන්ගේ (IRC) ලැයිස්තුවේ නම සඳහන් පුද්ගලයෙකු බවට අනාවරණය වී ඇති අතර, සැකකරුගේ දුරකථන වාර්තා සහ බැංකු ගිණුම් වාර්තා කැඳවා මූල්‍ය හෝ වෙනත් බාහිර මෙහෙයවීමක් සිදුව ඇත්දැයි පුළුල් විමර්ශනයක් අරඹා තිබේ.

ජාතීන් අතර අසමඟිය ඇති කිරීම, සාමයට බාධා කිරීම සහ මහජන කැළඹීමක් ඇති කිරීමේ අරමුණින් මෙම අසත්‍ය තොරතුරු ප්‍රචාරය කර ඇති බැවින්, දණ්ඩ නීති සංග්‍රහයේ 120 සහ 485 වගන්තිවලට අමතරව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති (ICCPR) පනත යටතේ ඉදිරියේදී නඩු පැවරීමට පොලිස් නීති කොට්ඨාසයෙන් ලිඛිත උපදෙස් ඉල්ලා ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.


මාධ්‍ය ආයතන 8ක දර්ශන පරීක්ෂාවට


අදාළ ප්‍රකාශය විකාශය කළ සිරස, ජාතික රූපවාහිනිය, දෙරණ, ස්වර්ණවාහිනී, ස්වාධීන රූපවාහිනිය, හිරු, සියත සහ වී එෆ්.එම් ඇතුළු මාධ්‍ය ආයතනවලින් ලබාගත් සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන (Raw footage) විමර්ශන සඳහා යොමු කර ඇති බව විමර්ශන නිලධාරීහු අධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්හ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 16 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරමින්, සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගති වාර්තාවක් එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...